POSTED ON Saturday, May 30, 2015| | Edit Post
ඔබට මේ කියන්න යන කතාව හරිම අපුරු කතාවක්. ඔබ බලන්න ඇති ඡායාරුපය, මාතෘකාව දුටු විගසම මේ කියන්නට අර අදින කාරණාව කුමක්ද කියා…

මයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු Facebook සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.
තරුණයකු මෙම ඡායාරුපය Facebook හි එක්තරා Group එකක් තුල පළ කර තිබු තරුණයා සඳහන් කර තිබුනේ මෙම තරුණිය මෙම සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවයි.


පසුව මෙම ඡායාරුපය ඉතා වේගයෙන් Facebook තුල ප්‍රචාරය වූ අතර මෙම තරුණිය ඡායාරුපය එක් කල තරුණයාට එවන ලදැයි කියන පණිවිඩය පහත දැක්වේ.

“යහළුවා, ඔයා අද උදේ art gallery යට දාපු Photo එකේ ඉන්නේ මම. මේ වෙද්දී ඒක ගොඩක් අය Share වෙලා. එක එක විදිහේ comments ගොඩක් වැටිලා. අනිත් අය කියන දේවල් වලට මම හරි කියන්න ඔයා කතා කරන නිසා මං හිතුවේ ඒ සිද්දියේ කතාව කියන්න. ප්‍රසිද්ද කරන්නම් නෙමේ. ඔයා කරපු දේ හරියි කියල දන්වන්න ඕනේ නිසයි.

ඒ සියා එතන හැමදාම ටිකට් විකුනනවා. මම පුළුවන් දවසට ටිකට් අරන් යන්න පුරුදු වෙලා හිටියේ. ටික දවසකට කලින් හවසක ඒ සීයාගේ සල්ලි ගෙන යන bag එක හොරෙක් අරගෙන. පොලිසියෙන් ඌව අල්ලලත් තාම සල්ලි හම්බෙලා නැ. ආයි ටිකට් ගන්න ඒ සීයට සල්ලි නැ. ඒත් මේ ටිකේම පුරුදු තැනට ඇවිත් ඔහේ බලාගෙන ඉඳල. මම ඇහැව්වම කතාව කිව්වා. කකුලක් නැතුවත් කොච්චර වයස උනත් එයා හිඟාකන්න කැමති නැ. ආයි ටිකට් ගන්න නම් අඩුම 2500ක් ඕනෙලු. ඉතින් මගේ ළඟ තිබිල 1500ක් දුන්න. ඉතුරු 1000 කව්රුවත් නොදුන්නොත් මම දෙන්න පොරොන්දුත් උනා. මොකද කොටුවේ හිඟා කන 1000ක් හිඟන්නෝ අතරේ කීයක් හරි හොයාගන්න මහන්සි වෙන ඒ සීයාට මම ගොඩක් ගරු කරනවා”

කෙතරම් සංවේදීද ? ඔබගේ හිත අඬන්න ඇති යැයි කියා මම සිතනවා. සමාජයේ වයසක මිනිසුන් අප්‍රිය කරන වෙනස්ව සිතන අලුත් පරපුරවල් සිටිනා සමයක මෙවැනි රටක් වටිනා තරුණියන් කෙතරම් අගනේද, මෙවැනි තරුණියන් තව 100ක් සිටියොත් එකක් නොව දෙක තුනක් මහලු මඩම් අනාගතයේ වැසේවි.



මෙම සිද්දිය එම group එක තුල අදාළ තරුණයා විසින් පළ කර තිබුනේ මෙසේයි.




අලුත්ම සාමාන්‍යය දැනුම ප්‍රශ්ණ පත්‍රය නිකුත් උනා.. දැන්ම පහතින් පිවිසෙන්න...

General Knowledge Test Paper 06 ( සාමාන්‍යය දැනුම පරීක්ෂන හයවන ප්‍රශ්ණ පත්‍රය)

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews