පිටිකිරි විස සහිත බවට ලංකාවේ පැවති සංවාදය දැන් අතුරුදන්ය.කඩේට ගිහාම හොඳ නෑ කියූ පිටි පැකටුත් ලස්සණට විකුණන්නට දමා තිබේ. අර්බුදය පැවති කාලයේ සමහර පාරිභෝගිකයින් බ්‍රෑන්ඩ් වෙනස් කරගත් නමුත් මුදල්දී ප්‍රශ්නය විසඳාගත් බවට පැතිරෙන රාවයන් හමුවේ කොයි කොයි පිටිත් දැන් විකිණෙයි.නමුත් මේ පිටිකිරි සියල්ලම හොඳ නැති බව විද්වතුන්ගේ මතයයි.
විශේෂයෙන්ම ළමයින්ට කිරි දීමේදී මේ ගැන අවධානය වැදගත්ය. වෙළෙඳ ප්‍රචාරණයන්ට මුළාවී පිටිකිරි මිලට නොගන්නා ලෙස ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය මහාචාර්ය නාරද වර්ණසූරිය පසුගියදා දැක්වූ අදහස් පහත පළෙවි.

පිටි කිරි දැන් තේ එකට දැම්මට ඉස්සර එහෙම කළේ නෑ. අවුරුදු 30-40 කට කලින් මේවා ආවේ. අපි ඇත්ත කිරි බිව්වා. මුදවපු කිරි මෝරු වැනිදේ කෑවා බිව්වා. අපි අම්මගෙන් ඇරෙන්න කිරි බොන්න පුරුදු වෙච්ච ජාතියක් නෙමේ.
මේක වෙනස්වෙලා තියෙන්නේ ඉබේ නෙමේ ඔය කොම්පැනි කාරයො කෝටි ගණන් වියදම් කරලා ලස්සණට දැන්වීම් ටීවි එකේ දානවා. මොලේ වැඩෙනවා කියනවා. ඕව පට්ටපල් බොරු. ඇඩ් එකක් දානවා පූසා කිව්වම සිංහයා කියනවාලූ ළමයා. එහෙම ශක්තියක් වෙන දෙයක් කිරිවල නෑ.

එහෙම ශක්තියක් තියනව නම් තියෙන්නේ මව් කිරි වල. එංගලන්තයේ ජර්මනියේ මාර්කට් එකේ පිටිකිරි විකුණන්න නෑ. එහේ කිරි බොනව නම් සාමාන්‍ය කිරි තියනව. මේ ආසියාවෙයි මැදපෙරදිගයි තමයි අරහෙං ගෙනල්ල ඒගොල්ලන් පිටිකිරි වෙළෙඳපොළක් හදාගෙන තියෙන්නේ.

මොළේ වැඩෙනවා පිටකොන්දෙ රෝග නැතිවෙනව, අස්ථී ශක්තිමත් වෙනව කියල නොයෙකුත් බොරු කියාගෙන මේව විකුණනවා. අපේ මිනිස්සු මේවට රැවටෙනවා.
ඔස්ටියො පොරෝසිස් කියලා රෝගයක් ගැන කියනව. එහෙම රෝගයක් ඉස්සර තිබුණ තමයි. ආච්චිල සීයල ඒකාලේ කුදුවෙනවා වයසට යනකොට. ඒව දැන් ආහාර රටාව එක්ක නැතිවෙලා. අපි කන ආහාරයේ ඕන තරම් කැල්සියම් තියනවා. මුරුංගා කොළ කතුරුමුරුංගා කොළ වලින් අවශ්‍ය ප්‍රමාණය ලබාගන්න පුළුවන්. ඕවට වෙනම කිරි ඕන නෑ.

දැන් අලූත්ම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් අනුව කියන්නේ අම්ම ඔබරේෂන් කරලා බබාව ලැබුණත් බබා ඉපදිලා පැය භාගයෙන් මව්කිරි දෙන්න කියලා. මොකද මව්කිරි ඒ තරමට වැදගත්. මේ විදිහට මාස 6ක් අනිවාර්යෙන්ම මව්කිරි දෙන්න ඕන.
ඉස්සර කාලෙ දැනුමෙන් තමා මාස දෙකකින් වෙනත් දේවල් දෙන්නෙ. පළතුරු විටමින් මොනවත් ඕන නෑ. උපත් බර අඩු දරුවන්ට පමණක් විශේෂ අවශ්‍යතා වලට දෙනවා. මේ කාලෙදි පිටිකිරි තේහැන්දක්වත් එපා.
දරුවන්ට මුල් කාලේ මව්කිරි වෙනුවට පිටිකිරි දෙන්න හැදුවොත් ඒකින් ප්‍රතිශක්ති ගුණය නැතිවෙනවා.ඇදුම ආසාත්මිකතාව පීනස දද කුෂ්ඨ පළුදැමීම් වගේ අනාගත ලෙඩවලට බලපානවා. සමහරු ලේසියට කියල කුඩා බිළිඳුන්ට පිටි කිරිදෙනවා. ඒකින් වෙන්නේ වියදම් කරල ලෙඩ හදා ගැනීමක්.

මෙම කතාවේ වීඩියෝව බලන්න 




උපුටා ගෑනීම -  http://www.gossiplankanews.com/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews