දන්සල් අයිස්ක්‍රීම් වල DCD තිබූ බවට තහවුරුවක් !!!

DCD අඩංගු කිරිපිටි තොග විනාශ නොකර කිරි නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය සඳහා යොදාගෙනද?

- තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය.

අයිස්ක්‍රීම්, බිස්කට්, චොක්ලට්, කිරි පැකට් ඇතුළු කිරි යොදා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල ඩී.සී.ඩී (D.C.D) නමැති විෂකාරකය තවදුරටත් අඩංගු විය හැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.

පසුගිය පොසොන් සමයේදී දන්සල්වලින් ලබාදුන් අයිස්ක්‍රීම් සාම්පල් පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාගාරවල කළ පරීක්ෂා කිරීම්වලදී එම අයිස්ක්‍රීම්වල මෙම ඩී.සී.ඩී විෂකාරකය අඩංගු බවට හෙළිවී තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.


මේ පිළිබඳව වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වනවිට භාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2012 වසරේදී මෙරටට ආනයනය කළ කිරිපිටි තොගවල DCD විෂකාරකය අඩංගු වී තිබූ බවට හෙළිවූ අතර, මේ නිසා 2013 වසරේ ජූලි මස පළමුවැනිදා සිට මෙරටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී විෂකාරකය තිබේදැයි පරීක්ෂා කිරීම ආරම්භ කෙරිණි.

2012 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2013 වසරේ ජනවාරි මාසය වනතෙක් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නවසීලන්තයේ සිට මෙරටට ගෙන්වූ කිරිපිටිවල ඩී.සී.ඩී විෂකාරකය අඩංගු බවට වාර්තා වූ අතර, ඒ අනුව ඩී.සී.ඩී පිළිබඳව සොයා බැලීමේදී කොතරම් කිරිපිටි තොග හසුවූයේ දැයි නිල වශයෙන් මෙතෙක් හෙළිදරව් වීමක් සිදුනොවිණි. මෙම කාලය තුළ කිරිපිටි මෙට්‍රික්ටොන් 6000කට ආසන්න ප්‍රමාණයක් ඩී.සී.ඩී අඩංගු වියහැකි බවට හඳුනාගෙන තිබුණත්, එම කිරිපිටි තොග විනාශ කළාද නැද්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේද නැත.

මේ නිසා මෙලෙස ඩී.සී.ඩී අඩංගු බවට සැක කළ වෙළඳපොළට නිකුත් නොකළ කිරිපිටි තොග යලිත් වරක් වෙළඳපොළට නිකුත් වී ඇති බවට සැක පහළ වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා සඳහන් කරයි. සමස්තයක් ලෙස වර්ෂයකට කිරි පිටි මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන එන බවට වාර්තාවන අතර, එම ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් 65,000 ක්ම ගෙන්වනු ලබන්නේ නවසීලන්තයෙනි.

මේ ආකාරයට ආහාර ද්‍රව්‍යවල ඩී.සී.ඩී විෂකාරක අඩංගු බවට තහවුරු වී තිබෙන නිසා මෙරට තුළ අලෙවි වන කිරි ආශ්‍රිත නිෂ්පාදනවල තවදුරටත් මෙම විෂකාරකය අඩංගු දැයි සොයා බැලීම පාරිභෝගික අධිකාරියේ සහ ප්‍රධාන ආහාර පරීක්ෂකයාගේ වගකීමක් වේ.

උපුටා ගැනීම 2014/07/21 "අද" පුවත් පතෙනි . 

යාලුවන්ටත් දැනගන්න මෙය share කරන්න...

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews