POSTED ON Friday, May 15, 2015| | Edit Post
නේපාලයේ සහන සේවා කාර්යයන්හි නිරත වන ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සහන සේවා කණ්ඩායම නේපාල වෙසක් උත්සවය පැවැත්වුණු මැයි 04 වන දා බනේපා නගරයේ පිහිටි ධ්‍යානකුටි බෞද්ධ විහාරස්ථානයේ (Dhyankuti vihar of Banepa)ආගමික වතාවත් වලට සහභාගී වූහ.

ශ්‍රී ලංකා හමුදාවන් සහන සේවයේ යෙදෙන ධොලල්ගාට් ප්‍රදේශය හා කත්මණ්ඩු නුවර අතර මැද පිහිටා ඇති ධ්‍යානකුටි විහාරය අනාථ දරු දැරියන්ට සෙවන සලසන සමාජ සේවා මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රකට ය.

ධ්‍යානකුටි විහාරස්ථානයේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේට ද, එහි නේවාසිකව සිටින අනාථ දරුදැරියන්ට ද දානය, පිරිකර සහ තිළිණ පිරිනැමූ හමුදා කණ්ඩායම භූමිකම්පාවෙන් විහාරස්ථාන ගොඩනැගිල්ලට සිදු ව තිබූ සුළු හානි පිළිසකර කිරීමට ද කටයුතු කළහ.

''සහන සේවා වැඩ කටයුතු වලින් නිදහසක් ලැබුණ අවස්ථාවල, වෙසක් කඣඩු හදන්නත් අපේ කණ්ඩායම අමතක කළේ නෑ.” යැයි ත්‍රිවිධ හමුදා කණ්ඩායම භාරව කටයුතු කරන මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් පැවසීය.

වෙසක් කුඩුව සිත් ගත් දර්ශනයක් විය:

ශ්‍රී ලංකා කඳවුරු භූමියේ එල්ලා තිබූ වෙසක් කුඩුව අවට වැසියන් බොහෝ දෙනෙකුගේ සිත් ගත්තක් විය.

නේපාලයේ ධොලල්ගාට් ප්‍රදේශය ආශ්‍රිතව සහන සේවා කටයුතු වල යෙදෙන ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් පසුගිය මැයි 03 වන දා වන විට රෝගීන් 2600 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර සලසා දී තිබුණි.

අවහිර වී ගිය මාර්ග ගණනාවක තිබුණු සුන්බුන් ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයන් සමත් වූහ.

මේ නිසා මෙතෙක් ගමනා ගමන අවහිරතා තිබූ සිපාගාට් – භිම්පූර් මාර්ගය (Sipaghat – Bhimpur Road), ආර්නිකෝ ප්‍රධාන මාර්ගය (Arniko Highway) සහ ධොලල්ගාට් - සැපිං මාර්ගය (Dholalghat – Saping Road) යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ප්‍රදේශයන්ට සහන සේවා සැපයීමට හැකි විණි.

පලන්චෝක් හි පිහිටි භගවතී හින්දු දේවස්ථානයේ ((Bhagawati Hindu Temple of Palanchowk) ප්‍රවේශ මාර්ගය ද අවහිර වී තිබිණි. පසුගිය 03 වන දා ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් ඒ මාර්ගයේ ද සුන්බුන් ඉවත් කළ බැවින්, දැන් හින්දු බැතිමතුනට දේවස්ථානයට ගොස් වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.

සහන සේවා කටයුතු වල යෙදෙන ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් නේපාල රජයේත්, ජනතාවගේත් ප්‍රසාදයට පාත්‍ර වී තිබේ. නේපාල ජනමාධ්‍ය ඔස්සේ ද ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් නිරන්තර අගැයීමට ලක් වීම විශේෂයකි.

උපුටාගැනීම -  www.sinhala.srilankamirror.com










Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews