POSTED ON Thursday, April 25, 2013| | Edit Post

මෙරට තෙල් ගවේශණ කටයුතු කරන ඉන්දීය කේන් සමාගම පවසන්නේ මන්නාරම් ද්‍රෝණියේ කණින ලද සිවුවැනි තෙල් සහ ගෑස් ළිඳ තුළින් උසස් තත්ත්වයේ වැලි හමුවූ බවයි.

දැනට සිවුවැනි ගවේෂණ ළිඳෙන් ලැබුණු ප‍්‍රතිඵල කලින් ලබාගන්නා ලද ත‍්‍රිමාණ දත්ත සමඟ සම්බන්ධ කොට වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් මෙම වැලි ජලධාරක වැලි බවත් එම සමාගම පවසයි.


මන්නාරම් ද්‍රෝණියේ හයිඩ්‍රොකාබන් ගවේෂණ ළිංවල ප‍්‍රතිඵල විමර්ශනයට ලක්කොට ඒ ඔස්සේ ඉදිරි ගවේෂණ ක‍්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළැඹෙන බව ද පවසන එම සමාගම ගවේෂණ ළිං දෙකින් මෙතෙක් සොයාගෙන ඇති හයිඩ්‍රොකාබන් නිධිවල අන්තර්ගත ස්වාභාවික ගෑස් ප‍්‍රමාණය නිර්ණය කිරීම සඳහා වන ඇගැයීම් වටයකට යොමු වන්නේ ද යන්න තීරණය කරන බවද කියා සිටී.

2013 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මුදල් වර්ධය තුළ සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 3223 ක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇති බව ද සඳහන්ය. - lanka C news


  • Nuwan D Amarasingha thawath bala bala inne nethuwa ape rate technology eka use karala wedeta bessanam hari

  • Mahinuwan Gallage @ NUwan,I came from the USA and devotedly and voluntarily worked to developed and build the skill people in SL with Moratuwa University and Petroleum ministry in 2006. The professors of UOM were great and they given me red carpet treatment accepting my proposal.The Petroleum ministry had very lethargic response since every one who worked in official levels were interested on how much commissions that they could earned. I feel very pathetic feeling about our own people....


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews