POSTED ON Friday, April 12, 2013| | Edit Post

පොඩි කාලෙ ඉඳන් අපි කවුරුත් දන්න ක්‍රීඩාවක් තමයි ලූඩෝ කියන්නේ. මේක ලෝකයේ ගොඩක් රටවල් වල ප්‍රසිද්ධ Board Game එකක්. දැන් ඒ ලූඩෝ ක්‍රීඩාව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන තියෙන ඔබටත් අත්විඳින්න පුළුවන්. ඉතින් මෙම අපුරු ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ අපේ රටේ දක්ෂයෙක්.
 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මෘදුකාංග ඉංජිනේරු  අංශයෙන් උපාධිය හදාරන හිමාෂ සමරවීර තමයි මේ Sri Ludo ක්‍රීඩාව නිර්මාණය කරල තියෙන්නේ. ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වූ  SLIIT CODEFEST 2012 මෘදුකාංග තරඟයේ විවෘත අංශයෙන් Bronze Award හා Creative Award යන සම්මාන දිනා ගැනීමට මොහු සමත්  වුනා.


ක්‍රීඩාවට සජීවී බව එක් කරන්න හිමාෂ බොහෝ සෙයින් උත්සාහ කරලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් භාවිතා කරන ඔබට නොමිලේම මෙම ක්‍රීඩාව Download කරගන්න පුලුවන්. අපි ඔබෙන් පොඩි ඉල්ලීමක් කරනවා . අපේ රටේ මේ දක්ෂයා ව අගය කරන්න. ඔබට කරන්න තියෙන්නේ මේ පිළිබදව දන්න හැමෝම දැනුවත් කරන්න.  එවිට ඔහුට තවත් බොහෝ දේ ඇන්ඩ්‍රොයිඩ් වලින් කරමින් අපේ රටේ නම ලෝකයට ගෙනියන්න පුලුවන් වේවී.

Features:
- Play against computer AI
- Play against your friend
- User friendly interface
- Animations
- Sound effects
- Sound on/off option
- Save game option

Download කරගන්න :
Sri Ludo (Sinhala Version) (New) මෙතනින් 
Sri Ludo (English Version) මෙතනින්
Sri Ludo පේජ් එක


Anjula Sashika - April 5, 2013 - Samsung Galaxy S2 with version 1.0

Excellent Game ! උපරිමයි !

Really love this game. It's very fun when plying with friends ! Nice Graphics ! You should download this and play once.Then you will realize what I'm saying. මෙය සැබවින්ම විනෝදය සපයන ක්‍රීඩාවක්. මා වැඩිපුරම ආස කරනුයේ මෙහි ඇති "මිතුරෙකු සමග ක්‍රීඩා කරන්න" යන option එකටයි. කුඩා දරුවෙකුට වුනත් 'සිංහල' පහසුකම නිසා පහසුවෙන්ම ක්‍රීඩා කළ හැකියි. යොදාගෙන ඇති interfaces, වර්ණයන්, animations, හා වෙනත් හැඩතලයන් ක්‍රීඩාවට වඩාත් උචිතයයි මගේ හැඟීමයි. හිමාෂ ඔබට ජය !



විස්තරය උපුටා ගත්තේ www.droidslk.com වෙබ් අඩවියෙනි.www.droidslk.comවෙත පිවිස  ලාංකික  ඇප් නිර්මානකරුවන් දැක බලා ගන්න.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews