POSTED ON Sunday, April 21, 2013| | Edit Post

'කැසිනෝ රජ' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා  ලංකාවට පැමිණීය.

කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් හා නයිට් ක්ලබ් විනෝදාංග සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සැලසුම් සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


ඔහුගේ අපේක්ෂාව ක්‍රවුන් කලම්බු නමින් වන එම මධ්‍යස්ථානය වැඩ 2016 වසර වන විට නිම කරන්නටය.
මින් ටික කලකට පෙර රජය මගින් අනුමත කර ලිහිල් කරන ලද සූදු ව්‍යාපාර සම්බන්ධ පනත හේතුවෙන් මෙවැනි ව්‍යාපාර සංචාරක කර්මාන්තය දියුණු කිරීම යන පදනම මත දැන් ලංකාවේ අනුමත බැවින් ජේම්ස් පැකර්ට මෙහි සිය ව්‍යාපාර පිහිටුවා ලංකාව සූදු මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පහසු කටයුත්තක් වී තිඛෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක වත්කමක් ඇති 45 හැවිරිදි ජේම්ස් පැකර් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ෆෝබ්ස් සගරාවට අනුව එරට ධනවත්ම පුද්ගලයින් අතර 4 වැනියාය. මෙල්බර්න් නුවර හා පර්ත්හි ඔහුට අයත් විශාල පරිමාණ සූදු සංකීර්ණ පිහිටුවා තිඛෙන අතර ඔහු ඇමරිකාවේ ලාස්වේගාස් සූදු වෙළෙඳ පොළටද ඇතුළුවී සිටින්නෙකි.

ඔහු ලංකාවේ සූදු පොළක් අරඹන්නට තීරණය කර ඇත්තේ ආසියානු හා මැදපෙරදිග වෙළෙඳපොළ අල්ලන්නට ලංකාව පහසු කේනද්‍රස්ථානයක් ලෙස කල්පණා කළ නිසාය..

අදාල විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරත් අනාවරණය කරන ආකාරයට ලබන වසර මුලදී මේ කැසිනෝ මන්දිරය මූලික ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 


පසුවදන - ලෝකයේ දැවැන්තම කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් ලංකාව කැසිනෝ මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබෙන බව පසුගිය කාලයේදී කණින් කොනින් ඇසුණු කතාවක්. නමුත්, එය තහවුරු කරන පුවතක් ඕස්ට්‍රේලියාවේ “ද ඒජ්“ නැමති පුවත් පත පළකර තිබේ.
මෙම වාර්තාවේ දැක්වෙන්නේ ඉන්දියාවට ළඟින් පිහිටීමේ වාසිය තිබෙන ශ්‍රී ලංකාවේ සිය කැසිනෝ ව්‍යාපාරික කටයුතු ස්ථානගත කිරීමේ අරමුණෙන් ජේම්ස් පැකර් පසුගිය කාලයේදී තෙවරක්ම ශ්‍රී ලංකාවට පැමිණි බවත් එයින් ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් දක්වන ඇල්ම පිළිඹිබු වන බවයි.















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews