POSTED ON Friday, May 8, 2015| | Edit Post
මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ලන්ඩනයේ නිව් හැම්ප්ෂයර් ආසනයෙන් ඔහු තේරී පත් විය.

මුල සිටම ඉදිරියෙන් සිටි ඔහුට මරණීය තර්ජන එල්ල කළැයි ඔහුගේම කන්සවේටිව් පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය තහනම් කැරිණි.


පෙර පුවත -
බ්‍රහස්පතින්දා(07) එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වැදිමට නියමිත බවට වාර්තා වේ.

ඔවුන් කේම්බ්‍රිජ් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින චමලි ප්‍රනාන්දු, හැම්ෂයර් ආසනයට එම පක්ෂයෙන්ම තරඟ වදින රනිල් ජයවර්ධන සහ ලන්ඩනයට යාබද හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින උමා කුමාරන් යන අයයි.

චමලි ප්‍රනාන්දු අධිනීතිඥවරියක් වන අතර ඇය ඉපදී හැදී වැඩි ඇත්තේද කේම්බ්‍රිජ් නගරයේය. ඇයගේ පියා වන අදිනීතිඥ සුමල් ප්‍රනාන්දු මීට පෙර දෙවතාවක්ම මහා මැතිවරණ සඳහා තරඟ කර ඇති අයෙකි.

හැම්ෂයර් ආසනයට තරඟ වදින රනිල් ජයවර්ධන මීට පෙර පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන නගර සභා මන්ත්‍රී වරයෙකු ලෙස සේවය කර පළපුරුද්දක් ලබා ඇත.


හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින්නේ ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති උමා කුමාරන්ය. ලන්ඩනයේ කුවීන් මේරි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය කලක් ලන්ඩනයේ ‘ඔරු‘ නමැති දෙමළ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කර ඇත.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews