POSTED ON Saturday, July 13, 2013| | Edit Post
ලංකාවේ TV චැනල් දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් නරඹන්න MobiTV Sri Lanka.
ශ්‍රී ලාංකීය ජංගම දුරකථන පරිශීලකයින්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිබඳවම කටයුතු කරන භාෂා ලංකා සමාගමෙන් දැන් තවත් එවැනිම නිපැයුමක් එළිදක්වා තිබෙනවා. ඒ තමයි ඔබ ලෝකෙ කොහේ සිටියත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් ලංකාවෙ TV චැනල් ඕනෑම එකක් නැරඹිය හැකි MobiTV නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩසටහන.

MobiTV හරහා ඔබට ලංකාවෙ රූපවාහිනී නාලිකා වල නිළ අන්තර්ජාල විකාශයන් සියල්ල ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් එකම ඇප් එකක් හරහා නැරඹීමේ අවකාශ සැලසෙනවා. දැනට අන්තර්ජාල විකාශයන් පවතින සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නාලිකාවක්ම පාහේ MobiTV හි ඇතුළත්. 


ශ්‍රී ලංකා‍ ක්‍රිකට් පිළ සහභාගී වන ක්‍රිකට් තරඟයන් පවතින දින වලදී, එම තරඟයන්ද MobiTV ඔස්සේ ඔබට නැරඹිය හැකි වීම MobiTV හී තවත් විශේෂත්වයක්. එහිදී එම සජීවී විකාශ‍යන් MobiTV ඔබ වෙත ගෙන එන්නේ එම තරඟයන්ගේ නිළ අන්තර්ජාල විකාශයන් හරහායි.

තාක්ෂණිකව MobiTV යනු සජීවී වීඩියෝ ප්‍රවාහ වැඩසටහනක් (Live video streaming app) වන අතර 2G, 3G, 4G හෝ Wi-Fi යන ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා MobiTV මඟින් රූපවාහිනිය නැරඹිය හැකියි.

MobiTV ඇප් වැඩසටහන ඔබට Google Play හරහා නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැකි අතර අන්තර්ජාලය හරහා වීඩියෝ ප්‍රවාහ කිරීමේදී ඒ සඳහා අදාළ අන්ර්ජාල දත්ත ගාස්තු පමණක් අයවිය හැකියි.

Download MobiTV: MobiTV | Sri Lanka TV
Facebook page: Mobi TV Sri Lanka facebook page

All Bhasha Apps: click here
Bhasha website: www.bhasha.lk





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews