POSTED ON Saturday, May 9, 2015| | Edit Post
ගංගා   ඇතුළු  ජලාශයන්හි   වතුර   යට  සැරිසරමින්   වතුරේ  සහ  ස්වාභාවික  සම්පත් රහස්   සොයන  නියමු   රහිත  යාත්‍රාවක්   හදුන්වාදීමට   මොරටුව  විශ්ව  විද්‍යාලය  සමත්   වි   තිබෙන  බව  ඉලෙක්ට්‍රෝනික  සහ   විදුලි සංදේශ  ඉංජිනේරු   අංශයේ   මහාචාර්ය  රොහාන්   මුණසිංහ  මහතා   පැවසීය.

“ජලාශ  වේලි   තත්ත්වය  පිරික්සිමට ද  මෙම  යාත්‍රාව  සමත්   වෙයි.  වතුර  යට  විඩියෝ ඡායාරූප රැගෙන  විමටත්  හැකිය.”

“වතුරේ  පවතින  තත්ත්වය, ස්වභාවය  එහි   පී.එච්. අගය  ඇතුළු  වතුරේ  විවිධ  වෙනස්කම්   යනාදියයක්   මත්ස්‍ය   ග්‍රහණය  ඇතුළු   ජීවීන්ට    තොරතුරු   ස්වභාවික  සම්පත්   ඇතුළු  සෑම  දෙයක්   ගැනම   පැහැදිලි  සාර්ථක විශ්ලේෂණයක්   මෙමගින්   සිදු   කළ   හැකිය.”
“දැනට මෙම කර්තව්‍යයන්   සම්බන්ධ  යම්  තොරතුරක්   දැනගැනීමට   අවශ්‍ය   නම්   එය සිදුකරනුයේ   කිමිදුම්කරුවන්  යොදා  ගෙනය. මෙම  යාත්‍රාවෙන් හේතුවෙන්  එම  කර්තව්‍යය පහසුවෙන්  සිදු  කර   ගත  හැකිය.”

කොරල්පරවල  ස්වභාවය  දැනගැනීම සඳහා  ද  මුහුදේ   මෙම   යාත්‍රාව  අත්හදා   බැලිමට   නියමිතය.
“උපරිම  වශයෙන් මිටර්   පනහක  දුරක්  අඩි  දහයක  ගැඹුරකට   යාත්‍රාවට   ගමන් කළ හැකිය.” 
මඩපාත වින්ඩ්  රිච්  ලේක්  රිසෝට්  හෝටලයේ   පිහිනුම්   තටාකයේ   මෙහි   ප්‍රථම  අත්හදා   බැලිම  සිදු කළේය. එහි   සාර්ථකත්වය  හේතුවෙන්   බොල්ගොඩ   ගඟේ  කොස්පැලෑන පාලම  අසළදි  පුළුල්   ලෙස   අත්හදා   බැලීමක්   සිදු  කිරිමට   පොලිස්   නාවික  ඒකකය පහසුකම්   සලසා   දුන්නේය.
එහිදි   අනාවරණය  වුයේ   වතුර   කළුපැහැ ගැන්වීම නිසා අපැහැදිලි   තත්ත්වයක්   පවතින  බවයි. නියමු  රහිත යාත්‍රාවේ  මුලික  අදියරේ   පරික්ෂණ   බෙහෙවින් සාර්ථක වි ඇත.

“කිලෝ  ස්සක්  බර   යාත්‍රාව  අඩි   දෙකක  දිගකින්   යුක්තය. අර්ධ  ස්වයංක්‍රිය  පාලන  පද්ධතියකින්   හා   දුරස්ථ  පාලකයකින්  ක්‍රියාත්මක  වෙයි. සංඥා   නිකුත්  කිරිමට   වයරයකින්   සම්බන්ධිත  ඉපිලුමක්   යාත්‍රාවට   සම්බන්ධ  කර    ඇත.  එම  ඉපිලුම  වතුර   මත  පාවෙයි. ඉපිලුම  විදාන  ලැබෙන්නේ   දුරස්ථ පාලකයෙනි.”

මෙම  යාත්‍රාව නිර්මාණ  සඳහා   විශ්ව විද්‍යාලයේ   යාන්ත්‍රික  ඉංජිනේරු   අංශයේ   සහායද ලැබී   ඇත.
මහාචාර්ය රොහාන්   මුණසිංහ  මහතාගේ   මඟ පෙන්වීම  හා   අධික්ෂණය   යටතේ   ආචාර්‍ය විමල්සිරි   මහතාගේ  සහායෙන්   එදිරිසුරිය, ෆහිම්  ජලාල්ඩින්, දුමින්දු   කව්මදි   ධර්මදාස  සිසුහු  නියමු   රහිත  යාත්‍රාව  නිර්මාණය  කළහ.

උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවියෙනි.





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews