POSTED ON Tuesday, July 8, 2014| | Edit Post
රසායනික පොහොර හෝ කෘමිනාශක නොමැතිව
කොම්පෝස්‌ට්‌ පොහොර යොදමින්
දේශීය වී වගා කරන ගොවි පිරිසක්‌

රසායනික පොහොර හෝ කෘමිනාශක කිසිවක්‌ භාවිතා නොකර ස්‌වභාවික පරිසරයෙන් සොයා ගන්නා කොළ රොඩු එකතුකර සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ පොහොර යොදා පැරණි දේශීය වී වර්ග වගා කරමින් පාරිසරික ගොවිතැනේ යෙදෙන අපූරු ගොවීන් පිරිසක්‌ රාජාංගනය දකුණු ඉවුර ගොවි ජනපදයේදී හමුවිය.




ගොවියෝ 15 කට ආසන්න පිරිසක්‌ එක්‌වී දේශීය වී වගා කටයුතු සිදු කරති. කිසිම සතෙකුට හානියක්‌ නොකර පරිසර දූෂණයක්‌ සිදු නොකර ගොවිතැන් බත් කරති.

දේශීය දේ ගැන අපේ රටේ බොහෝ දෙනා මහ ඉහළින් කතා කරති. නමුත් එම කතා ක්‍රියාවට නංවන බලධාරියකු කිසිදා හමුවන්නේ නැත.

දේශීය දේ ගැන කතා කරමින් කාලය කා දමන මිනිසුන් අතර දේශීය බීජ වර්ග වගා කරමින් සතා සීපාවන්ටත් හානියක්‌ නොකර රටට නිහඬව ආදර්ශයක්‌ ලබාදෙන ඒ නිහඬ ගොවිජනතාව සොයා ගියෙමි.



එහි නියමුවා වන ගුණසිරි ජාගොඩ ගොවි මහතා - අපි වගා කරන්නේ පැරණි වී වර්ග වගාවට කෘමිනාශකවත් වල්නාශකවත් යොදන්නේ නැහැ.

වස විෂ නැතුව ගොවිතැන් කරලා අපි පිරිසිදු වී ලබා ගන්නවා. ඒ හින්දා අපි පිරිසිදු හාල් වලින් පිරිසිදු බත් කනවා. ඒ නිසා අනෙක්‌ අයට වාගේ අපිට නානාප්‍රකාර ලෙඩ හැදෙන්නේ නැහැ. අඩු වියදමකින් ගොවිතැන් කරන්න පුළුවන්. හොඳසරු සාර අස්‌වැන්නකුත් ගන්න පුළුවන්.

ගෝනබරු, සුවÄල්, කළු හීනටි, සුදු හීනටි මාවී, ලුම්බිණි. පච්ච පෙරුමාල්, එච් හතර, හොඬරවාලු, හැටදාවී ආදී ඉපැරණි දේශීය වී වර්ග ඔවුහු වගා කරති.

අතිශය දුර්ලභ වී වර්ග මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සුළුවට වගා කරති.

ලයනල් විඡේසිරි ගොවි මහතා - දේශීය වී වර්ග වලින් ගන්නා හාල් වලින් උයන බත් අනෙක්‌ හාල්වලින් උයන බත් වලට වඩා රසයි. පුදුමාකාර ගුණයක්‌ තියෙන්නේ. ලෙඩ රෝග ගොඩකට හොඳයි. පිළිකා රෝගවලට බඩේ අම්ල ගතියට හුඟාක්‌ හොඳයි. දේශීය සහල් වර්ග ආහාරයට ගන්නවා නම් වර්තමානයේ හැදෙන ලෙඩ රෝග වළක්‌වා ගන්න පුළුවන්.

ඉතාමත් අතිශය දුර්ලභ වී වර්ගයක්‌ වන ස්‌වයංජාත නමැති වී වර්ගයත් එක්‌ ගොවි මහතකුගේ නිවසේ වගා කර තිබේ.

බී. එම්. ලීලාරත්න ගොවි මහතා - ලෝකයේ බිහිවූ මුල්ම වී වර්ගය ස්‌වයංජාත කියන වී වර්ගය කියලයි අපි අහලා තියෙන්නේ. කුඹුරුවල නොවෙයි ගොඩබිම වුණත් මේ වී වගා කරන්න පුළුවන් ගොයම් පඳුර උක්‌ ගහක්‌ වාගේ ලොකුවට වැවෙනවා. අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්‍ෂා කරගන්න මේ වී වගා කරනවා.

ඩබ්ලිව්. පී.ගුණවර්ධන මහතා - වී වගාවට තෙල් පොහොර යොදන කොට වගාවට හිතකර සත්තුත් විනාශ වෙනවා. අපේ වගාවේ හිත කර සත්තු ඉතුරු වෙනවා. කක්‌කුට්‌ටා, ගෙම්බා බත්කූරා, කුරුමිණියා වාගෙ සත්ත වගාවට හිතකර සත්තු. අපි කෘමිනාශක යොදන්නේ නැති නිසා අපේ කුඹුරුවල හිතකර සත්තු ඉතුරු වෙනවා. ඔවුන් වගාවට හානි කරන සත්තු විනාශ කරනවා. ඒ නිසා අපිට කෘමිනාශක අවශ්‍ය නැහැ.

එච්. ජී. ගුණසේන ගොවි මහතා - දේශීය වී වර්ග වල ගොයම් කොළේ හුඟාක්‌ පළලයි. ඒ වාගේම හරිම ගණකමයි. ඒනිසා කෘමි සතුන්ට හානි කරන්න අමාරුයි. ගොයම් කොළේ පළල නිසා වී ගහේ මුලට අව්ව වැටෙන්නේ නැහැ. ඒ හින්දා වල් පැළ හැදෙන්නේ නැහැ. ඒ නිසා වල්නාශක වලට අපිට වියදමක්‌ නැහැ.

එම්. ජී. විමලරත්න මහතා - අපිට අවශ්‍ය පොහොර අපිම හදාගන්නවා. කොළ වර්ග පිදුරු ගොම ගවමුත්‍රා ආදිය භාවිතා කරලා කොම්පෝස්‌ට්‌ පොහොර සකස්‌ කර ගන්නවා. ඒ නිසා අපිට වී වගා කරන්න ලොකු වියදමක්‌ යන්නේ නැහැ.

මේ ගොවිතැන වැඩි දියුණු කර ගැනීම සඳහා රාජ්‍ය මට්‌ටමෙන් ලැබිය යුතු ආධාරය උපකාරය කුමක්‌දැයි මේ ගොවීන්ගෙන් විමසුවෙමි.

අපේ රටේ මිනිසුන්ගේ තියෙන මානසිකත්වය තමයි තෙල් පොහොර නැතුව ගොවිතැන් කරන්න බැහැ කියන එක. ඒක බොරු මතයක්‌ අපි තෙල් පොහොර නැතිව වගා කරන්න පුළුවන් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. රාජ්‍ය මට්‌ටමෙන් වෙන්න ඕනේ තෙල් පොහොර නැතුව වගා කරන්න පුළුවන් aකියලා රටේ ගොවි ජනතාවගේ මනස සකස්‌ කිරීම විතරයි.

ඒ අභීත ගොවි පිරිස එක හඬින් ඉල්ලා සිටිති.

ඉපලෝගම - ඡේ. බී. ඒකනායක දීවයිනට සැපයු ලිප්යේ උපුටගැනිමකි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
1GB හොස්ටින් සමග නොමිළේ ඩොමේන් එකක්. අසීමිත ඊමේල්ස් , සී පැනල්.තවත්..>> http://slwebhost.com/
Like: https://www.facebook.com/weburl
අපි පට්ට අඩුවට ප්‍රින්ටින් කරනවා...http://goo.gl/odjOc5
නිවාස සැළසුම් - http://goo.gl/wkKfcd
ඉන්දීය චාරිකා - 0752680959
සිංහල ටෙලිනාට්‍ය - http://goo.gl/Qdh3J9
වල්ලපට්ටා - http://goo.gl/SHPBnh
VOTE for EDOCTOR.LK http://goo.gl/wCMbPX 
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews