POSTED ON Tuesday, July 22, 2014| | Edit Post
දේශීය භාෂා මෘදුකාංග නිපදවීම සඳහා කැපවී කටයුතු කරන එකම ශ්‍රී ලාංකේය සමාගම වන භාෂා ලංකා සමාගම පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth 2014 දකුණු ආසියානු සම්මාන උළලේ දී දෙවන වරටත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවා.


ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල පහසුවෙන් සිංහල අකුරු යතුරු කිරීම සඳහා ඔවුන් විසින් නිර්මාණය කළ "හෙළකුරු" සිංහල යතුරුපුවරුව සඳහායි ඔවුන් මෙවර මෙම සම්මානය හිමි කරගත්තේ. 2011 වසරේදී භාෂා ලංකා සමාගම විසින් එළි දැක්වූ මෙම සිංහල යතුරුපුවරුව මේ වන විට පරිශීලකයින් දෙලක්ෂයකට අධික පිරිසක් භාවිතා කරන අතර මින් පෙර ද මෙම නිර්මාණය සඳහා ඔවුන් දේශීය වශයෙන් සම්මාන ත්‍රිත්වයක් හිමි කරගනු ලැබුවා. 2012 වසරේදී ඉ-ස්වාභිමානී ජයග්‍රාහී සම්මානය, 2013 වසරේදී NBQSA  හොඳම දේශීය භාෂා මෘදුකාංග සම්මානය සහ NBQSA ‍රිදී සම්මානය එම සම්මාන ත්‍රිත්වයයි.

2011 වසරේදී ආරම්භ කළ භාෂා ලංකා සමාගමේ පළමු නිපැයුම වන SETT Browser නම් සිංහල  වෙබ් බ්‍රව්සරය ද එම වසරේදීම ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලැබුවා. එවක් පටන්, තොරතුරු තාක්ෂණය භාවිතයේදී ශ්‍රී ලාංකේය බහුතර ජනතාව මුහුණදෙන භාෂා ගැටළුවට පිළියම් යෙදීම සඳහා නිරන්තරයෙන් විසඳුම් සැපයූ භාෂා ලංකා සමාගම මේ වන විට දේශීය විදේශීය මෘදුකාංග සම්මාන 10 කින් සම්මානයට පාත්‍ර වෙමින් දිවයිනේ නම දිනූ මෘදුකාංග නිපැයුම් සමාගමක් බවට පත් වී තිබෙනවා.

හෙළකුරු ඇතුළු භාෂා ලංකා සමාගමේ සම්මානලාභි නිපැයුම් සියල්ල ඔබටත් Google Play Store හරහා නොමිලේ ලබා ගත හැකියි.

https://play.google.com/store/apps/developer?id=Bhasha+Lanka+(Pvt)+Ltd

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews