POSTED ON Friday, February 21, 2014| | Edit Post
මෙයට වසර 20කට පෙර ගෘහ සේවා රෑකියාවට  ඉතාලියට පෑමිණ අද වනවිට සේවකයන් අසුවක් සමග ආයතන තුනක හිමිකාරිත්වය දරන ශ්‍රි ලාංකික ව්‍යාපාරික යුවලක් බ්‍රේසියා නුවර සිටිති.
නිට්ටඹුව කිරිදිවැල ආනන්ද කුමාර සමරතුංග හා නිලන්ති රේණුකා ගමගේ තමන්ට අයත් පුලි සිස්ටම්, ලුක් සිස්ටම්, නින් ෆෙයා ආයතන තුනේ සේවකයින් සදහා සුහද හමුවක් පසුගියදා පැවැත්වූහ.
‘මමත් මගේ නෝනත් 1992 ස්විස්ටර්ලන්තයට ආවා. 94දි තමයි ඉතාලියට ආවේ. 98වෙනකම් ගෙවල්වල සාමානය රැකියා කළා. ඉන් පස්සේ අපි දෙන්නා තනියම මේ ව්‍යාපාරයට අත තිබ්බා.

2000 වෙනකොට හතර දෙනෙක් අප ළග වැඩ කළා. අද හැත්තෑවකට වැඩි පිරිසක් ඉන්නවා. මේ අය ඔක්කොම අපේ රටේ අය. ඉතාලියට අලුතෙන් එන අයට භාෂාව බැහැ. ඒ වගේම රැකියාවක් කරන්න අත්දෑකිම් නැහැ.
මම ඒ වගේ අයට රැකියා දෙනවා. ණයතුරුස් ගෙවා ගන්න දරු පවුල අම්මා තාත්තා නඩත්තු කරන්න  ඔවුන්ට ලොකු සහනයක් ඒක. මගේ නෝනා තමයි ආයතයේ ප්‍රධානියා. මම කරන්නේ සේවකයින්ට වෑඩ පවරන එක විතරයි. ‘ ආනන්ද සමරතුංග මහතා එසේ කියයි.
‘ ලංකාවේ අයත් එක්ක වැඩ කරන එක ලෙසි නැහැ. මම ටිකක් තදින් ඉන්නවා. මොනවා උනත් අපි යටතෙ ඉන්න සේවක මහත්තුරුන්ගේ කැප කිරිම නිසා තමයි මේ ආයතනය දිනෙන් දින ඉදිරියට යන්නේ. මේ හෑමදෙටම අපිට මග පාදලා දුන්න ජර්මනියේ ෆරයිබුක්වල ඉන්න ගිතිකා චාන්දනි සමරකොන් අපේ අක්කට අපි ස්තුතිවන්ත වෙනවා. නිලන්ති රෙණුකා මහත්මිය එසේ කියන්නීය.
‘මගේ පවුලේ ආර්ථික අපහසුකම් තියෙන අයට පිටවෙලා ඉන්න ඔනේ අනික් අය දිහා බලන්න ඉස්සර. ඉන් පස්සේ මම සමාජයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා.
ආයතන  සේවකයෙක් වන පුෂ්ප රෝහණ රත්නායක මෙසේ කියයි. මම මෙතෙන්ට ඈවිත් අවුරුදු එක හමාරයි. සේවක හාම්පුතුන් අතර හොද බැදීමක් තියෙනවා. මාසයකට සෑරයක් රෑස්විමක් තියෙලා කියන්නේ මේක තමුන්ගේ ආයතනය කියලා හිතන්න කියලයි. ගෙවිම් හුගක් හොදයි.
සමහර ඉතාලි ආයතන වල පවා නොගෙවන 13 වැනි 14 වැනි වැටුප් පවා අපිට ගෙවනවා. ඊට අමතරව සේවකයින්ට මරණාධාර සමිතියක් පවා මෙ ආයතනයේ තියෙනවා. නුවන් හරින්ද ආනන්ද සමරතුන්ග මහතා යටතේ සේවය කරන්නෙකි.
ඈතෑම්  ඉතාලි ආයතන වල නොමෑති තරම් පහසුකම් හා ගෙවිම් අපිට තියෙනවා. ඒ වගෙම මෙහෙ තියෙන ආගමික හා පොදු වෑඩවලදි අපේ ආයතන  කණ්ඩායම් වශයෙන් ගිහින් උදව් කරනවා. එල්ලෙ ක්‍රිඩාව ඉතාලියෙ ව්‍යාප්ත කරන්නටත් ආනන්ද මහත්තයා ලොකු කෑපකිරිමක් කරනවා.‘
Lankadeepa.lk 2014 පෙබරවාරි මස 21 12:21:07 | චමින්ද මඩවල
මේම ලිපිය ශ්‍රි ලංකාවෙ අන්තර්ජාලට එකතු කල පළමු (සිංහල) ජාතික පුවත්පත ලංකාදීප යෙන් උපුටා ගත් බව ස්තුතිපූර්වකව සඳහන් කරමු. 
Web hosting and web design in sri lanka
Web Hosting and Domains

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews