POSTED ON Saturday, June 29, 2013| | Edit Post

මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස්‌ තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක්‌ හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා වි`දිමින් උන්නෙමු. 

අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැ`ගීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැ`ගීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි. 

මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක්‌ වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක්‌ ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක්‌ රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළ`ද සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක්‌ රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.



කමල් එදිරිසිංහ විසින් කළ නිර්මාණය ගැන කියන්නට පෙර කමල් එදිරිසිංහ කවරෙක්‌දැයි හ`දුනා ගැනීම වටින්නේය. එල්ලක්‌කල මහා විද්‍යාලයෙන්ද, ඌරපොල මහා විද්‍යාලයෙන්ද, අනතුරුව වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලබන කමල් එදිරිසිංහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළුවන ගැමි දරුවෙකි. පසුකාලයේදී මොරටුව ඉංජිනේරු පීඨයෙන් බිහි කළ විශිෂ්ඨ ඉලෙක්‌ට්‍රොනික්‌ ඉංජිනේරුවරයෙක්‌ ලෙස ලෝකය හමුවේ ඇගැයීමට ලක්‌වූවෙකි. මෘදුකාංග සැලසුම් ශිල්පියෙක්‌ ලෙස නෝර්වේ සීමන්ස්‌ ආයතනයට ලද තුන් මසක ශිෂ්‍යත්වයකින් පසුව ස්‌වීඩනයේ එරික්‌සන් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්‌ ලෙසත්, ඇමරිකාවේ නවිනි නෙට්‌වර්ක්‌ ආයතනයේ ආසියා µeසිපික්‌ කලාපය භාර ඉංජිනේරුවරයා ලෙසත්, මයික්‍රොසොµaට්‌ සමාගම හැරුණු විට ලොව දැවැන්තම මෘදුකාංග සමාගම වන ඇමරිකාවේ සිස්‌කෝ සිස්‌ටම්ස්‌ ආයතනයේ එක්‌ අංශයක ආසියා µeසිපික්‌ කලාපය භාර ඉංජිනේරුවරයා ලෙසත්, කටයුතු කළ හෙතෙම 2010 දී සිය මවු රටට පැමිණෙන්නේ ජර්මනියෙන් ලද අසිරිමත් රැකියා අවස්‌ථාවක්‌ ප්‍රතික්‌ෂේප කිරීමෙනි. කමල් දැනට එක්‌ස්‌ට්‍රීම් නෙට්‌වර්ක්‌ නැමැති ඔස්‌ටේ්‍රලියානු ආයතනයේ ප්‍රධාන ජාල ඉංජිනේරුවරයාය. ඔහුගේම බ්‍රාවෝ සොලුයුෂනස්‌ ශ්‍රී ලංකා ආතයනයේ ප්‍රධාන විධායක වරයාය. මත්තල ගුවන්තොටුපළේ පරිගණක පද්ධතිය අන්තර්ජාල පද්ධතිය හා දුරකථන පද්ධතිය ජාලගත කළ ඉංජිනේරුවරයාය. මේ 39 හැවිරිදි ඉංජිනේරුවරයා දැන් අප ඉදිරියට පැමිණ සිටින්නේ මේ රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් කළ විශිෂ්ට නිමැවුමක්‌ද සමගිනි. 

ඒ නිමැවුමේ අසිරිය ගැන කතා කරන්නට කමල් එදිරිසිංහටම ඉඩ දී නිහ`ඩව අසා සිටියෙමු.

මේ පුංචි උපකරණය මා නම් කළේ කිලර් වෝට්‌ කියලා. එය ගෙදරක විදුලිය පිරිමහගන්න හදපු උපකරණයක්‌. මං මේක හදන්න හිතුවෙ මීට අවුරුදු එකොළහකට කලින්. ඒ වෙනකොට මං ක්‌ෂේත්‍රයේ පරීක්‌ෂණ හා සංවර්ධන අංශයෙන් ශිෂ්‍යත්වයක්‌ ලැබිලා ස්‌වීඩනයේ ප්‍රධානම ඉලෙක්‌ට්‍රොනික්‌ පරීක්‌ෂණාගාරයක්‌ වෙන Comnet Labs හි සේවය කරමින් හිටියා. මේ නිර්මාණයට අඩිතාලම වැටෙන්නෙ මට මුහුණ දෙන්න වෙන අත්දැකීමක්‌ එක්‌ක. මා එහි ඉන්න කාලෙ මට නවතින්න දීලා තිබුනෙ වෙනම පුංචි එපාර්ට්‌මන්ට්‌ එකක්‌. ඒකෙ කරන්ට්‌ බිල ගෙවන්න වුණේ මටමයි. ශිෂ්‍යත්වෙන් මට ලැබෙන මුදලත් එක්‌ක මාසිකව මට එන කරන්ට්‌ බිල බර වැඩියි. මං කල්පනා කළා මට වැඩිපුරම විදුලිය වැය වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම විදුලිය වැඩියෙන් ගියෙ ෆ්‍රිඡ් එකට. මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න විදුලිය පිරිමහගෙන ෆ්‍රිඡ් එක ක්‍රියාත්මක කළ හැකි විදිහක්‌ මං ඩිසයින් කළා. Comnet Lab එක අසීමිත සම්පත් තිබුණ තැනක්‌. මට එතැනදි කැමති විදිහට මේ අත්හදා බැලීම කරන්න ඉඩ ලැබුණා. මං මගෙ පාවිච්චියට වෝට්‌ කිලර් උපකරණයේ මූලිකම අවස්‌ථාව නිර්මාණය කරගත්තා. වැඩේ සාර්ථක වුණා. ඉන් පස්‌සෙ අවුරුදු දහයක්‌ විතරම මේ උපකරණය පිළිබ`ද සැලසුම් ටික මගෙ ළ`ග තිබුණා. ඒක වැඩි දියුණු කරලා නිර්මාණයක්‌ කරන්න මට ඉඩක්‌ ලැබුණෙ නෑ. මේ නිර්මාණය ටිකක්‌ දියුණු කරලා අපේ මිනිස්‌සුන්ට දෙන්න ඕන කියලා හිතුවෙ 2011 දි. පහුගිය කාලෙදි වැඩි වෙච්චි විදුලි බිලත් එක්‌ක මිනිස්‌සු පීඩාවට පත්වෙනවා දැක්‌කම මේ නිර්මාණය තවත් දියුණු කරන්න කල්පනා කළා. මේ ඒකෙ ප්‍රතිඵලයක්‌. 

ඇත්තටම සාමාන්‍ය ගෙදරක වැඩිපුරම විදුලිය වැය වෙන්නේ ශීතකරණයට. දොර දෙකේ ශීතකරණයකට ඒකක 55 සිට 60 දක්‌වා ප්‍රමාණයක්‌ වැයවෙනවා. සාමාන්‍ය මධ්‍යම පන්තික නිවසක වායු සමීකරණ පාවිච්චි වෙන්නෙ විරලව. ගෘහස්‌ථ වායු සමීකරණ යන්ත්‍රයකට මාසයකට වැයවන විදුලි ඒකක ගණන ඒකක 130 සිට 300 දක්‌වා වෙනවා. මේ විදුලි උපකරණ දෙවර්ගය තමයි දවස පුරාම අඛණ්‌ඩව නිවසක භාවිත කරන්නේ. විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි දිස්‌ත්‍රික්‌ක වැනි උපකරණ අපි නිතරම පාවිච්චි කරන්නෙ නෑ. ඒ නිසා ඒවා පාවිච්චියෙදි වැයවන විදුලි ප්‍රමාණය අපි දිනකට පරිභෝජනය කරන විදුලිය එක්‌ක බලනකොට පොඩි අගයක්‌. 

මගේ අත්දැකීම මේ එක්‌ක ගලපාගන්න මං කල්පනා කළා. මං කිලර් වෝට්‌ උපකරණය නිර්මාණය කළේ මේ ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් වන විදුලි පිරිවැය අඩු කරගන්න. ඉලක්‌ක කළේ මේ මගින් ගෙදරක විදුලි බිල සියයට තිහේ සිට සියයට හතළිහ දක්‌වා අඩු කරගන්න. දොර දෙකේ ශීතකරණයක්‌ තියෙන, මාසික විදුලි ඒකක 120 ක්‌ පාවිච්චි කරන පවුලකට කිලර් වොට්‌ උපකරණය පාවිච්චියෙන් විදුලි බිල ඉතා පැහැදිලිව සියයට පනහක්‌ දක්‌වා අඩු කරගන්න පුළුවන්.

ඇත්තට කිලර් වොට්‌ උපකරණය නිර්මාණයේ මූලික සිද්ධාන්තය වුණේ ශීතකරණයට හෝ වායුසමීකරණ යන්ත්‍රයට ලබා දෙන විදුලිය පාලනයක්‌ සහිතව ස්‌වයංක්‍රීයව සුළු වේලාවක්‌ නිවා දැමීමයි. එය අපේ සමහරු කරනවා වාගේ රාත්‍රි කාලයට ශීතකරණය ක්‍රියා විරහිත කරදමා දවාලට සක්‍රීය කරන ඉතා අවිධිමත් ක්‍රමය නොවෙයි. කොටින්ම මින් සිද්ධ වෙන්නෙ විදුලිය ආරක්‌ෂා කරගන්නා මට්‌ටම් 9 ක්‌ සහිතව එන වොට්‌ කිලර් උපකරණයෙන් අප විසින් තෝරා ගන්නා මට්‌ටමකදී සුළු වෙලාවක්‌ විදුලිය විසන්ධි කර තැබීමයි. මේ විදුලිය ආරක්‌ෂා කරගන්නා මට්‌ටම රාත්‍රි කාලයේදී හා දවල් කාලයේදිත්, ශීතකරණයේ භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ ඇති අවස්‌ථාවකත් අවශ්‍ය පරිදි සකසා ගන්න පුළුවන්. එතකොට ශීතකරණයේ සීතල පහත නොබසින විදිහට විදුලි බලය ආරක්‌ෂා වෙනවා. තේරුම් ගන්න ඕන මෙය ශීතකරණයක තියන සිසිලස පාලනය කරන තර්මොසෙට්‌ උපකරණයට වඩා වෙනස්‌ එකක්‌ බව. තර්මොසෙට්‌ උපකරණයෙන් සිද්ධ වෙන්නේ උෂ්ණත්වය පාලනය කිරීමක්‌. එහෙම නැතිව බලශක්‌තිය ඉතිරි කිරීමක්‌ නොවේ. කිලර් වොට්‌ උපකරණයෙන් වෙන්නෙ බලශක්‌තිය ඉතිරි කරමින් කාල කළමණාකරණය කිරීමක්‌. 

ෆ්‍රිඡ් එකකට විදුලිය ලබාදීම හෝ විසන්ධි කිරීම සරල ටයිමරයක්‌ මගින් කරන්නත් පුලුවන් . එහෙත් ඒ මගින් ශීතකරණයේ කොම්ප්‍රෙසරයට හානි වෙන්න පුළුවන්. කිලර් වෝට්‌ උපකරණය ශක්‌ති සංවේදයක පරිපථයක්‌ මගින් හැම වෙලාවෙම කොම්ප්‍රෙසරයට යන විදුලි බලය මනිනවා. සුදුසුම අවස්‌ථාවේදී විතරක්‌ ශීතකරණයට ලැබෙන විදුලිය විසන්ධි කිරීම හෝ විදුලිය ලබා දීම සිදු කරනවා. මේ නිර්මාණය ගැන වැඩි තොරතුරු අපි www.bravosl.com වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරලා තියනවා. දැනට මා මේ උපකරණය හදන්න යොදවලා තියෙන්නෙ මගෙ ගමේම තරුණයෝ තුන්දෙනෙක්‌. ඔවුන්ව මේ කටයුත්තට යොදවන්නෙ ඒ අයට ජීවන වෘත්තියක්‌ නිර්මාණය කරලා දෙන්න. නිශ්චිත ක්‍රමවේදයකට උපකරණයේ ප්‍රමිතිය මා විසින් අධීක්‌ෂණය කරනවා. 

මීට අමතරව මං ගෘහ විද්යුත් උපකරණයක් අවශ්‍ය ඕනෑම වෙලාවකදි පණගැන්වීම හෝ බලය විසන්ධි කිරීම ස්‌වයංක්‍රීයව සිදුකළ හැකි TimeTRAP කියන උපකරණය ඇතුළු නව නිපැයුම් ගණනක්‌ නිර්මාණය කළා. එළවළු පලතුරු කල්තබාගත හැකි විජලකයක්‌ නිර්මාණය කළා. මේ විජලකය පිළිබ`ද තාක්‌ෂණික දැනුම රටත් එක්‌ක බොදාගන්න මා සූදානම්. 077 - 0884303 අංකයට ඔබට මා ඇමතිය හැකියි.

මා මේ දේ ඔබට කිවයුතුයි. අප මෙතෙක්‌ කතා කළ කිලර් වොට්‌ කියන්නෙ එක්‌ නිර්මාණයක්‌ පමණයි. ඊට කවුරුත් අත දෙන්නෙ නෑ කියන පසුතැවීම මට නෑ. මගෙ ජීවන වෘත්තිය හැදිලා තියනවා. මට අවශ්‍ය රටට මා යමක්‌ කළා කියන තෘප්තිය පමණයි. එත් මේ වාගෙ නිර්මාණ කරන්න පුළුවන් ඉතාම දක්‌ෂ තරුණ කොටස්‌ හැම අවුරුද්දකම අපේ රටේ විවිධ උසස්‌ අධ්‍යාපන ආයතන වලින් පිටවෙනවා. සමහර දරුවො ඉන්නවා උපතින්ම මේ හැකියාව සහිත. මේ මානව සම්පතින් ප්‍රයෝජනයක්‌ ගන්න පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ රටට නෑ. ඇත්තනම් ඔවුන් බොහෝ දෙනෙක්‌ අවසානයෙදී රට හැර යනවා. ලෝකය ඔවුන්ව වැළ`දගන්න විදිහ ගැන අත්දැකීම් මට තියනවා ඕනවටත් වඩා. මා හිතන්නෙ අපි රටක්‌ විදිහට කල්පනා කරන්න ඕන මොහොත දැන් ඇවිත් තියනවා. 

කමල් එදිරිසිංහලා අපට අවශ්‍ය ඔවුන් සතුව ඇති මහා අනර්ඝ දැනුම සම්පත නිසාම නොවේ. මේ මිනිස්‌සුන්ගේ චින්තනයේ ඇති ගාම්භීර ස්‌වරූපය නිසාය. මේ පොළොවෙන් උපන් සුව`ද නොදැනෙනවා නම් කමල් එදිරිසිංහලා මේ රටේ හතරමායිමේ පස්‌ පාගන්නේ නැත. රටින් තවත් යමක්‌ ප්‍රාර්ථනා නොකරන මේ මිනිසුන් රටට ලබා දෙන්නට හදන දේ ගෞරවනීය ලෙස ලබාගැනීමේ වගකීමවත් මේ රටට තිබේ. අපට තිබෙන ගැටලුව මේ මිනිසුන්ට ඒ ගෞරවයවත් දෙන්නට අප සූදානම්ද යන්නය.


මෙම උපකරණය ලබා ගැනීමට විමසන්න... කමල් එදිරිසිංහ 077 - 0884303 /


ඔබට මෙය මිලදී ගත හැකි වෙලදසැල් 
  • පානදුර "රන්දිනු" ස්ටෝර්ස් - 0759012366
    කළුතර රංග ස්ටෝර්ස්  - 075 9012366
    නිට්ටඹුව සවන සෙලියුලර්  - 0724074012
    කලගෙඩිහේන චෙරී ඉලෙක්ට්‍රොනික් -  0332289751
    සීදුව අයිවන් ඉලෙක්ට්රෝසර්ව් -  0773438122
    නොච්චියාගම S & H කොම්පියුටර් ටෙක්නොලොජීස්  - 0778503041



ජානක ලියනආරච්චි
http://www.divaina.com/ 2013/06/30/nimnaya

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews