POSTED ON Friday, April 12, 2013| | Edit Post
ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වය අතින් ලෝකයේ බැබලෙන රටක්‌. එවන් රටවල් 25 අතර ශ්‍රී ලංකාවටත් ඉහළ ස්‌ථානයක්‌ හිමිවෙනවා. මෙම ජෛවවිවිධත්වය අතර දේශීය, ආවේණික, දුලබ ඖෂධීය ශාකවලටද හිමිවන්නේ මිල කළ නොහැකි අගයක්‌. සැබැවින්ම මෙවන් ඖෂධීය ශාක අපගේ ජෛවවිවිධත්වයේ අග්‍රඵලය යෑයි කීවත් නිවැරදියි. මක්‌නිසාද යත්, මේ දේශයේ සෑම තැනකින්ම හමුවන සෑම ගසක්‌, පැළෑටියක්‌ම පාහේ ඖෂධයක්‌ද වන නිසා.

කෙසේ හෝ අපගේ මෙම ඖෂධීය වටිනාකමේ උරුමය අතීතයේ උන් පැරැන්නන් සැලකුවේ දේවත්වයෙන්. එනිසාම දේශීය වෙදකමත්, දේශීය ඖෂධත් අපේ සංස්‌කෘතියේ මූලිකාංගයක්‌ වූවා සේම, නිරෝගී ජාතියක මග ලකුණුද වූ බව රහසක්‌ නොවේ. එහෙත් මෙසේ "සොබා දහමේ රහස්‌" සඟවාගත් දේශීය ඖෂධ "නිධානයේ" වටිනාකම් විවෘත ආර්ථීක රටාවේ සහ කෘතිම ඖෂධ මාµsයාවේ පෑගී, තැලී, පොඩිවී මියයන වකවානුවක ඒ උරුමය රැකගත්තෝ දේශයට හිතැති වෙදැදුරෝ, පරිසරහිතකාමීන්, සැබෑ දේශප්‍රේමීන් සහ දේශීය ඖෂධ පිළිබඳ නව නිපැයුම්කරුවෝම මිස අන්අයවලුන් නොවන බව අපගේ විශ්වාසයයි. අදටත් දේශීය දෑ අගයමින් දේශීය ඖෂධීය ශාකවල වටිනාකම් ලෝaකයට ගෙනයන්නට කටයුතු කරන දේශීය ඖෂධීය සහ රූපලාවන්‍ය නිෂ්පාදකයින් මේ අතර අපට වැදගත් කණ්‌ඩායමක්‌ සේ හඳුන්වාදිය හැක්‌කේ මෙම ඖෂධ ශාක ඔස්‌සේ කර්මාන්ත බිහිකිරීමටත්, එමගින් විදෙස්‌ විණිමය හා ශ්‍රී ලාංකික අභිමානය ලෝකය පුරා පැතිරවීමෙන් දේශයේ සැබෑ අනන්‍යතාව ලෝකය හමුවේ දිගහරින්නට ඔවුන් දක්‌වන ලබන මහත් දායකත්වය හේතුවෙන්. ශ්‍රී ලංකාවේ ඖෂධීය හා රූපලාවන්‍ය නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රථම පෙළේ නිෂ්පාදකයකු සේ ගැනෙන Nature's Secrets වෙළෙඳ නම හිමි නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන් ලිමිටඩ් ආයතනය මෙහිදී අපට නොසලකා සිටිය නොහැකි ආයතනයක්‌ බවට පත්ව ඇත්තේ ඔවුන් තම ව්‍යාපාරික කාර්යයට අමතරව දේශීය ඖෂධ ශාක ක්‌ෂේත්‍රයේ තවත් යෝධ ඉදිරි පියවරක්‌ද තබමින් ඖෂධ ශාක අභිජනනයට, සංරක්‌ෂණය හා ව්‍යාප්ත කිරීමට දක්‌වන සමාජමය සත්කාරය සැලකිල්ලට ගනිමින්. දේශීය ඖෂධීය ශාක ක්‌ෂේත්‍රයේ මෙම දැවැන්ත ඉදිරි පියවර කුමක්‌ද යන්න ගැන කතාකරන්නට මෙන්ම තම කාර්යයන් සියසින්ම දැක ඒ බව ජාතියටම කියන්නට අවස්‌ථාවක්‌ උදාකර දෙමින් පසුගිය දිනෙක එම ආයතනය අපට කාරුණික ආරාධනයක්‌ කළා.

එනම් අක්‌කර 13 ක්‌ පුරා විහිදුණු හොරණ පිල්ලෑවේ පිහිටි ඔවුන්ගේ ආයතන භූමියේ රෝපණය කර ඇති ඖෂධීය ශාක වර්ග 500 ක්‌ පමණද දේශීය ජලජ ශාක 70 ක්‌ පමණද අඩංගු විශ්මිත ඖෂධීය උද්‍යානය තුළ ස්‌ථාපනය කර ඇති අති නවීන තාක්‌ෂණික උපාංගවලින් සමන්විත ශාක පර්යේෂණ ඒකකයත් එහි පටක රෝපණ මධ්‍යසAථානයත් නැරඹීම සඳහායි.

ආයතනයේ කළමනාකාර අධ්‍යකAෂ සමන්ත කුමාරසිංහ මහතාගේ ආරාධනයෙන් එහි ගිය අප පළමුවෙන්ම ආයතනය ස්‌ථාපිත කර ඇති භූමියේ ඖෂධ ශාක උද්‍යානය නැරඹීමට එක්‌වූ අතර එහි රෝපිත දුලභ, වටිනා ආවේණික ශාක ඇතුලත් පන්සියයකට අධික ශාක විවිධත්වය මැනවින් අත්වින්දේ ඒ සඳහා හෝරා තුනක්‌ පමණම ගතකරමින්. අප කලාතුරකින් දකින රත් සඳුන්, සඳරාජ, වනරාජ, ඉරුරාජ, කුඩාහැඩයා, මහාහැඩයා, ඇතුලු කී නොකී ඖෂධ පැළෑටි රැසක්‌ අද "නේචර්ස්‌ සීක්‍රට්‌" ඖෂධ උද්‍යානයේදී සංරක්‌ෂණය කොට ව්‍යාප්තිය සඳහා ද කටයුතු කර ඇති අයුරු අපට දකින්නට ලැබුණා.

එසේම, දුලබ කෙකටියා, අතිඋඩයන්, කෙටල වර්ග, ඕලු, නෙළුම්, මානෙල්, කුමුදු විශේෂ වැනි කිසිදිනෙක එකවර එකම ස්‌ථානයකදී දැකගත නොහැකි ජලජ පැළෑටි වර්ග 70 කට අධික ප්‍රමාණයක්‌ද ඔවුන්ගේ විශේෂ ජලජ ශාක උයනේදී අප දුටුවේ ඒවායේ විකසිතව තිබූ නානා විධ, නානා වර්ණයේ සපුෂ්ප රාශියද සමගින්. ඒ සඳහා මැනවින් උගත් හා පුහුණුව ලැබූ සේවක මඬුල්ලක්‌ද වන බව මෙහිදී සිහිකිරීම වටිනවා.

ඖෂධ උද්‍යානයේ සිරි-විසිතුරු හා අද්විතීයත්වය විඳගත් අපි මීළඟට එක්‌වුණේ පෙර අප සඳහන් කළ (ඖෂධීය) ශාක පර්යේෂණ මධ්‍යස්‌ථානය නැරඹීමට යැම සඳහායිs. එහිදී අපට අදහස්‌ දැක්‌වූ එම සමාගමේ අධ්‍යක්‍ෂ සහ සාමාන්‍යාධිකාරි ආදිත්‍ය කැකුළාවල මහතා කියා සිටියේ මෙම පර්යේෂණාගාරය හුදෙක්‌ දේශීය ඖෂධ ශාකවල අන්තර්ගත ඖෂධීය ගුණ විද්‍යාත්මක වශයෙන් විශ්ලේෂණයට ලක්‌කර මෙම අද්විතීය දේශීය ඔසුවල එම ගුණාංග ලේඛණගත කිරීම තම ආයතනයේ මූලිකම අරමුණ බවයි. දැනටමත් තම ආයතනය මහරගම - නාවින්න පිහිටි රජයේ ආයුර්වේද පර්යේෂණායතනයේද සහාය මත හා එම විද්‍යාඥයින්ගේ උපදෙස්‌ හා සහාය මත මෙන්ම පේරාදෙණිය උද්භිද උද්‍යානයේද සහාය ඇතිව ඖෂධ ශාක පිළිබඳ පර්යේෂණ සිදුකරමින් Collection of Medicinal plants of Sri Lanka නමින් ග්‍රන්ථයක්‌ද සම්පාදනය කර ඇති බව පැවසූ හෙතෙම කියා සිටියේ, දැනට ආරම්භකර ඇති මෙම ඖෂධ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාරව මෙම ග්‍රන්ථය එම නවීන දැනුමින් ද සමන්විතව නැවත යාවත්කාලීන කරන බවයි. එවිට මෙතෙක්‌ ශ්‍රී ලංකාවට නොතිබූ දේශීය ඖෂධ ශාක පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයක අඩුව පිරිමැසීම සිදුවීමට අමතරව අනාගත පරම්පරාවට ඖෂධ පිළිබඳව මෙන්ම ශාක පිළිබඳවද පර්යේෂණ සිදුකිරීම පහසුවන බවද කැකුළාවල මහතා පවසයි.

එවිට අනාගතයේදී දේශීය ඖෂධ ඇසුරෙන් "අගය වැඩිකළ නිෂ්පාදන" සහ දේශීය වෙදකමේදී තිරසර ලෙස හා පහසු අන්දමින් ඖෂධ භාවිතයට ගතහැකි වනු බවද ඔහු විශ්වාසය පළ කළේය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල සිදුකෙරෙන පර්යේෂණවලදී තම පර්යේෂණාගාර ප්‍රතිඵල හුවමාරුකර ගැනීම සඳහා කටයුතු කෙරෙන බවද දැනටමත් විශ්වවිද්‍යාල හා එහි සිසුන්හට නොමිලයේ මෙම ඖෂධ උද්‍යානය හා පර්යේෂණාගාරවල කටයුතු සඳහා දායකවීමට අවස්‌ථාව උදාකර දී ඇති බවද ඔහු පැවසුවා.

ආදිත්‍ය කැකුළාවල මහතා තවදුරටත් මෙසේ කියයි. "අපේ ආයතනය මේ රටේ සාම්ප්‍රදායික ඖෂධ වර්ගවලට නිසි වටිනාකම හා ඇගයීම ලබාදී අගය වැඩිකළ නිෂ්පාදන ලෙස ලෝකයට බෙදාහරින ආයතනයක්‌. ඉතින් අපි මෙසේ පර්යේෂණාගාරයක්‌ ආරම්භ කිරීමෙන් අපගේ නිෂ්පාදන මින්පසු ලෝකයට යෑවීමේදීත් එහි අඩංගු ඖෂධවල රසායනික සංයුතිය හා එම සංඝටක නිර්විෂ හා මොනතරම් ශරීරයට ගුණදායකද යන්නත් පාරිභෝගිකයාට ස්‌වයං තීරණයක්‌ ගන්න මින්පසු හැකිවේවි. කෙසේ හෝ ලංකාවේ ඖෂධීය ශාකවලට අගයක්‌ ලබාදීම හා ඖෂධ ගුණ විද්‍යාත්මකව තහවුරු කිරීම අපගේ අරමුණ බව කෙටියෙන් සඳහන් කළ හැකියි."

පටක රෝපණ විද්‍යාගාරය (Tissue culture Lab) හා එහි කාර්යභාර පිළිබඳව සඳහන් කරන සමාගමේ අධ්‍යක්‍ෂ හා සාමාන්‍යාධිකාරී ආදිත්‍ය කැකුලාවල මහතා මෙසේ අපට විග්‍රහ කළා.

"ලංකාවේ පටක රෝපණ විද්‍යාගාර ඕන තරම් තියෙනවා. ඒත් අපේ විද්‍යාගාරයෙන් කෙරෙන්නේ ලංකාවට ආවේණික, දුලබ, රෝපණය කරගැනීමට අපහසු පැළෑටි මේ ක්‍රමයට බෝකර ජනතාව අතර ව්‍යාප්ත කිරීමයි. දැන් ලංකාවේ බෙහෙත් පැළෑටි කැලෙන් එකතු කරනවා මිස වගාකිරීම බොහෝම අඩුයි. ඒ නිසා මේ පැළෑටි වඳවී යැමේ තර්ජනයට ලක්‌වෙලා. ඒ නිසා අපි තීරණය කළා මෙසේ ශාක අභිජනනය කර නොමිලේ ගොවිජනතාව අතර බෙදාහැර, ව්‍යාප්තිය වැඩිකරන්න. මේක ජාතික කාර්යභාරයක්‌ හැටියටයි අපි කරන්නේ. ලාභ ලබන ව්‍යාපාරයක්‌ නෙමේ. සමාජ සේවා කාර්යයක්‌ හැටියට. දැනටමත් අපි රත්හඳුන්, බිංකොහොඹ, දුහුඳු වැනි ශාක පටක රෝපණ තාක්‍ෂණයෙන් අභිජනනය කරනවා. ඉදිරිකාලයේදී සුදුසු ගොවීන් තෝරාගෙන මෙම පැළෑටි ගෙවතු මට්‌ටමින් හා වාණිජ මට්‌ටමින් වගාකිරීම සඳහා ඔවුන් අතර නොමිලයේ බෙදාදෙනවා.

සැබැවින්ම රටේ අමිල සම්පතක්‌ වන ඖෂධ පැළෑටි එකතු කිරීම හේතුවෙන් ඒවා වඳවී යැමේ තර්ජනයට ලක්‌ව තිබෙනවා. ඇතැම් ඖෂධ ශාක ඉන්දියාව වැනි රටවලින්ද ආනයන කෙරෙන නමුත් දැන් ඒ සඳහාද තහංචි වැටී තිබෙනවා. එවන් විටෙක ඒවා වානිජ මට්‌ටමින් වගාකළ හැකිනම් එය කෙතරම් ජාතික කාර්ය භාරයක්‌ද දැන් නේචර්ස්‌ සීක්‍රට්‌ ආයතනය සූදානම් වන්නේ තම නිෂ්පාදනවලට ගන්නා ඖෂධ පමණක්‌ නොව, වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති සියලු දුලබ ඖෂධ වර්ග වගාකිරීමට කටයුතු කළයුතු බවට මඟපෙන්වීම හා ඊට සහාය ලබාදීමයි. එබැවින් ඔවුන්ගේ මෙම පටක රෝපණ මධ්‍යස්‌ථානය ජාතික ආයතනයක්‌ බවද ඔවුන් කියා සිටිනවා. එසේම ඖෂධීය වටිනාකම් සහිත ශාක ජාන සොරකමට ලක්‌වී පිටරටට ඇදීයාම වැළැක්‌වීමත්, එම සම්පත් රට තුළදීම අගය වැඩි නිෂ්පාදන බවට පත්කර වැඩි විදෙස්‌ විනිමයක්‌ හා මෙම ඖෂධ වලට නිසි වටිනාකම ලබාදීමත් මේ මගින් කළ යුතු බවද සමාගම පවසයි. එනිසා තවත් නොබෝ දිනකින්ම මෙම පටක රෝපණ මධ්‍යස්‌ථානයෙන් බිහි වෙන ඖෂධ පැළෑටි රටතුළ ව්‍යාප්ත කිරීම ඇරඹෙනු ඇත. එසේම ශාක වර්ග විද්‍යාත්මක විශ්ලේෂිත තොරතුරු සමගින් අගනා ග්‍රන්ථ හා අගනා නිෂ්පාදනද වෙළෙඳපොළට එක්‌වනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරමින් හා ගොවියා ආර්ථික වැවිලිකරුවකු බවට පත්කරමින් (දුලබ) ඖෂධ වගාවද රටතුළ ඇරඹෙනු ඇත. එනිසා නේචර්ස්‌ සීක්‍රට්‌ ආයතනයේ ඖෂධ උයනේ මෙන්ම පර්යේෂණාගාර තුළද ඇවිද ගොස්‌ අපි දුටු මේ සොබා දහමේ රහස්‌" සොයන විශ්මිත කටයුතුවල ප්‍රතිඵල රටේ අභිවෘද්ධිය තකා ජනතා මෙහෙවරක්‌ වේවායි අප ඉත සිතින් ප්‍රාර්ථනය කරන්නට කැමතියි.



  

ස්‌තූතිය - කෞෂි ද සිල්වා
ඡායාරූප - වාසල සේනාරත්න


ජගත් කණහැරආරච්චි

උපුටා ගෑනීම divaina

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews