POSTED ON Wednesday, February 12, 2014| | Edit Post
43 වැනි රොටඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උ‍ලෙළේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි 'නෙට්පැක්' සම්මානය දිනාගන්නට ප්‍රසන්න ජයකොඩිගේ '28' චිත්‍රපටය සමත් විය.
ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටඩෑම්හි පැවති 13 වැනි රොටඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උ‍ලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ප්‍රසන්නගේ '28' චිත්‍රපටය සමග චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය,
ජපානය,පිලිපීනය නියෝජනය කළ චිත්‍රපටකරුවන්ගේ සිනමා කෘති 8ක්ද තරග කරනු ලැබීය.

චිත්‍රපට උලෙළේ විනිශ්චය මණ්ඩලය ලෙස ඉන්දුනීසියානු චිත්‍රපට නිර්මාණකරුවෙකු වන පෝල් ඔගොස්ටා, තුර්කි සිනමා විචාරක හා ලේඛක ඩෙෆ්නි ගුර්සෝයි හා ඉන්දියානු මුම්බායි චිත්‍රපට උලෙළේ වැඩසටහන් අධ්‍යෂක අනූ රංගාචාර් කටයුතු කරනු ලැබූහ.
'තමන් අතහැර ගිය බිරිද නගරයේදී ඝාතනය වීමෙන් පසුව සිය බිරිදගේ දේහය ගමට රුගෙන එන්නට උත්සාහ දරන සැමියෙකු මුහුණ දෙන හැලහැප්පීම්'  පාදක කොටගෙන ප්‍රසන්න ජයකොඩි විසින් නිර්මාණය කොට ඇති '28' චිත්‍රපටයෙහි රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, සේමිනී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල හා රැක්මාල් නිරෝෂ් ආදීහු දායක වෙති.



'28' සිනමා කෘතිය නිෂ්පාදනය රසිත ජිනසේන, SKY Entertainers,Cognative Eagle හා Film Equipment Galleryවිසිනි.

Ada.lk 
Web hosting and web design in sri lanka

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews