POSTED ON Wednesday, July 2, 2014| | Edit Post
සමජ ජාලයන්ට නවතම සෞඛ්‍ය තේමා මවන www.edoctor.lk

වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ජනතාවට  සිහිනයක් වූ  Online   වෛද්‍යවරුන් ගේ සේවය ලබා ගැනීමේ සිහිනය දැන් සැබෑ වී ඇත.  සේවයට කැපවුනු ශ්‍රී ලාංකික වෛද්‍යරුන් පිරිසක් විසින් www.edoctor.lk   වෙබ් අඩවිය  ආරම්භ කර ඇත. ඔවුන්ගේ සේවයට කැපවීම සහ වගකීම  මෙම www.edoctor.lk වෙබ් අඩවිය ආරම්භ කිරීමට  හේතු වූ අතර එය සාර්ථක වූවා පමනක් නොව  සමාජ සන්නිවේදන  ජාල අතර ඉතා කෙටි කලකදී   බෙහෙවින්  ජනප්‍රියත්වයට පත් විය.
Facebook, Tweeter, Youtube, Linkedin, Google Plus   වැනි සමාජ  සංනිවේදන මාධ්‍යයන්  ශ්‍රි ලංකික  තරුණ ජනතාව අතර  අද ඉතාම ජනප්‍රියත්වයට පත් වි තිබේ.  පසුගිය මාස කිහිපය තුලදි  eDoctor  මගින්   තරුණයන් මෙන්ම මැදි වයසේ  අයද විවධ  සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  අධ්‍යාපණික මට්ටමින්   සමාජ සංනිවේදන ජාල තුලින් දැනුවත් කරන ලදී.  වර්තමානයේ දී  මෙම සමාජ සංනිවේදන ජාලයන්  ඕපදූප  ජායාරූප  සහ  ලිංගික  කරුණු ඛෙදා  හදා ගැනීමට යොදා ගන්නා අතර  තරුණයන්  පරිගණක ඉදිරිපිට අකර්මන්‍යව පැය ගනන්  කාලය ගත කරනු ලබයි. එම නිසා  eDoctor   මගින් සමාජ සංනිවේදන ජාල තුලින් නව යුගයක් ආරම්භ කරනු ලැබ ඇත.   ශ්‍රි ලංකික වෛද්‍යවරුන් විසින්  නිර්මානය කරුනු ලබන  සෞඛ්‍ය  උපදෙස් අඩංගු පෝස්ටර්  මෙම ජනප්‍රිය ජාල වලට ඇතුලත් කරනු ලැඛෙයි.  එබැවින්     නිකරුනේ කාලය ගත කරන ජනතාවට   මිනිත්තු කිහිපයක් හෝ  මෙම උපදෙස් අඩංගු  පෝස්ටර්  කියවා    කාලීන  සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  හෝ පොදු  සෞඛ්‍ය  තත්වයන් පිළිබඳ  දැනුම දියුණු කර ගැනීමට හැකිවී ඇත.   සතිපතා පළ කරනු ලබන ප්‍රවෘත්ති  ලිපි  තරුණයන්යන් ගේ ආකර්ශණය ලබා  ගැනීමට  සමත්වි ඇති අතර  ඒවායේ තොරතුරු කියවා   සෞඛ්‍ය පිළිබඳ  දැනුම වර්ධනය  කර ගැනීමට හැකිවි ඇත.  eDoctor  Facebook  ලෝලී  (Fan Page) පිටුව  සෞඛ්‍ය  ප්‍රශ්ණ  සහ ප්‍රෙහේලිකා වැනි දෙයින්  හරවත්ය. තරුන පරපුර  අතර   සෞඛ්‍ය පිළිබඳ මාතෘකාව ජනප්‍රිය එකක්  නොවූව ද  මෙම ක්‍රියාකාරකම්  තරුණයන්ගේ  අවධානය දිනා ගැනීමට  සමත් වී ඇති අතරම   ඔවුන්  සෞඛ්‍ය  ප්‍රශ්න යනාදියට  ක්‍රියාකාරී ලෙස  සහසම්බන්ධ වීමෙන්  අවසානයේ ඔවුන්  සෞඛ්‍ය දැනුමින් පොහොසත් වනු  ඇත.

 www.edoctor.lk  වෙබ් අඩවිය   සෞඛ්‍ය සම්බන්ධ   අගනා ලිපි  ලේඛණ වලින් සමන්විත වන අතර මෑතකාලීන  Alexa වෙබ් අඩවි  සංඛ්‍යලේඛණ වලට අනුව එම ලිපි ජනප්‍රියත්වයට පත්වි ඇති බව පැහැදිලි වේ.  බාගත (  Download)   කිරීමට වෙහෙස වන්නේ නැතිව  මෙම ලිපි  Online  කියවීමට අවස්ථාව උදා වී ඇත.  මෙම  ලිපි  ජනප්‍රිය සමාජ සංනිවේදන ජාල තුල   ඛෙදා හදා  ගැනේ.  එම නිසා  තරුණ සහ මධ්‍යම වයසේ  අයට   මෙම  ලිපි කියවීමේ අවස්ථාව උදාවී තිඛෙන අතර ඒ තුලින්  දැනට අඩුවක්ව පවතින සෞඛ්‍ය අධ්‍යාපනය  ඔවුන්ට  ලබා ගැනීමේ හැකියාව ද    ඇති වී තිබේ.  " වඩා හොඳ හෙට දිනයකට   සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් "   යන eDoctor   ආදර්ශ පාඨය ට අනුව  අනාගතයේ  සෙඛ්‍ය සම්පන්න  ජාතියක්  ගොඩනැගීම  මෙහි  අවසාන පරමාර්ථය වෙයි.

eDoctor Youtube   නාලිකාව   සමාජ සංනිවේදන ෙක‍ෂ්ත්‍රයට  එකතු වූ නවතම අංගයකි.    බොහෝ   දෙනා  Youtube හරහා වීඩියෝ පට නැරඹිම පුරුද්දක් කර ගෙන ඇත.  නමුත්  ශ්‍රි ලාංකික ජනතාවට  ඔබින  සෞඛ්‍ය ට අදාල වූ වීඩියෝ  සෞඛ්‍ය මාතෘකා පිළිබඳව   යම් අන්දමක  ජනතාව අතර දැනුවත්කමක් ඇති කරයි.  මෙම  වීඩියෝ  සිත් ඇද ගන්නා අයුරින්  සෞඛ්‍යමය උපදෙස්  ලබා දෙමින්  සත්‍ය  තොරතුරු  ජනතාවට ලබා දෙයි.

ලෝකය පුරා ඇති බොහෝ  සෞඛ්‍ය වෙබ් අඩවි  ශ්‍රි ලංකිකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වී ඇති නමුත්  ශ්‍රී ලාංකික ජනජිවිතයට සහ සෞඛ්‍ය තත්වයන්ට උචිත අයුරින්   ඒවා  සම්පාදනය වී නැත. www.edoctor.lk  වෙබ් අඩිවියට  ස්තුති වන්නට    ශ්‍රී ලංකිකයන්ට  විදේශ වෙබ් අඩිව වලට පිවිසීමේ  අවශ්‍යාතාවය දැන්  නැතිවී තිබේ.

logo

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews