POSTED ON Friday, April 5, 2013| | Edit Post


ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරු ජේ. කුලතිලකගේ නිපැයුමකි...

ධාවනය වන වාහනයක ටයරයක් සිදුරු වූ විට එය ස්වයංක්‍රියව වැසෙන විශේෂ ජෙල් වර්ගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරුවරයකු වන ජේ. කුලතිලක මහතා සමත් වී තිබෙනවා. ඔහු විසින් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ද ගෙන නව නිපැයුම වෙළෙඳපොළට ද හඳුන්වා දී තිබෙනවා.

දෙනියායේ පදිංචි කුලතිලක මහතා විසින් ‘ලයිනා’ නමින් හඳුන්වන මේ ජෙල් වර්ගය කැනඩාවෙන් මෙරටට ගෙන්වන සුළු අමුද්‍රව්‍යයක් හා ලංකාවේ පරිසරයට ගැළපෙන අමුද්‍රව්‍යයන් එක්කොට නිෂ්පාදනය කොට තිබෙනවා. එමෙන්ම එය කිසි අයුරකින් ගිනි නොගන්නා බවද හෙතෙම පවසනවා.




මේ ජෙල් වර්ගය වරක් ටියුබ්ලස් ටයරයකට ඇතුළු කළ පසු එම ටයරය පාවිච්චි කරන තෙක් එය සිදුරුවන සෑම වරක් පාසාම එම සිදුර ස්වයංක්‍රියව වැසී යන බව කුලතිලක මහතා පවසනවා. සාමාන්‍ය බස් රථයක ටයරයකට මේ ජෙල් මිලිලීටර් 30ක් ඇතුළු කිරීම ප්‍රමාණවත් වන අතර අනෙක් වාහන සඳහා ඒ ටයර්වල ප්‍රමාණය අනුව මෙය යොදාගත හැකි බවද ඔහු පවසනවා.

‘පැච් එකට තිතක්’ වශයෙන් නම් කොට ඇති මේ ජෙල් වර්ගය නිසා වාහනයකට අවශ්‍ය අමතර ටයරයක් අවශ්‍ය නොවන බවද හෙතම පවසනවා. විශේෂයෙන්ම රාත්‍රි ගමන් හා අධිවේගී මාර්ගයේ යෑම සඳහා, ආරක්ෂක හා දේශපාලන ක්‍ෂේත්‍රයට මේ ජෙල් වර්ගය භාවිතයට ගැනීම වඩාත් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් බවද හෙතෙම අනාවරණය කරනවා.

මේ නිෂ්පාදනාගාරය මීගමුව ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති අතර දිවයිනේ සියලු නගරවල ඇති ටයර් අලුත්වැඩියා හා ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි බව ජේ. කුලතිලක මහතා පවසනවා.

 සම්බන්දිත ලිපි - http://goo.gl/SzQUw




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews