POSTED ON Thursday, July 9, 2015| | Edit Post

අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කර ගන්නත් එළ බටු හොඳ ඔසුවක්.

එවන් මුඛාශ්‍රිත රෝග පීඩාවකදී එළබටු ගෙඩි හොඳින් වියළාගෙන එහි වියළි ඇට වෙන් කරගන්න. ඒ වෙන් කර ගත් වියළි ඇට පුච්චා නගින දුම මුඛයට ඇතුළු කරගෙන එය මුඛයේ පුළුවන් තරම් රඳවා තබාගෙන නැවැත පිට කරන්න. මුඛය ආශ්‍රිත රෝගාබාධ රැසකට එය හොඳ ඖෂධයක්.

ඒ වගේම තමයි ආයුර්වේදයේ දූම වර්තී කියලා ඖෂධ කොට්ඨාසයක් පවතිනවා. එහිදී කරන්නේ ඖෂධ දුම් වැටියක් භාවිත කිරීම මගින් මුඛය සහ ශරීර අභ්‍යන්තරික ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුවකර ගැනීමයි. පෙර සඳහන් කළ මුඛය ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධ දුම් වැටියක් සාදාගන්නේ මෙහෙමයි.

වියළි එළබටු ඇට ස්වල්පයක් අරගෙන එයට ගිතෙල් මිශ්‍ර කර සියුම් වන තුරු හොඳින් අඹරා ගන්න. තෙතමනය අඩු වී තරමක් ගන වේගෙන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස (දුම් වැටියක් ලෙස) සාදාගන්න. ඉන් පසු මඳ වේලාවකින් තෙතමනය නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මඳ වේලාවක් රඳවාගෙන නැවැතත් පිට කරන්න. මුඛය ආශ්‍රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම්වැටිය ඉතාමත්ම ගුණදායකයි.

අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් උයන එළවළුවක් තමයි එළබටු කියන්නේ. එදිනෙදා ආහාරවේල රසවත් කරන හොඳ එළවළුවක් ලෙස ප්‍රචලිත එළබටු අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේ භාවිත කරන හොඳ දේශීය එළවළුවක්. ශ්‍රී ලංකාවේ ගත්තොත් තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප්‍රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප්‍රභේද 3ක් පවතිනවා. එනම් කොළ පැහැති එළ බටු, දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු කියන වර්ග තුන.

එළ බටු ප්‍රභේද තුන අතරින් වඩාත්ම ගුණදායක වර්ගය තමයි සුදු පැහැති එළ බටු වර්ගය. අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා රසවත් එළවළුවක් වන එළ බටු ගුණවත් ඖෂධයක් කියලා. ඒ අනුව අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව එළ බටු කියන්නේ රෝග රාශියකට ගුණය සලසන ඉතා වටිනා අද්විතීය ඖෂධයක්.


අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ සංහිතා ග්‍රන්ථවලත් සඳහන් වෙනවා එළ බටු රෝග රැසකට ගුණය දෙන ඉතා වටිනා දේශීය ඖෂධයක් කියලා. අපේ දේශීය ආයුර්වේදයට අනුව එළ බටු අයත් වන්නේ Solanaceae හෙවත් කණ්ඩාරි නමැති කුලයට. ඒ වගේම Solanum melongena  කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් තමයි එළ බටු හඳුන්වන්නේ. ආයුර්වේදයට අනුව ශ්වේත ඵල (සුදු ගෙඩි), භණ්ඩාකි, ක්‍ෂුද්‍ර භණ්ඩාකි (කුඩා බටු) යන අන්වර්ථ නාමවලිනුත් එළ බටු හඳුන්වනවා. සෙන්ටි මීටර් 15ත් - 60ත් අතර කුඩා පඳුරක් ලෙස හට ගන්නා එළ බටු ශාකයේ කොළවල එයටම ආවේණික සියුම් බූවක් පවතිනවා. ඊට අමතරව කඳේ දඬුවල සහ පත්‍රවල සියුම් කටු තිඛෙනවා. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට එළ බටු ගෙඩි, පත්‍ර, මුල්, ද~ු කියන පඳුරේ සෑම අංගයක්ම අපි ඖෂධ නිපදවීම පිණිස ගන්නවා. ආයුර්වේදයේ සුවිශේෂී ස්ථානයක් හිමිව පවතින දශමුල් සෑදී තිඛෙන්නේ සුළු පස්මුල සහ මහ පස්මුල කියන වර්ග දෙකට අයත් ඖෂධ මුල් 10 එක්වෙලා. මේ අතර සුළු පස්මුලට අයත් ඖෂධ මුල් පහ අතරින් එක් ඖෂධීය මුල් වර්ගයක් තමයි එළ බටු කියන්නේ.

මෙය අඩවියකින් උපුටාගත් බැවින් කිසිදු අයුරකින් අනුමත කරරිමක් අප විසින් නොකරන අතර කිසිදු වගකීමක් මේ පිළිබදව අප දරන්නේ නැති බව කරැනාවෙන් දලකන්න..

දේශිය අද්‍යාපනික අඩවිය ජනප්‍රීයම අඩවිය බවට පත් කරන්න ලාංකික ඔබත් දායකවන්න.
පුංචි උදඋව අපිට කරන්න අමතක කරන්නෙපා,

*>පළමුව මෙම www.HowToLanka.lk අඩවියට යන්න.
*>දැන් පහත ඇති "Vote for us " ක්ලික් කරන්න.
*>පසුව "log in with facebook" දෙන්න.
*>දැන් විවෘත්ත වූ වින්ඩෝවට "ok" බටනය දී,
*>"Start voting" බටනය ඔබන්න..
*>පසුව HowToLanka නමින් යුත් මෙම ස්ථානයේ ඇති "Vote" බටනය ඔබන්න..


අපේ අඩවියට ජන්දයක් ලබාදෙන්න අමතක නොකරන්න. <<මෙතනින් එන්න>>

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews