POSTED ON Thursday, May 7, 2015| | Edit Post
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලාකාමී මාතෘකාවක් ගැන. ශ්‍රී ලංකාව පුරාම තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශණ වගේම චිත්‍රපටි ගැන අපි හැමෝම දැනුවත් කරන කලා.lk වෙබ් අඩවිය ගැනයි මේ පුංචි හැඳින්වීම

කලා.lk වෙබ් අඩවිය ඉපදිලා තාම මාස කීපයයි. මේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වෙන්නේ අපි හැමෝටම ලංකාව පුරා තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන, චිත්‍රපට වැනි කලා අංග ගැන දැනුවත් කිරීමයි. 

මේ වෙබ් අඩවියේ දකුණු පැත්තෙ යටින් දිස් වන්නේ අද සිට ඉදිරියට පැවැත්වෙන කලා අංගයි. 

ඒ වගේම වම් පැත්තෙ යටින් ඇති කොටසෙන්  අපිට පුලුවන් අපේ ලඟම නගරයට ආසන්නව පැවැත්වෙන අංග මොනවද කියල හොයා ගන්න. 


තවත් එක විශේෂ දෙයක් තමයි දකුණු පැත්තෙ උඩින් තියෙන පෝරමය පුරවා, සති පතා ඔයාලගේ ආසන්නම නගරයට ආසන්නව තියෙන කලා අංග නොමිලේම ඊ-මේල් ලිපිනයට ගෙන්වා ගන්නත් පුලුවන්.



කලා අංගයක් ගත්තොත් ඒ ගැන පින්තූර, වීඩියෝ , සිංදු වගේම ඒ ගැන විස්තරයක් ද අපිට මෙහි බලා ගත හැකියි. නාට්ටියක් වගේ දෙයක් බලන්න යන්න කලිං ඒක ගැන විස්තරයක් දැනගෙන ගියොත් නේද හොඳ?


මේ වෙබ් අඩවිය සාර්ථක කර ගන්න අපි හැමෝගෙම සහය අවශ්‍යයි. යාලුවන්ටත් මේ වෙබ් අඩවිය ගැන දැන ගන්න ෆේස්බුක් එකේ http://kala.lk ලින්ක් එක ශෙයාර් කලොත් ඒක ලොකු උදවුවක් වෙයි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews