POSTED ON Tuesday, February 18, 2014| | Edit Post
මෙරට සමාජ, ආර්ථික දියුණුවෙහිලා යහපත් න්‍යෂ්ටික තාක්ෂණය යොදාගැනීම උදෙසා බියගම ආයෝජන කලාපයෙහි ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙයි.

නව අධි තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන ආර්ථිකයක් කරා පිය නැඟීමට අඩිතාලම සකසමින් ඉදිකළ ‘ශ්‍රී ලංකා ගැමා සෙන්ටර්’ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් 17 වැනි සඳුදා විවෘත කිරීමට නියමිතය.


ගැමා කිරණ යොදාගනිමින් වෛද්‍ය උපකරණ ජීවාණුහරණය, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍යවල ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම, ආහාර කල් තබාගැනීම හා නව කාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු කෙරෙන අතර, මෙම යන්ත්‍රාගාරය විවෘත කිරීමත් සමඟ විශේෂ වාසි රැසක් හිමිවන බව අමාත්‍යාංශය පවසයි. ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය අත්‍යාවශ්‍ය වන කර්මාන්ත රට තුළ බිහිවීම, මේ වනවිට ජීවානුහරණය නොකර අපනයනය කරන ද්‍රව්‍ය ජීවානුහරණය කර අපනයනය කිරීම මගින් වැඩි වටිනාකමක් එක් කිරීම, දේශීය වෙළෙඳ පොළ සඳහා හොඳ ස්ථාවරතාවයක් ලබාගත හැකිවීම (කුළුබඩු හා මුහුදු ආහාර වැනි), දැනට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ භාවිතවන උපකරණවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ජීවාණුහරණය සඳහා භාවිත කරන හානිකර රසායන ද්‍රව්‍ය භාවිතය කර්මාන්ත ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, නව කාර්මික අමුද්‍රව්‍ය නිපදවීම (විකිරණ යොදාගෙන ස්වාභාවික රබර් වල්කනයිස් කිරීම වැනි) හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය ආශ්‍රිත කර්මාන්ත ඇරඹීමට දිරිදීම ඒ අතර ප්‍රධාන වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Source : ada.lk

ගැමා කිරණ යොදා ගනිමින් වෛද්‍ය උපකරණ ජීවාණුහරණය, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍යවල ක්ෂුද්‍රජීවින් විනාශ කිරීම, ආහාර කල්තබා ගැනීම සහ නව කාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදන කිරීම සිදුකෙරේ. ගැමා ප්‍රවිකිරණය භාවිතයෙන් ශ්‍රී ලංකීය රබර් අත්වැසුම් නිෂ්පාදකයින් හට විදේශ වෙළෙඳපොළ තුළ වැඩි ඉඩකඩක් ලබාගත හැකි අතර එමගින් දැනට ලබාගන්නා වටිනාකම මෙන් සියයට 400 ගුණයක වටිනාකමක් ලබාගත හැකිවනු ඇත.

Source : ada.lk


ශ්‍රී ලාංකීය අධි තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් බියගම ආයෝජන කලාපයේ ස්ථාපනය කරනු ලැබූ බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ වාණිජ මෙහෙයුම් කටයුතු ඇරඹීමට සියල්ල සුදානම් කර තිබෙන අතර වෛද්‍ය, කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධනයට ඍජු දායකත්වයක් ගැමා ප්‍රවිකිරණ සේවාව ඔස්සේ ලබාගත හැකි වෙයි.
නව කර්මාන්ත ඇරඹීමට, නව රැකියා අවස්ථා බිහිවීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කිරීමට මෙමඟින් අවස්ථාව හිමි වෙයි. ඊට අමතරව දේශීය සහ විදේශීය නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ දැමීමටත් දේශීය ආර්ථීකය නවෝත්පාදනය තුළින් ස්ථාවරව වර්ධනය කරගැනීමටත් ගැමා ප්‍රවිකිරණ සේවාව දායක කරගත හැක.
පළමු වානිජ මෙහෙයුම ලෙස ලලාන් රබර් පෞද්ගලික සමාගම දේශීයව නිෂ්පාදිත වෛද්‍ය ශෛල්‍ය අත්වැසුම් ජීවාණුහරණය කරන අතර දැනට ජීවාණුහරණය කිරීමකින් තොරව අපනයනය කරනු ලබන රබර් අත්වැසුම් ගැමා ප්‍රවිකිරණය හරහා ජීවණුහරණය කර අපනයනය මඟින් සියයට හාරසියයක ගුණයක ආදායමක් ගබාග/ත හැකි වෙයි.

Source dinamina.lk
Read more about Gamma Rays



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews