POSTED ON Sunday, April 7, 2013| | Edit Post

1993 වසරේදී සේවකයන් අට දෙනෙකුගෙන් යුක්ත සමාගමක් අරඹමින් ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික ලොවට ප‍්‍රවිෂ්ඨ වූ ඒ මහතා මේ වන විට නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්, මල්ටිකෙම් ඉන්ටර්නැෂනල්, මල්ටිකෙමි එක්ස්පෝර්ට්, මල්ටිකෙමි බංග්ලාදේශ්, ඊකෝ පෙ‍්‍රාටෙක්ට් ඉන්ජිනියරින් යන සමාගම්වල හිමිකරු වෙයි.
ශී‍්‍ර ලංකාවට ප‍්‍රථම වතාවට පරිසර හිතකාමී පිරිසිදු කාරකයක් හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලොවට පාතැබූ හෙතෙම සෑම විටම අලුත් හා නිර්මාණශීලී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සුක විය.

රෙදිපිළි සැකසීමේදී සහ නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේදී අදාළ එන්සයිම අපනයනය කිරීමේ පුරෝගාමියා වන කුමාරසිංහ මහතා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව බංග්ලාදේශයේ නිෂ්පාදන ආයතනයක් ඇරැඹූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා ද වෙයි.

මල්ටි කෙමි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන සමන්ත කුමාරසිංහ මහතා දෙස් විදෙස් සමාගම් කිහිපයකම සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දකුණු පළාතේ මොරවකදී උපත ලැබූ හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

ශී‍්‍ර ලංකා අපනයනකරුවන්ගේ සංවිධානය කරන මධ්‍ය පරිමාණ අංශයේ වසරේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලබා ඇති කුමාරසිංහ මහතා 2004, 2005, 2006, 2007 වසරවලදී සම්මාන රැසක් දිනා ගත්තේය.
දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ජයගනිමින් මෙරට ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් ඇගැයීමට පැවැත්වෙන එම සම්මාන උළෙලේ රන් සම්මානය දිනා ගැනීම සුවිශේෂි ජයග‍්‍රහණයකි.

දේශීය කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ සුවිශේෂි නමක් හිමිකරගෙන සිටින කුමාරසිංහ මහතාගේ නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන් තත්ත්ව සහතික දිනාගනිමින් ශී‍්‍ර ලංකාවට ගෞරවයක් ගෙනදීමට සමත්ව ඇත.
ඒ මහතා හිමිකාරිත්වය දරන මල්ටිකෙම් එක්ස්පෝර්ට් සමාගම ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය එන්සයිම අපනයනය කරන අතර එම ආයතනයේ උසස් තත්ත්වය නිසාම ISO 9001 – 2000 තත්ත්ව සම්මානය හිමිකර ගෙන තිබේ.
රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන සෑම පාරිභෝගියකුම දැඩි ඇල්මක් දක්වන නේචර් සීක‍්‍රට් නිෂ්පාදනය කෙරෙන්නේද සමන්ත කුමාරසිංහ මහතාගේ හිමිකාරිත්වය යටතේ ඇති නේචර් බියුටි කි‍්‍රයේෂන් හිදීය....වැඩි විස්තර මෙතනින්

Address -No: 377/1, Welsiri Mawatha, Hokandara South,   Hokandara
Telephone - 094-11-2465406
Fax - 94-11-2465313





   




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews