POSTED ON Thursday, July 16, 2015| | Edit Post
ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී.
ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි. 
Source : Divaina.com

Paid ads by siyalla.lk
eDoctor - ඔබගේ සියළුම  සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP  එක  ඔබත් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status

Total Pageviews