POSTED ON Thursday, July 18, 2013| | Edit Post
බළන්ගොඩ ඛෙලිහුල්ඔය කිංචිගුණේ පිහිටි සමනල වැව ආශ්‍රිතව යපස් යකඩ බවට පත්කිරීමේ පර්යේෂණ කටයුත්තක නිරතවීමට එංගලන්ත මහාචාර්ය වරියකවන ජිල් ජුලීෆ් මහත්මිය පැමිණ  සිටින්නීය. 
16 වැනිදා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද යපස් උණුකිරීමේ උඳුන් දෙකකට ගිනිදැල්වීය. මෙම උඳුන් වසර 1800 ක්පමණ ඉපැරණි බව කියන උඳුන් 03 ක් සමනලවැව තැනීමට පෙර කළ ගවේෂණයෙන්  හමුවීය.

එම උඳුන්  දෙකක් අලුත්වැඩියා කොට නව පර්යේෂණ 17 වැනිදා එම සැකසී තිබුණයකඩ උඳුනෙන් එළියට ගත් අතර  එය ඉතා සාර්ථක බව මහාචාර්යවරිය  පැවසුවාය.

අතීතයේ සුළං උපයෝගී කරගෙන මෙම යකඩ කර්මාන්තය සිදු කර ඇති අතර මෙම සම්ප්‍රදායික ක්‍රමය අනුව වසරකට යකඩ ටොන් 4000 ක් පමණ නිපදවන්නට ඇති බව ඒ පිලිබඳ තතු දත්තෝ  පවසති. මෙම ස්ථානයේ තිබ් යකඩ නිෂ්පාදනයට යොදාගත් උඳුන් තුනක් හා යබොර හා වළංකටු සොයාගෙන ඇත.
කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, ඉඹුල්පේ, හතරබාගේ  අලූත්නුවර පීලිපන මැදහින්න ඛෙල්ලන්කඳුර කලුවැල්පේ නැඳුන්ගමුව පඹහින්න මහතැන්න ප්‍රදේශවල ද මෙම කර්මාන්තයේ යෙදුන බවට පර්යේෂණයෙන් අනාවරණය වී ඇත .

මහාචාර්ය ජිල් ජුලීෆ් මහත්මිය 1993 වසරේද සමනල වැව ආශ්‍රිතව දිගුකාලයක් පර්යේයේෂණ කාර්යේ නිරතවුවාය මහාචාර්යවරිය පැවසූවේ දීර්ඝකාලීනව බොහෝ මහක්සිවී ක්ෂේත්‍ර අධ්‍යනයකින් පසුව මෙම අනාවරණයන් කර ගැනිමට හැකිවූ බවයි. කොළඹ නැව්තටාකාාංගන සමාගම හා එස් ආර් ස්ටීල්  සමාගමඑක්ව පර්යේෂණ කාර්යට ලක්ෂ10 ක පමණ මුල්‍ය අනුග්‍රහයක් දැක්වු බව කොළඹ නැව්තටාතාංගන සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ මංගල පී.බී.යාපා මහතා කීවේය.

වසර ගනනක සිට සම්ප්‍රදායිකව පැවතුන අපේ දෙයක් දේශිය දෙයක්  බටහිරට නැඹරු නොවී අනාගතයට අවශ්‍ය පරිදි අතීත තාක්ෂණය හැදෑරීමෙන් වැරදුණු තැන් නිවැරදි කරගෙන අනාගතයට උරුම කිරිම කාලීන වගකිමක් හා යුතුකමක් සේ සලකා මෙම කටයුත්තට දායකවන බව කීවේය.එස් ආර් ස්ටීල්  සමාගමේ වානිජ කළමණාකාර රෝහණ විදානගමගේ  පැවසුවේ ජාතික උරුමයන් පණගැන්වීම උදෙසා  හා ඉදිරි අනාගතයට දැකිය හැකිවන සේ සංරක්ෂණය කිරීම ට දායකවීමට ලැබීම සතුටක් බවයි.





උපුටා ගෑනීම - http://www.lankadeepa.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews