POSTED ON Sunday, July 13, 2014| | Edit Post
ආසියා කලාපයේ දිදුලන නගරයක, යහපත් ජීවන රටාවක් අපේක්‍ෂා කරන ඔබ වෙනුවෙන්ම,'ආකේඩ් - නිදහස් චතුරස්‍රය' විවෘත වන වගයි.

කොළඹ නිදහස් චතුරස‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද, ජනතා අයිතියට පත්කෙරේ. ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 500 කි. අසංවිදිත සංවර්ධනයකට සහ අවභාවිතයට යොමුව තිබූ නිදහස් චතුරස‍්‍රය ආශි‍්‍රත ප‍්‍රදේශය මෙහි පළමු පියවර යටතේ සංවර්ධනය කෙරිණ. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරඟ පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර සිදුකර යළි මහජනතාව අතට පත්කර තිබේ. 

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඒවා කි‍්‍රයාත්මක කරනු ලබයි. වඩාත් දර්ශනීය නිදහස් හා හරිත නගරයක් බවට කොළඹ නගරය පත්කිරිම අරමුණයි. ආසියාවේ සෙසු නගරවලට නොදෙවෙනි වඩාත් ආරක්ෂිත නරගයක් බවට පත් කිරීම ද රජයේ සැලසුමවී තිබේ. අද (13) දිනයේදී ජනතා අයිතියට පත් කෙරෙන ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් වානිජ මධ්‍යස්ථානය වර්ගඅඩි අනුදහසක පමණ විශාලත්වයකින් යුක්තය. ඉන් වර්ග අඩි හතළිස් දහසක පමණ ප‍්‍රමාණයක් සාප්පු සංකීර්ණ, අවන්හල් ඇතුලු වානිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබාදෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි ප‍්‍රතිනිර්මාණය සිදුවිය. ශ‍්‍රමදායකත්වය සැපයූයේ ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවයි.




















ඇතැම් ජයාරූප gossipbook.lk වෙතින්


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews