POSTED ON Friday, July 11, 2014| | Edit Post
ශ්‍රී ලංකාවේ වෙළෙඳ ‍පොළ තුළ දැනට පවතින සියයට 40 ක් වන දේශීය සන්නාම සහිත නිමි ඇඳුම් වෙළෙඳ‍පොළ තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට  තම සංගමය  අදහස් කරන බව ශ්‍රී ලංකා දේශීය සන්නාම සහිත ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රරත්න ධර්මවර්ධන මහතා පසුගියදා පැවසීය.

තම සංගමය යළි එළිදැකීමේ උත්සවයේදී අදහස් දැක්වූ  ධර්මවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳ‍පොළ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වන බවය.”
මෙම වෙළෙඳ‍පොළ විශාල එකක්. දේශීය ජනප්‍රිය සන්නාම මේ වෙළෙඳ‍පොළ තුළ දැනට නියෝජනය කරන්නේ සියයට 40ක් පමණයි. එහෙත් එය සියයට 60ක් වැනි ප්‍රතිශතයක් දක්වා වර්ධනය කළ හැකියි. මේ තුළින් අපට මෙම වෙළෙඳ‍පොළ තුළට ගුණාත්මක තත්ත්වයේ දේශීය නිමි ඇඳුම් ඇතුළු කළ හැකි වනවා” යඥයිද සඳහන් කළේය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් වෙළෙඳ‍පොළ සියයට 10කින් වර්ධනය වී තිබෙනවා. මේ අතරට නව ඇඳුම් සන්නාම කිහිපයක්ම දේශීය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා. අපට අවශ්‍ය මෙවැනි උසස් මට්ටමේ සන්නාම තවදුරටත් මෙම වෙළෙඳ‍පොළ තුළ තහවුරු කිරීමයි.” යයිද  ධර්මවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය. 

එමෙන්ම මේ වනවිට  ඇමෙරිකාව වැනි රටවල පවා ශ්‍රී ලංකාවේ නිම ඇඳුම් සඳහා සුවිශේෂ ස්ථානයක පවතින බැවින් මෙම තත්ත්වය දේශීය වෙළෙඳ‍පොළ තුළ ද නිර්මාණය කිරීමේ කාලය එලඹ ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews