POSTED ON Tuesday, July 7, 2015| | Edit Post

eDoctor - ඔබගේ සියළුම  සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP  එක  ඔබත් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න.
eDoctor - ඔබගේ සියළුම  සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP  එක


තොරතුරු තාක්ෂනය හා අන්තර්ජාල භාවිතය ශ්‍රී ලංකාවේ සතුටුදායක ලෙස වැඩිවී තිබෙනවා. උපතින්ම ශ්‍රී ලංකිකයින් බුද්ධිමත් හා නව ලෝව ප්‍රවණතා ඉක්මනින් උකහා ගැනීමෙහි දක්ෂයෝවෙති.

මුල් කාලීනව සාමාන්‍ය ජනයා ලෙඩ රෝග පිලිබඳ වැඩි දැනුමක් නොතිබුනා සේම, වද්‍යවරයා තමන්ට ඇති සිමිත කාලයෙන් ඔවුන්ව දැනුවත් කලා. නමුත් වර්තමානයේ එය වෙනස්ව තිබෙනවා , සාමාන්‍ය ජනයා කලින් කලට පැමිණෙන ලෙඩ රෝග , බෝ නොවන රෝග , නිරෝගිව ජිවත් වන අයුරු ආදීයෙන්  මන ලෙස දැනුවත්.  මේ සඳහා සෞඛ්‍ය සේවය වෙනුවෙන් බිහිවුන ආයතන වල තාක්ෂණික භාවිතය ,මාධ්‍ය භාවිතය හා සමාජ ප්‍රතිලාබ ගෙනදෙන වැඩසටහන් උපයෝගී වී තිබෙනවා.

මැතක සිට ඉතා ජනප්‍රිය සේවාවක් සපයන eDoctor ආයතනය ඉන් එක ආයතනයකි.

eDoctor සෞඛ්‍ය සේවය වෙනුවෙන් සපයනු ලබන දායකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ඉමහත් සේවයක්  සලසයි.


එහි නවතම අංගය   eDoctor APP එක වෙයි. ඕනෑම  Smartphone   එකකට eDoctor APP එක download     කර ගත හැකිය.කෙසේ වුවද එහි පූර්ණ  සේවාවන් ලබා ගත හැකි වන්නේ www.edoctor.lk  හි ලියාපදිංචි වූ සාමාජිකයින්ට  පමණකි. ඔබගේ වෛද්‍ය වාර්තා සැනකින් නිරීක්ෂණය තිරීමටත්   එම වාර්තා සංස්කරණය කිරීමටත් එමගින් ඔබට හැකියාව ලැබේ.මෙහි ඉතා වැදගත් අංගයක් වන්නේ  පහසුවෙන්ම ඔබට වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම,  chat කිරීම  සහ ඊමේල් පණිවිඩයක් යැවීමට හැකි විමයි.  ඔබ වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීමේදී  අදාල  වාර්තා  ඊමේල් මගින්  ඔහුට යැවිය හැකිය.  වෛද්‍යවරයා සමග ඔබ කරන සියලු සංවාද සහ වෛද්‍යවරයා   ඔබට ලබා  දෙන උපදෙස් ඔබේ profile එක  තුල සටහන් වන අතර ඒවා ඕනෑම අවස්ථාවක  ඔබට පරිගණකය මගින්  හෝ smart device එකක්  තුලින් නැවතත් බලා  ගත හැකිය.  ඔබගේ පෞද්ගලික තොරතුරු  රුධිර පීඩනයබරස්කන්ධ දෙහ දර්ශකය (BMI) ආදී දත්තයන් වරින්වර යාවත්කාලීන කිරේමෙන් එවා ඔබට ඔනෑ විටක විස්තරාත්මක  සටහන් මගින් නැවත නිරීක්ෂණය කිරීමට  හැකියාව ලැබේ.  ඔබ දැනට ගන්නා ඖෂධ,  නවතම ඖෂධ වට්ටෝරු APP එකට upload  කල හැකි වේ.ඔබගේ පෙර රෝහල්ගතවීම්,  ශල්‍යකර්ම සහ  අසාත්මිකතාවයන් පිළිබඳ තොරතුරු APP එක මගින් ගබඩා කර තැබිය හැක. අදාල රෝග විනිශ්චය කාඩ් පත්ඖෂධ වට්ටෝරු ඊට ඇතුලත් කල හැකිය.  වෙනත් ඕනෑම පරීක්ෂණ වාර්තා ඊට  upload කල හැකිය.දරුවන්ගේ එන්නත් කිරීම්,  එම වාර්තා ඊට ඇතුලත්  කල හැකි වන අතර  මීලඟ එන්නත  අවශ්‍ය දිනයේදී ඔබට APP සිහි කැඳවීම් කරනු ඇත.  විදේශ සංචාරයන්හි දී අවශ්‍ය වන  වෛද්‍ය වාර්තා ලබා ගැනීමට,   වැඩිහිටියන්ට  update  කල එන්නත්  වාර්තා තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ විශ්ෂඥ වෛද්‍යවරයා හමුවන සෑම විටකදීම  ඖෂධ වට්ටෝරු upload කර තබා ගැනීම අනාතයේදී ප්‍රයෝජනවත් වනු ඇත.කාන්තාවන්ට  ගර්භනී සටහන් පවත්වාගැනීමට වෙනම යොමුවක්  වෙයි.  ගර්භනී අවස්ථාවන්හි සියළු වාර්තා  අනාගත ප්‍රයෝජනය සඳහා upload කල හැකිය. භාවිතයට ගන්නා පවුල් සැලසුම් ක්‍රම  එයට ඇතුලත් කල හැකිය.

 eDoctor - screenshot eDoctor - screenshot eDoctor - screenshot

මෙලෙස eDoctor app එක භවිතයෙන් ඔබ පවුලේ සියලු සෞඛ්‍ය තොරතුරු ඔබෙ ජන්ග්ම දුරකතනයෙන් පිරික්සිමට ඔබට හැකියාව උදා වන අතරඔනෑම අයුරක වෛද්‍ය උපදෙසක් ලබාගැනීම දැන් ඔබෙ අන්ගිලි තුඩු වෙතම eDoctor  සමීප කර ඇත.

සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී මහජනතාවගේ සුවසෙත  පිණිස නව්‍යකරණ  සංකල්ප රැගෙනeDoctor සැමවිටම ඔබ වෙත පැමිනෙයි.  වැඩි විස්තර සදහා 0115-247 000 අමතන්න.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews