POSTED ON Sunday, July 21, 2013| | Edit Post
ලොව පුරා විසීරී ඇති ශ්‍රී ලාංකික වෙබ් අඩවි බ්ලොග් අඩවි ඇතුලු සියලූම වෙබ් අන්තර්ගත එකම තැනක ලැයිස්තු ගත කරන්න පුලුවන් නම් ඒක අපි හැමෝටම ගොඩක් පහසුවක්. මොකද අපිට අවශ්‍ය වර්ගයේ අඩවි අදාල කැටගරි යටතේ ඉක්මණින් හොයාගෙම අපේ කාර්‍යය කරගන්න ඒකෙන් පහසු වෙනවා. ඒ වගේම අපිට හමු නොවීමට ඉඩ ඇති වෙබ් අඩවි බ්ලොග් අඩවි පවා පහසුවෙන් නරඹන්නන් වෙත යවන්නත් අපට පුලුවන්.

වැඩ සටහනේ තවත් එක් මූලක අරමුණක් තමයි සුප්‍රසිද්ධි වෙබ් අඩවි හිමි වෙබ් ක්ෂේත්‍රයෝ සහ බ්ලොග් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එකම තැනකට එකතු කොට ක්ෂේත්‍රයේ ආධුනිකයින්ට ඔව්න් සමග කතා බහ කරමින් අලුත් දේ කිරීමට ඉඩ සලසා දීම. දවසින් දවස දියුණු වෙන වෙබ් කළාව තුළින් ප්‍රවීණ ආධුනික අපි හැමෝම එකතු වෙලා තමන්ට වගේම රටට ජාතියට සමාජයට දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපි හැමෝම එකම තැනකට එකතුවෙලා අන්තර්ජාලය තුළින් විනෝද වෙනවාට වඩා දෙයක් කරන්න පුලුවන්. හැමෝගෙම අදහස් හැමෝගෙම හැකියාවන් එක්ක ගොඩක් දේවල් කරන්න පුලුවන්.

දැනට වෙබ් ගීක් වැඩසටහනේ පරීක්ෂා කිරීමෙ වැඩසටහනක් තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා සෑම ක්‍රියාවලියක්ම තවමත් ක්‍රියාත්මක කරලා නෑ. දැනට,

* වෙබ් හිමි කරුවන්ට තම වෙබ් අඩවි වැඩසටහනට එකතු කිරීමට
* තම අඩවි වල විස්තර වෙනස් කිරීමට
* තම අඩවි සදහා වෙබ් ගීක් ගැජට් එකක් ලබාගැනීම
* වෙබ් නරඹන්නන්ට විවිධ වෙබ් අඩවි වලට ප්‍රථිචාර දැක්වීමට
* වෙබ් අඩවි Rate කිරීමට මූලික වශයෙන් හැකියාව තියෙනවා.

ඔනෑම කෙනෙකුට තමන්ගේ වෙබ් අඩවි බ්ලොග් අඩවි වෙබ් ගීක් වෙත එකතු කිරීමට හැකියාව ලැඛෙන අතර එකතු කරන අඩවිය අදාල ගීක් වරයාගේ නොවන බවට තහවුරු වුවහොත් එය නිවරදි පුද්ගලයාට ලබාදෙන බවත් කරුණාවෙන් දැනුම් දෙමි.
ස්තූතියි, 
Chanux 
මෙතැනින් පිවිසෙන්න -  http://www.geek.lk/plugin/webgeek/main






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews