POSTED ON Thursday, July 17, 2014| | Edit Post
ක්‍රිකට්‌ ලකුණු සටහන් කිරීමේ කාර්යභාරය නවතම වෙනසකට ලක්‌ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයකට පරිගණකය මගින් ලකුණු සටහන් කිරීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ලකුණු සටහන්කරුවකු වන තුෂාර කුරේ මහතා සමත්වී වී තිබේ.


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (16 දා) ඇරැඹි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග තරගයේදී සිට මෙම නවතම ලකුණු සටහන් කිරීමේ ක්‍රමවේදය යොදාගෙන තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේද අවසරය ලැබී තිබේ.

ක්‍රිකට්‌ තරගයක අත්‍යවශ්‍ය සාධකයක්‌ බවට පත්ව තිබෙන ලකුණු සටහන් කිරීම මීට ඉහතදී සිදුකරනු ලැබුවේ ලකුණු සටහන් පොතක (Sජදරසබට ඊදදන) සහයෙන් වන අතර පරිගණකය විසින් ලකුණු සටහන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග ලකුණු සටහන් පොතෙහි සිදුකෙරෙන කාර්ය භාරයට වඩා වැඩි දෙයක්‌ කිරීමේ හැකියාව පවතින බවද මේ පිළිබඳව 'දිවයිනZට අදහස්‌ දක්‌වා සිටි කුරේ මහතා සඳහන් කර සිටියේය.

''ඇත්තටම මෙ යමට කාලයක ඉඳන් තිබුණ අදහසක්‌. මේ සඳහා මම අත්හදා බැලීම් රාශියක්‌ කරලා තියෙනවා. මම හඳුන්වාදුන් මේ නව ක්‍රමවේදය හරහා ලකුණු සටහන් කිරීමේ පමණක්‌ නොවෙයි ඊට එහා දෙයක්‌ කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් මේක හරහා ක්‍රිකට්‌ තරග විශ්ලේෂණය කිරීමේ හැකියාවද තියෙනවා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලකුණු සටහන්කරුවන්ගේ සංගමය බිහිකරලීමේ පුරෝගාමියා බවට පත්ව සිටින කුරේ මහතා සිය නවතම සොයා ගැනීම පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ''විකාශන අයිතීන් හිමි ආයතන මේ වගේ මෘදුකාංග භාවිතා කරගෙන ඔවුන්ගේ කාර්යයන් පහසුකරගන්න අවස්‌ථා මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම වාර්තාවන් වගේ දේවල්. විශේෂයෙන්ම මේ මෘදුකාංගය නිර්මාණය කරපු කාවන් රත්නායක මහතාවත් මෙහිදී සිහිපත් කරන්න ඕන. මගේ අදහස පරිදි ඔහු තමයි මේ මෘදුකාංගය නිර්මාණය කළේ. මගේ අත්දැකීම් හරහා මේක තව ඉදිරියටත් පුලුල් පරාසයකට ගේන්න තමයි බලාපොරොත්තුව. තියෙන අඩුපාඩු හදාගනිමින් තමයි ඒ තත්ත්වයට යන්න ඕන.

ඡායාරූප අනුග්‍රහය / චානක සිල්වා(මාධ්‍ය සම්බන්ධීකාරක-ශ්‍රී ලංකා ක්‍රිකට්‌)


Source : Article by Chamila Karavita for Divaina

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews