POSTED ON Saturday, May 9, 2015| | Edit Post
ලෝකයේ හොඳම ජෛව විවිධත්වය සහිත රටවල් 10ට ඇතුලත්ව සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට පරිසරය විනාශ කරනා රටවල් 10 අතුරින් හතරවැනි ස්ථානය හිමිකර ගනිමින් අවාසනාවන්ත රටක් වී ඇතැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ 2011දී පමණක් රක්‍ෂිත වනානන්තර සහ ජාතික වැදගත්කමක් සහිත වනාන්තරවලින් අක්කර 65,410ක් විනාශ කර දමා ඇති බවයි. මෙම ඉඩම් ප‍්‍රමාණයෙන් අක්කර 50,000ක් විනාශ කර දමා ඇත්තේ බහුජාතික සමාගම් විසිනි. ඉතිරි ඉඩම් ප‍්‍රමාණය ආණ්ඩුවේ අවිධිමත් සංවර්ධන ක‍්‍රියාවලිය නිසා විනාශ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේදී මේ තත්වය තවත් උග‍්‍ර විය හැකි බවත් ඒ තුලින් පරිසරය විනාශ කරන ලෝකයේ පළමුවැනි ස්ථානය හිමිකරගත් රට බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

උපුටා ගැනීම - ලංකා සී නිවුස් 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews