POSTED ON Monday, February 17, 2014| | Edit Post
බොහෝ දෙනකු අසා දැන කියාගෙන ඇති පරිදි රුහුණු කුමාරි,උඩරටමැණිකේ,යාල්දේවී තුන් නිවුන්සොහොයුරියන්ය යනකතාව සාවද්ය
තොරතුරකි. එම සාවද්යතොරතුර ජනතාව අතරටයාමට හේතු වී ඇත්තේදඅපූරු කතාවකි.

රුහුණු කුමාරිය ශීඝ්රගාමීදුම්රිය සේවයට එක්ව මාසහයකට පසුව කොළඹ සිටකන්කසන්තුරය දක්වාත්කොළඹ සිට බදුල්ලදක්වාත් ශීඝ්රගාමී දුම්රිය සේවා දෙකක් ඇරඹීමකෙරෙහි දුම්රියදෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නට විය.

ඒඅනුව කොළඹ සිටකන්කසන්තුරේ දක්වා වූදුම්රිය යාල්දේවී නමින්ද  කොළඹ සිට බදුල්ලදක්වා දුම්රිය උඩරටමැණිකේ නමින්ද ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරිණි.

ඉදිරි සැලසුමට අනුව නවදුම්රිය සේවාව පිළිබඳවජනතාව දැනුවත්කිරීමේ ප්රචාරකමාධ්යයක් ලෙසලංකාණ්ඩු දුම්රියසේවයේ නව දුම්රියයන්පිළිබඳව එක්තරා පුවත්පතකපළකළ දැන්වීමක් විය.

”ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප්රියංකර සොහොයුරියන් තිදෙනකු ඉදිරිපත් කරයි” යනුවෙන් සඳහන් වූ දැන්වීම දකින ඕනෑම අයකුට හැඟී යන්නේ 1955 ඔක්තෝබර් 24 ගමන් ආරම්භ කළ රුහුණු කුමාරියද අලූතෙන් ගමන් අරඹන බවය.


ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප්රියංකර සොහොයුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි යනුවෙන් සිරස්තල යොදා C.G.R යන ඉංග්රීසි අක්ෂර රූප සටහන මත පිළිවෙළින් G ඉංග්රීසි අක්ෂරය මත ඔසරියකින් සැරසීගත් කාන්තා රුවක් සිතුවම් කොට ඊට යටින් උඩරට මැණිකේ ලෙසද, R අක්ෂරය යොදා එහි දමිළ කතක් සේ කාන්තා රුවක් හැඳ එය යාල් දේවී ලෙසත්, ඍ ඉංග්රීසි අක්ෂරය යොදා එහි රෙද්දකින් සහ හැට්ටයකින් සැරසීගත් කාන්තා රුව යොදා ඊට යටින් රුහුණු කුමාරි
ලෙසත් නම් කොට එම දැන්වීමේම සුරක්ෂිතව ගමන් කරන්න, ලාබෙට
ගමන් කරන්න, දුම්රියෙන් ගමන් කරන්න යනුවෙන්ද සටහනක් තිබී ඇත.

දුම්රිය ගමන් කාල සටහනේද සටහන්ව අලූතෙන් ඇරඹෙන යාල්දේවී, උඩරට මැණිකේ දුම්රිය සේවයේ ඇරඹුම් දිනයද සටහන්ව ඇති මේ අපූරු
දැන්වීම නිවුන් සොහොයුරියන් යන කතාවට හේතු සපයා ඇත.

කෙසේ වුවත් නිවුන් සොහොයුරියන් වන උඩරට මැණිකේ සහ යාල් දේවී සුබ නැකතින් ගමන් අරඹන විට සංශෝදනය වූ කාල සටහනට අනුව ගමනේ යෙදුන රුහුණු කුමාරිය ලංකාණ්ඩු දුම්රිය මාර්ගයේ ප්රථම
කාන්තා නම හිමි දුම්රිය ලෙස රන් අකුරෙන් ලියවෙමින් අතීතයේ සිට
ගමන් අරඹා ඇත..

අපේ දුම්රිය ලෝකය ගැන දැනගන්න එක් වන්න අප සමග...
--අපි--
දුම්රිය දැවැන්තයින්ගේ හඩ: Train Simulator Srilanka


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews