POSTED ON Saturday, July 13, 2013| | Edit Post
පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී, මෙරට දුම්රිය ගමනාගමනයට නව සංධිස්ථානයකට ගෙන එමින් දියත් වුණු එක්ස්පෝ රේල්, මේ වන විට ශී‍්‍ර ලංකාව පුරා ගමනාන්ත සතරක් වෙත සිය සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි. ගෙවී ගිය මාස අට පුරාවට බදුල්ල, මහනුවර, ති‍්‍රකුණාමලය හා වවුනියාව යන ගමනාන්තයන් වෙත එක්ස්පෝ රේල් හි සුඛෝපබෝගී දුම්රිය මැදිරිවලින් ගමනාගමනයේ යෙදුණු මගීන්ගේ ප‍්‍රමාණය 25,000 ද ඉක්මවා තිබේ. මෙරට දුම්රිය ගමනාගමන වංශකථාවට නවමු අත්දැකීමක් එක් කළ එක්ස්පෝ රේල්, සිය සේවාවන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගෙන යන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී.

එක්ස්පෝ රේල් හි ගමනාගමනයේ යෙදෙන මගීන් හට සුවපහසු, සුඛෝපභෝගී මෙන්ම ඊටම අනන්‍ය වූ චාරිකා අත්දැකීමක් සහතික කිරීම එක්ස්පෝ රේල් හි සුවිශේෂීත්වයයි. එක්ස්පෝ රේල් හි දුම්රිය ගමන් මැදිරි සකස් කොට ඇත්තේ පෙර කී අත්දැකීම එහි ගමන් ගන්නා සියලූම දෙනාටම එක හා සමාන අයුරින් වීම ඊට ප‍්‍රධානතම හේතුවයි. එමෙන්ම දුම්රිය පරිවහණය සඳහා වර්තමානයේ දී යොදා ගන්නා අති නවීනතම තාක්‍ෂණයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ වූ, එක්ස්පෝ රේල් දුම්රිය මැදිරිවල ගමන් ගැනීමේ දී එහි සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් සලසනු ලබන ආගන්තුක සත්කාරයන් ද මෙහි දි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.


මුළුමනින්ම වායු සමීකරණය කරන ලද මෙම දුමරිය මැදිරිවල ආසන තමන්ට රිසි පරිදි සකසා ගත හැකි ආකාරයෙන් නිමවා ඇති නිසා මගීන්ට ඉන් ලැබෙන සුවපහසුව හා විවේකාස්වාදය අතිමහත්ය. දුම්රිය ගමනාගමනයට නව මානයක් එක් කරමින්, චාරිකාවේ යෙදෙන අතරතුර දී මගීන් හට ආහාර පිළිගැන්වීමේ ක‍්‍රමය ද එක්ස්පෝ රේල් විසින් හඳුන්වා දෙන ලද්දේ මෙම සේවාව පිළිබඳ ඉහළ වටිනාකමක් එක්කරමිනි. එමෙන්ම සෑම ආසනයකටම, විදුලිබලය සපයා ගත හැකි ආකාරයෙන් තනි තනි විදුලි බල සැපයුම් ස්ථාන (Power outlets) සවිකර තිබෙන නිසා දීර්ඝ චාරිකාවක දී, ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කර ගැනීම, ලැප්ටොප් පරිගණකයක් කි‍්‍රයාත්මක කිරීම වැනි දැ සඳහා එය ඉමහත් ප‍්‍රයෝජනයක් ලබා දේ. තවද මෙම දුම්රිය මැදිරිවල දී උස-ත්‍ස පහසුකම ද නොමිලයේ ම ලබා ගත හැකිවේ. එහි ඇති පුළුල් තිර LCD රූපවාහිනී තුළින් මගීන් හට සිය සංචාරය තවදුරටත් සුවපහසු මෙන්ම විනෝදකාමී එකක් කරවන බවට කිසිදු සැකයක් නැත. එසේම මගීන් හට පුද්ගලිකවම සේවා අවශ්‍ය කෙරෙන ප‍්‍රථමාධාර ලබා දීම් වැනි අවස්ථාවන් හිදී ද එක්ස්පෝ රේල් කාර්ය මණ්ඩලය සිය සුහදශීලී සේවාවන් පිරිනැමීමට නිබඳවම ඇප කැප වී සිටී.


මෙහිදී අදහස් දක්වමින් එක්ස්පෝ රේල් හි සහකාර කළමනාකාරිණී (ව්‍යාපාර සංවර්ධන හා පරිපාලන), අම්රා සරීර් මෙනවිය මෙසේ සිය අදහස් පළ කළාය. ‘‘මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂ අදියරක් ලෙසින් සම්පූර්ණ එක්ස්පෝ රේල් දුම්රියක් පසුගිය දා, නානු ඔය දක්වාගමන් කරනු ලැබ නැවත ආපසු කොළඹට පැමිණියා. එහි ගමන් ගත් සියලූ දෙනාම පාහේ මෙරට සංචාරය සඳහා විවිධ රටවලින් පැමිණ සිටි සංචාරකයින්. එම දුම්රිය චාරිකාවට ඔවුන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර ඉතාමත් ධනාත්මක මෙන්ම සැබෑ ලෙසින්ම අපව දිරිගන්වන සුළු ඒවා වුණා. එය මෙරට සුඛෝපභෝගී දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් ඉතා හොඳ පෙරනිමිත්තක් බව අපගේ අදහසයි’’.

එක්ස්පෝ රේල් පිළිබඳ අදහස් දක්වමින් හනීෆ් යූසුෆ් මහතා මෙහිදී පළ කළේ මෙවැනි අදහසකි. ‘‘චාරිකාවක් තුළ දී ඇතිවිය හැකි  ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා අප සතුව නිවැරදිව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සිටින බව සහතික වශයෙන් කියන්න පුළුවන්. මෙම දුම්රිය ශී‍්‍ර ලංකා දුම්රිය සේවය තුළින් කි‍්‍රයාත්මක වුණත්, හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එහි ගමන් ගන්නා මගීන් පිළිබඳ සියලූ වගකීම අප සතු වෙනවා. මෑතක දී ති‍්‍රකුණාමලය, මහනුවර හා බදුල්ල මාර්ගයන් හිදී සිදුවුණු දුම්රිය පීලි පැනීමේ තත්ත්වයන් මීට උදාහරණ ලෙස ගෙන හැර දැක්විය හැකියි. එම අවස්ථාවල දී මගීන් ආරක්‍ෂිතව ඔවුන්ගේ ගමනාන්ත වෙත රැගෙන යාම සඳහා උපස්ථ (Backup) මෙහෙයුමක් ඔවුන් කි‍්‍රයාත්මක කළා. මෙහිදී අපගේ මගී ජනතාව ඉවසීමෙන් යුතුව අප වෙත දැක්වූ සහයෝගය පිළිබඳව අප ඉතා ස්තුතිවන්ත වෙනවා. එසේම අදාළ දුම්රිය ස්ථානයන් හි දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ඒවායෙහි කාර්ය මණ්ඩලයන් විසින් අප වෙත දැක්වූ සහයෝගයටත් අප ඉතා කෘතඥ වෙනවා’’.

‘එක්ස්පෝ රේල්’ යනු එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් විසින් පවත්වාගෙන යනු ලබන අතිසුඛෝපභෝගී දුම්රිය සේවාවකි. එය මෙතෙක් කලක් මෙරට අඩුපාඩුවක්ව පැවති සුඛෝපභෝගී දුම්රිය චාරිකා සඳහා මගීන් හට පළමු පංතියේ සේවාවක් සේවාවක් ලබා දෙන බව අවිවාදයෙන් යුතුව කිව හැකිය. ශී‍්‍ර ලංකාව යනු ‘‘අනිවාර්යයෙන්ම පැමිණිය යුතු’’ සංචාරක ගමනාන්තයක් ලෙසින් මේ වන විට හඳුන්වා දී තිබෙන බැවින් සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා මෙවැනි නව කර්තව්‍යයන් සඳහා මුල පිරීම අත්‍යවශ්‍ය සාධකයකි.

එක්ස්පෝ රේල් හි ගමන් කිරීමට සූදානම් සියලූම මගී ජනතාව වෙනුවෙන් සලසන ලද තවත් වටිනාකම එක් කරන ලද සේවාවක් ලෙස අන්තර්ජාලය හරහා මෙහි ආසන වෙන්කිරීමේ පහසුකමද හැඳින්විය හැකිය. ඒ සඳහා  www.exporail.lk  වෙබ් අඩවිය ඔබ වෙනුවෙන්ම කැප වී සිටී. එමෙන්ම සතියේ දින 7 දීම පැය 24 පුරාම විවෘත 0115-225050 හෝ 0114-524190 ක්‍ෂණික පාරිභෝගික ඇමතුම් අංක හරහා ද මගීන්ට එක්ස්පෝ රේල් ගමන් විස්තර පිළිබඳ දැනගත හැකිවේ.

වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති කරුණක් ලෙස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තුළින් මිහිකත රැුක ගැනීම දැක්විය හැකිය. ඒ සඳහා දුම්රිය ගමනාගමනය ඉතා යහපත් ප‍්‍රවාහන මාදිලියක් ලෙසින් මේ දිනවල ප‍්‍රවර්ධනය කෙරෙමින් පවතී. පර්යේෂණ වාර්තා දක්වන පරිදි ගුවන් යානා හා මෝටර් රථවලින් පරිසරයට කෙරෙන හානියට වඩා දුම්රිය තුළින් පරිසරයට කෙරෙන හානිය පවතින්නේ බෙහෙවින් අවම මට්ටමකය. මෙය ජෙට් ගුවන් යානා හා සන්සන්දනයේ දී, ඒ සඳහා දුම්රිය පරිවහනය යොදා ගන්නේ නම් බලශක්තිය 70% කින් ද වායු දූෂණය 85% කින් ද අවම කර ගත හැකි බව හෙළි වී ඇත. එකම ගමනාන්තයට ගමන් ගන්නා දුම්රියක් සැලකූ කල, එක් මගී කිලෝ මීටරයකට එය ගුවන් යානයකට වඩා 17 ගුණයකින් ද, මෝටර් කාරයකට වඩා 5 ගුණයකින් ද ඉන්ධන ඉතිරියක් සිදුකරන බව එහි වැඩිදුරටත් කියැවේ. 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ස්පෝ රේල් තුළින් ගමන් ගන්නේ නම්, කුලී රථ 6 කින් ඔවුන් ගමන් ගැනිමේ දි වැය වන  ඉන්ධන වියදම 30 ගුණයකින් අඩුවන බව අදහසයි.
facebook පේජය - Expo Rail
















උපුටා ගෑනීම -  lankabusinessnews.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews