POSTED ON Friday, February 7, 2014| | Edit Post


ලොව හොඳම වෙබ් අඩවි නිර්මාණයන් තෝරන awwwards  හා The FWA​  ​යන ​ආයතන විසින් 100%ක් ම අපේ ශ්‍රී ලාංකික දක්ෂයන්ගේ දායකත්වයෙන් නිමැවුනු www.wirefox.co.uk වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය සඳහා නිර්දේශ ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.  ​​

එහි හොඳම වෙබ් අඩවිය සඳහා නිර්දේශයකට ලක්වූ පළමුවන ශ්‍රී ලාංකිකයන් පිරිස මොවුන්. මෙහි නිර්මාණය මෙන්ම සැලසුම්කරනයද කරන ලද්දේ දැනට එංගලන්තයේ ජීවත්වන සම්පත් හෙට්ටිගේ යි. තාක්ෂනික අංශයෙන් මේ සඳහා දිල්ශාන් සමීර , භානු දිසානායක දෙදෙනා දායකත්වය දක්වා තිබෙනවා.

The FWA   :  click here to view
​ 
​Awwwards :  ​ click here to view

"මේ අපේ ආරම්භය පමණයි... වෙබ් අඩවි නිර්මාණ හා තාක්ෂණයේ ලොව ඉදිරියෙන් ම සිටින කැපී  පෙනෙනම ආයතන අතරට යනතෙක් අපි මේ ගමන යනවා... මේ සඳහා අපේ කැපවීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.. මේ වෙබ් අඩවි තෝරන්නේ මනාප සහ ජූරි තීන්දු පදනම් වූ මිශ්‍ර ක්‍රමයකටයි. ඉදිරි පියවරට යාම සඳහා ඔබේ කාලයෙන් බිඳක් වැයකර අපේ නිර්මාණයට මනාපයක් ලබාදෙනමෙන් සියළු සහෘද ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි මේ වෙලාවෙදී ඉල්ලා සිටිනවා. "

"හැකි පමණ මෙය Share කරන්න. එක් මනාපයක් උනත් මෙහිදී ගොඩක් තීරණාත්මකයි"


 ඒ ඔවුන්ගේ හඬයි. අපේ දක්ෂයින්ටත් ලෝකයේ නමක් තියන්නට අතහිත ලබාදෙමු ...

මේ සබැඳි ඔස්සේ ඔබට ඒ වෙනුවෙන් මනාපය ලබාදිය හැකියි  : 

The FWA   :  click here to view
​ 
​Awwwards :  ​click here to view





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews