POSTED ON Wednesday, July 2, 2014| | Edit Post
විදුලිබිල අඩුකරගැනීම අද අප කාගේත් අවශ්යතතාවයකි. මන්දයත් අපගේ මාසික වියදමින් ඉතා ඉහල ප්රිතිශතයක් විදුලි බිල ගෙවීමට වැයකිරීමට සිදුව තිබීමෙනි. මෙමනිසාවෙන්ම වෙළඳපොලට විවිධ මාදිලියේ ‘එනර්ජි සේවර්’ පැමිණීමට පටන්ගෙන තිබේ. ඉතා අලංකාරවත් සිත් ඇදගන්නා ලෙසත් නිමවා ඇති නමුත් බොහොමයක් උපකරණ ඉතා වංචනික ලෙස ‘පවර් ෆැක්ටර්
කරෙක්ෂන්’, ‘ලයින් ෆිල්ටර්’ වැනි තාක්ෂණික නම් පමණක් යොදාගෙන ඇතිමුත්, අල්ප මාත්රෙයකවත් විදුලි ඉතිරිකිරීමක් සිදු නොකරන බව අපට පෙනෙන්නට තිබේ. එපමණක් නොව මෙවැනි උපකරණවල ක්රිරයාකාරිත්වය පෙන්වීමටම සැදු වංචනික විදුලි මීටර් පද්ධතිද මොවුන් සතුව ඇත. ඒවාට රැවටී තම අතේ ඇති මුදලද සෝචනීය ලෙස නාස්ති කරගත් පුද්ගලයන් අප අතර බොහොමයක් සිටී.
පවර් ෆැක්ටර් කරෙක්ෂන් තාක්ෂණය සහිත මුළු ගෙදරටම එකක් සවිකරන  'එනර්ජි සේවර්' නමින් විකුණන උපකරණවලට ගෘහස්ත විදුලිබිල පාලනය කල නොහැකිබව මනාවට පැහැදිලි කරගත හැකිවෙයි. කෙටියෙන් කියනවනම්, විදුලිබල මණ්ඩලයත් ලෙකෝ ආයතනයත් සවිකරන විදුලි මීටර් වලින් මැනෙන්නේ 'ඇක්ටිව් පවර්' හෙවත් අප ඇත්තටම පාවිච්චි කරන බලශක්තිය නිසා පවර් ෆැක්ටර් එක නිවැරදි කලත් නොකලත් ඔබ විදුලිය වෙනුවෙන් ගෙවන්නේ එකම මුදලකි. නිවසට සපයන විදුලියේ පවර් ෆැක්ටර් එක නිවැරදි කරගැනීම විදුලි බල මණ්ඩලයේ ක්රි්යාකාරකමක් මිස ඔබ කලයුතු දෙයක් නොවේ. එසේ නොකරගැනීමෙන් ගැටළු ඇතිවන්නේ ඔවුන්ටමයි. මේ පැහැදිලි කිරීම ගැන ඔබට සැකයක් ඇතිනම් ඔබගේ ප්රාකදේශීය විදුලි ඉංජිනේරු මහතා හමුවී කරුණු විමසා බැලිය හැකිවෙයි.  එමනිසා ඔබ තේරුමක් නොමැති 'එනර්ජි සේවර්' මිලදී ගැනීමට ප්ර ථම දැනුවත් වී සිටීම වැදගත් වෙයි. ඔබට මෙය තාක්ෂණිකව සහ ගනිතමයව අධ්යජයනය කිරීමට අවශ්ය  නම්, පහත ලිපිය කියවිය හැකිය. එසේ නොමැතිනම්, “fake energy savers”  නමින් ගූගල් සෙවීමක් කිරීමෙන් වෙළඳපොලේ දක්නට ඇති බොහොමයක් එනර්ජි සේවර් පින්තූර සහිතව ඔබට දැකබලා ගැනීමට හැකිවෙයි. 

http://www.edn.com/electronics-blogs/beyond-bits-and-bytes/4374264/Power-factor-correction-devices--Can-they-really-reduce-your-electricity-bill-

දෙවනුව, විදුලි සැපයුම් රැහැන් (Supply Lines) දිගේ පැමිණෙන අනවශ්යo  තරංග (Line noise) ෆිල්ටර් කිරීම රූපවාහිනී, හයි ෆයි සෙටප්, ගුවන් විදුලි වැනි විද්යුiත් උපකරණ වල ක්රිනයාකාරිත්වයට  උපකාරී වෙයි. එනමුත් එයින් කිසිම උපකරණයකට වැයවෙන විදුලිය ඉතිරිකිරීමක් සිදු නොවෙයි. එමනිසා ලයින් ෆිල්ටර් තාක්ෂනය මත පදනම් වූ එනර්ජි සේවර් මිලදී ගැනීමද ඵල රහිත ක්රිලයාවකි.

එනර්ජි සේවර් උපකරණයක් මිලදී ගැනීමේදී අවම වශයෙන් පහත කරුණු ගැන සැලකිලිමත් වීමෙන් ඔබ දැන දැනම අමාරුවේ නොවැටෙනු ඇත. 

1. එම උපකරණය පිළිගත් ආයතනයකින් වගකීමක් සහිතව වෙළඳපොළට නිකුත් කල යුතු වෙයි. එසේ නොමැතිව ගෙයින් ගෙට ගොස් බඩු විකුණන පුද්ගලයන්ගෙන් හෝ පදික වේදිකාවේ විකුණන්නන්ගෙන් මෙවැනි උපකරණ මිලට ගැනීම නොකළ යුතුය.

2. එම උපකරණයට ශ්රීප ලාංකික තත්ත්ව සහතිකයක් හෝ, පේටන්ට් බලපත්ර යක් තිබේදැයි පරික්ෂා කරගත යුතුයි.  

3. පවර් ෆැක්ටර් කරෙක්ෂන් තාක්ෂණය හෝ ලයින් ෆිල්ටර් තාක්ෂනය මත පදනම් නොවුණු එනර්ජි සේවර් එකක් මිලදී ගත යුතුවෙයි.

The Best Sri  Lankan solution for electricity saving is Killer-Watt



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews