POSTED ON Saturday, May 30, 2015| | Edit Post
ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි තිබ්බේ. කලිනුත් කීව වගේ, මුල්ම වතාවට 2009 මාර්තු 10 වෙනිදා පොතේගුරා සොහොයුරා තමන් බලපු විදෙස් සිනමා කෘතියක් ගැන තොරතුරු ලිපියක් හැටියට සටහන් කළා,
තමන් වගේම සිනමාව රසවිඳින අනෙකුත් පිරිසටත් තමන් බලපු සිනමා පටයක් ගැන තතු විත්ති කියන අදහසින්. එදා හිටං අපේ ආදරණීය පොතේගුරා, තමනට හැකි අයුරින් ඉඩකඩ ලැබෙන විදිහ අනුව තවත් සිනමා කෘති ගැන ලිපි දාන්න කටයුතු කළා. තනියම මේ වැඩේ පටන් ගත්තත්, වැඩේ ටික ටික නැගල යද්දි තනියම කරගන්න බැරිව ගිය නිසා මේ හරහා තමන්ට කුළුපග වුණු, මේ වැඩේ අගය කරපු තවත් අයගේ සහය ලබාගන්න ඔහුට සිද්ධ වුණා. ඔතනින් පස්සෙ තමයි අපේ ගුරාගෙ ලිපි ඇරුණු කොට වෙනත් නොයෙක් සහෝදරවරු ලියාපු ලිපි පළවෙන්න ගන්නේ.

ඔය විදියට කාලය ගතවෙනකොට vbmaster කියන යාළුවා අපේ ගුරාට අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්, උත්සාහ කරල බලන්න කියල..ඉතින් ගුරා මෙතෙක් කලක් තමන්ට සහය දීපු හිතෛෂී මිතුරෙකුගෙන් අහනවා අපි හවුලෙ සිංහලෙන් උපසි‍රැසියක් කරමුද කියලා. කොහොමින් කොහොමින් හරි බාගෙ බාගෙ බෙදාගෙන දෙන්න එක්ක වැඩේට අත ගහනවා. මේ කටයුත්තට අතපොවපු අනිත් සගයා මේ ගැන කොතරම්නම් උනන්දුවක් දැක්වුවද කිව්වොත්, ඉස්සිස්සෙල්ලම කරන්න ගත්තු එක ඉවර වෙන්නත් ඉස්සර තවත් එකක් කරනවා තනියෙම. ඒ විදිහට අන්තර්ජාලයට නිකුත් කෙරුණු ප්‍රථම නිදහස් සිංහල උපසි‍රැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා 2009 වර්ෂයේ 06 වෙනි මාසේ 26 වෙනිදා. ඊට පසු එදා සිටන් අද දක්වා විශාල සහෝදර සහෝදරියෝ පිරිසක් තමන්ගේ කාලයත් ශ්‍රමයත් උපසි‍රැසි දායකත්වය වෙනුවෙන් කැපකරනවා මේ කටයුත්තට.

මෙහෙම ටික කලක් යද්දි තමන්ගෙ මේ වියුණුව දියුණු කරන්න අදහසක් එනව අපේ ගුරාට. එතකොට වියුණුව විබ පළක් බවට හරවලා වැඩි දියුණු කරල ගන්නවා. ඒකට එදා ඉඳන් අද දක්වාම ගුරාගෙ ළඟම මිත්‍රයෙක් වෙන විද්‍යා තමයි තාක්ෂණික සහය ලබා දෙන්නේ. ඊට පස්සේ තනියම මේක කරගෙන යන්න බැරි වෙන තත්වෙට පත්වේගන එනකොට ගුරා කරන්නේ තව කට්ටියක් තමන්ගෙ වැඩේට එක් කරගන්න එක. “ගෝලයා” (උමේෂ් ලීලසේන), රොයිලි ප්‍රනාන්දු කියන පිරිස මේ විබ පළේ සංස්කාරකවරු හැටියට පත්වීම් දීල බඳවගන්නේ ඒ ඒ අංශ මේ අයට පවරල දීලා. මේ පාඨක, සංස්කාරක එකමුතුකම නිසාම 2009 වසරේ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවයේදී හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට හිමිවෙනවා. ඔය විදිහට ටිකෙන් ටික මේ විබ පළ දියුණු වෙනවා හෙමින් සැරේ. තවත් ටික කලකදී තව දෙන්නෙකුත් එකතු වෙනවා සංස්කාරක මඩුල්ලට. ඒ තමා අපේ වාසල සොහොයුරා සහ විකියා සොහොයුරා. ඔය අතරේ එක එක කාලෙට හොඳ වගේම නරක දසාවනුත් ලබනවා. නමුත් ඒ සියලු දේම අතරින් අපේ මේ ආදරණීය මිතුරා නොසැලී ඉදිරියටම යනවා




ලක්බිම - වෙබ් අවකාශයේ සිනමාත්මක සිංහල භාවිතාව ~බයිස්කෝප් සිංහලෙන් ~


Share+ Like like emoticon කියවීමට අපැහැදිලි නම් http://lakbima.lk/oldpapers/ngenaration/2014.11.17.pdf 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews