POSTED ON Sunday, July 26, 2015| | Edit Post
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ හැට වෙනි රාජ්‍යත්ව සංවත්සර සමරුව නිමිත්තෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ නායකයින් වෙනුවෙන් පැවති තරඟයෙන් ජය ලැබූ ශ්‍රී ලාංකික තේජිත සෞභාග්‍යය එදිරිසිංහ වෙත අදාළ සම්මානය ප්‍රදානය කළ කමිටුව කියා සිටියේ ඔහු ගේ නායකත්වය යටතේ පණ ගැන්වුන ව්‍යාපෘති සෙසු පිරිස් වලට දිරියක් ගෙන දීමට සමත් වූ බවයි.
ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ සෞභාග්‍යය එදිරිසිංහ ශාරීරික අභියෝගතා ක්‍රිකට් කණ්ඩායම ගොඩනැගීමට ගත් වෙහෙස ගැන විස්තර කළේ බීබීසී සංදේශය මැදිරියට ගොඩ වූ අවස්ථාවේ දී.

පසුගිය දා දෙවෙනි එළිසබත් රැජින අතින් ලන්ඩනයේ බකින්හැම් මාලිගාවේ දී තරුණ නායකත්ව සම්මානයෙන් පිදුම් ලද සෞභාග්‍යය එදිරිසිංහ පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ ළැදියාවට වඩා ශාරීරික අභියෝගයන්ට මහුණ දෙන පිරිස් තුළ ජීවිතය ජය ගැනීමේ අධිෂ්ඨානය ඇති කිරීම සඳහා තමන් මෙම ශාරීරික අභියෝගයන්ට මුහුණ දුන් පිරිසේ ක්‍රිකට් කණ්ඩායමක් ගොඩ නැගු බවයි.

ජාතික සරුංගල් ක්‍රීඩා උත්සව කීපයක් සංවිධාන කිරීමට මුල් වූ සෞභාග්‍යය එදිරිසිංහ ‘සරුංගලය සහ දේශපාලනය’ අතර දකින්නේ අපූරු සම්බන්ධයක්.

“සරුංගලය කොයි තරම් උඩ ගියත් නූල තිබෙන්නේ බිම ඉන්නේ පුද්ගලයාගේ අතේ. දේශපාලනයත් ඒ වගේ බලය තියෙන්නේ ජනතාවගේ අතේ. එහෙත් එම බලය ගැන හරියාකාර වැටහීමක් තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්’යැයි සෞභාග්‍යය එදිරිසිංහ පවසයි.

උපුටාගැනීම -  www.gampahanews.com




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews