ඇත්තටම මෙම ගීතය යුද්දයේ අවසාන අදියරේදී හැම ශ්‍රී ලන්කිකයෙක්ගේම මුවේ රැව් දුන්නු ගීතයක්.ඒ කාලේ මේ ගීතය අපේ ජාතික ගිය තරම්ම අපිට සමීප උනා. මට නම් හිතෙන්නේ යුද ජයග්‍රහණයට මෙම ගීතය 5%ක හෝ දායකත්වයක් දුන්නා කියලයි.මොකද රටේ සියලුම ජනතාව එක අරමුණක් වෙනුවෙන් එකාද්මික කරගන්න , සියලුම ජනතාවගේ චිත්ත ශක්තිය එහෙමත් නැත්නම් මෝරාල් එක හදන්න ,අපිට මේ යුද්දය දිනන්න පුළුවන් කියල විශ්වාසයක් රටේ ඇති කරන්න රණ ගීයක් ලෙස ලොකු කාර්ය බාරයක් කර ගීයක් මේ.. නියම රණ ගීයක් කියන්නේ මෙන්න මේ වගේ එකකට තමයි.. 

කුරිරු ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් ඒ විජයග්‍රාහී දිනය(18) නිමිත්තෙන් ඔවුන්ට උපහාරයක් ලෙස මෙය share කරන්න

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…

රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
අගී ස්වර්ගයටත් වඩා...
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..

පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා..
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..

රට රකින ජීවිත රකින.....


Special Forces (LRRP) මහසොහොන් බලකාය - 
http://goo.gl/uQpy1b


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews