POSTED ON Saturday, July 11, 2015| | Edit Post
සෙම, කැස්ස, හතියට ගුණ දෙන කුරුඳු ගැන දැනගන්න එන්න

හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත. සමහර අවස්ථාවලදී මුඛ දුර්ගන්ධය නැති කිරීමට ද කුරුදු භාවිතා කරයි. මෙහි පවතින සුවඳවත් භාවය එයට හේතු වෙයි. විවිධ රෝග අවස්ථාවලදී අගනා මෙහෙයක් ඉටු කරන කුරුදු ඖෂධය ආයුර්වේදයේදී වැදගත් වන ආකාරය බලමු.

  • ඖෂධීය ගුණයන් හා ප්‍රයෝජන

කුරුඳු විදුරුමස් ශක්තිමත් කරනු ලබයි. දත් දිරා යෑම වළකයි. දත් කැක්කුමට ගුණ දෙයි. කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල සුව කරයි. සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කරයි. එවිට සීතල ගතිය පහව යයි. බඩගිනි ඇති කරයි. අජීර්ණය දුරු කරයි. (ආමය හොඳින් පැසවයි) නොදිර වූ ආහාර කොටස් ජීර්ණය කිරීමට උදව් දෙයි. ශරීරයේ වාතයේ ක්‍රියා පහසු කරයි. උදරයේ බර බව නැති කරයි. උදරයේ වේදනාව නැති කරයි. එසේම වරින් වර ඇතිවන තද බඩේ වේදනාව නැති කරයි. සමේ රෝගවලදී කුරුඳු කුඩු තලපයක් සේ සාදා ආලේප කරයි. පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි. රුධිරය කැටි ගැසීම වළකයි.

  • සෙමවලට ගුණ දෙන කුරුඳු

වා, පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මඟ හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි. ශරීරයේ ඕජස් වර්ධනය කරයි.

  • පාචනයට

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක් උණු වතුර සමඟ දිනකට එක් වතාවක් බොන්න.

  • උගුරේ ඇතිවන වියළි බවට

කුරුඳු කැබැල්ලක් සපා කන්න. වමනය හා ඔක්කාරයට ද සුදුසුයි.

  • කොලෙස්ටරෝල් හා සීනි මට්ටම අඩු කිරීමට

කුරුදු කුඩු තේ හැඳි 1/2ක් දිනකට ගැනීමෙන් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් හා සීනි මට්ටම අඩු කරයි.

  • ආතරයිටීස් වේදනාවට

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක් මී පැණි මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කර හිස්බඩ ගැනීමෙන් මෙම වේදනාව පහ කරයි.

  • අමතර පානයකි

කුරුඳු කුඩු තේ පානයක් ලෙස භාවිතා කළ හැකියි. මෙහි කෙඳි සහිත බව වැඩියි.

මැංගනීස්, යකඩ, කැල්සියම් බහුල වේ.

  • ධාරන ශක්තියට

කුරුඳු පොතුවල සුවඳ ආඝ්‍රණය කිරීම නිසා ධාරන ශක්තිය හා මතක ශක්තිය වැඩි කරයි.

  • කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා හිසරදයට

ඉ`ගුරු, කුරුඳු පොතු සහ කොත්තමල්ලි ක්ෂාය බොන්න. නාස් හිරවීම නැති කරයි. මෙම ක්ෂාය වාත කප (සෙම) නිසා හටගත් උණට හොඳයි.


වෛද්‍ය. දිස්නා මයුරි
ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර(කලු පාලම අසල), ගම්පහ ඳ ටෙලි. 075-8295302
ගම්පහ ආයුර්වේද

අපේ වෙබ් අඩවිය BestWeb.LK තරගය සදහා පෙනිසිටීන අතර, එය සදහා ඔබගේ ඡන්දය අපට ඉතා වැදගත්ය.. හැකි නම් පහත ආකාරයට අපට ඡන්දයක් ප්‍රකාශ කරන්න අමතක නොකරන්න..

  • පළමුව අපගේ මෙම සහෝදර www.HowToLanka.lk අඩවියට යන්න.
  • දෙවනුව "log in with facebook" දෙන්න.
  • දැන් විවෘත්ත වූ වින්ඩෝවට "ok" බටනය දී,
  • "Start voting" බටනය ඔබන්න..
  • පසුව HowToLanka නමින් යුත් මෙම ස්ථානයේ ඇති "Vote" බටනය ඔබන්න..
ඔබ පළමු පිටුවේ මෙම පින්ත්‍රරයෙන් යුත් අපගේ අඩවිය සොයාගත නොහැකි නම්? ඊගල පිටුවට ගොස් මෙම ලාංඡනය හා නම සහිත ස්ථානය සොයාගෙන "Vote" බටනය ඔබන්න.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews