POSTED ON Monday, July 6, 2015| | Edit Post

වර්තමානයේ නිවෙස්වල එක ගසක් හෝ දකින්නට නොලැබූණත් අතැම් පැරණි නිවෙස්වල දෙළුම් ගසක් වවා තිබූණේ එහි තිඛෙන දිව්‍යමය ඔසූ ගුණයක් අපේ වැඩිහිටි උදවිය දන්නා නිසාවෙනි.


මෙම ගෙඩියේ බීජ මිනිසාගේ දත්වලට සමාන බැවින් දන්ත බීජ යනූවෙන් ද හඳුන්වයි. ඉංග්‍රීසි නාමයෙන් ෆොමග්‍රනේටි යනූවෙන් හඳුන්වන දෙළුම් රස අනූව එනම් මධූර රස, මධූරාම්ල, අම්ල රස යනූවෙන් ද ප්‍රභේද 3 කින් හඳුන්වයි. එමෙන්ම ප්‍රදේශ අනූවත් රස වෙනස්වන අතර ශුෂ්ක ප්‍රදේශවල වැවෙන පලතුරක් විදියට හඳුන්වන්නට පූළුවන්.

කහට රසින් යූතුවන දෙළුම් ඉතා මිහිරි පළතුරක් මෙන්ම ඖෂධ ලෙස ශාකයේ පංචාංගයම යොදා ගැනේ.

ආයූර්වේදයේදී නාසයෙන් ලේ ගලන අවස්ථාවලදී නස්න කිරීම සඳහා දෙළුම් මල් යොදාගනී.

රක්ත අර්ශස්වලදී පොතු හා දෙළුම් ලෙලි යොදා ගැනීමක් සිදුකරයි.
ඔබට කෑම අරුචිය ඇති නම් එය ඉතා කදිම ඔසූවක් ලෙස පෙන්වා දිය හැකිය. දෙළුම් ආහාරයට ගැනීමෙන් බඩගිනි ඇතිවීමක් ද වනූ ඇත. ඒ වගේම කොළ යූෂ ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වන අවස්ථාවලදී තවත් ඖෂධ සමග මිශ්‍රකර ගනූ ලැබේ.

මූත්‍රාවලට ගුණ දෙන දෙළුම් කොළ ඔබගේ දෑස්වලට ද මාහැ`ගි ඛෙහෙතකි. උෂ්ණකාලවලදී දෑස්වල හටගන්නා රෝගකාරකවලට විෂබීජ නසන විෂබීජ නාශකයක් ලෙස ඇස් සෝදන්නට යොදාගනී. මෙයින් ඇස්වලට ප්‍රාණවත් බවක් ද ලැබේ.

එලෙසම ඇතැම් උෂ්ණාධික සිරුරු හිමි අයට නිතරම වාගේ ඇතිවන මූඛ ආසාදන, තුවාල, පැලීම් ආදියට ද දෙළුම් කොළ තම්බා මූඛය සේදීම ඉතාමත් ගුණ බව ආයූර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි.

දෙළුම් පොතු කුඩා දරුවන්ට වැළදෙන පණූ රෝගවලට යොදාගනී.
ලා දෙළුම් ගැට, අතීසාර රෝගයට සූවයක් ලබාදෙයි. උදරාබාධ ඇතිවිටත්, සිරුර ඉදිමූණූ අවස්ථාවලටත් යොදා ගන්නා මනරම් ශාකයක් හැටියට පෙන්වාදීමට පූළුවනි.

දෙළුම් කොතරම් රෝගවලට ගුණ මූත් විශේෂයෙන් සඳහන් කළ යූතු දෙයක් තිබේ. ඔබ දෙළුම් ආහාරයට ගන්නේ නම් හදවත ශක්තිමත් කිරීමේ හැකියාව තිඛෙන හදවතට ලැදි පලතුරක් ලෙස ආයූර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ග්ලුකෝස් (සීනි සියයට 15කින්) වලින් පොහොසත් වන දෙළුම් පොටෑසියම්, විටමින් සී, ජලය සහ අනෙකුත් විටමින් වලිනූත් සමන්විත පලතුරකි.

සෙම වියළී තිඛෙන රෝගීන්ට දෙළුම් ඇට හා තවත් ඖෂධ වර්ග මිශ්‍රකර මී පැණි සමග කෂාය පානය කිරීමට දීමෙන් සූවයක් ලබාගත හැකිවනූ ඇත.

දෙළුම්වලට සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත.
විශේෂයෙන් අපේ අම්මලා කුඩා දරුවන්ට දෙළුම් යූෂ පානයට දෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.

ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,

පුංචි උදඋවකුත් අපිට කරන්න අමතක කරන්නෙපා ඔයාලා,
*>පළමුව මෙම www.HowToLanka.lk අඩවියට යන්න.
*>දැන් පහත ඇති "Vote for us " ක්ලික් කරන්න.
*>පසුව "log in with facebook" දෙන්න.
*>දැන් විවෘත්ත වූ වින්ඩෝවට "ok" බටනය දී,
*>"Start voting" බටනය ඔබන්න..
*>පසුව HowToLanka නමින් යුත් මෙම ස්ථානයේ ඇති "Vote" බටනය ඔබන්න..

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews