POSTED ON Friday, April 26, 2013| | Edit Post
 පාකිස්තානයේ තට්ටා සිමෙන්ති සමාගම හම්බන්තොට වරායේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සූදානම්වේ .

තවද අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට මේවනවිට ඔවුන් පැමිණෙමින් තිබෙන බවද අනාවරණය වේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා අවශ්‍ය ඉඩම් වසර 25 ක කල්බදු පහසුකම මත ලබාගැනීම සඳහා සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එළඹී තිබේ.


සමාගම විසින් හම්බන්තොට වරායේ ඉදිකිරීමට යන කර්මාන්ත ශාලාව සඳහා ඩොලර් මිලියන 15 ක් ආයෝජනය කිරීමට සූදානම් වන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 300,000 ක සිමෙන්ති ඇඹරීම සඳහා සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන අරමුදල් වලින් කොටසක් පියවා ගැනීම සඳහා ඒකාබද්ධ ණය ලබාගැනීම, බැඳුම්කර නිකුත් කිරීම ඇතුළු ක්‍රමවේද පිළිබඳව මේ වනවිට සමාගම කටයුතු කරමින් සිටී.

මෙම කම්හල මගින් පළමු වසරේදී දේශීය වෙළඳ පොළ ඉලක්ක කර සිමෙන්ති මෙට්‍රික් ටොන් 100,000 ක් පමණ ඇඹරීමට සැලසුම් කර තිබෙන අතර ක්‍රමයෙන් නිෂ්පාදනය වැඩි කිරීම සැලසුමයි. දෙවන අදියරේ පුළුල් කිරීම් වලදී නිෂ්පාදන ධාරිතාවය වසරකදී මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් දක්වා පුළුල් කිරීම අපේක්ෂාවයි.

මේ අතර හේලීස් ආයතනයද හම්බන්තොට වරය ආශ්‍රිතව පොහොර සැකසීමේ නිෂ්පාදනගාරයක් නුදුරේදීම ඇරභිමට නියමිතය.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews