POSTED ON Thursday, September 12, 2013| | Edit Post
✰ ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්. ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්....

✰ සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබබා. ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා. චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කටහඬක් නැහැයි කියලා. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැහැ. ඒ තමා අපි කව්රුත් හඳුනන එච්. ආර්. ජෝතිපාල ජනප්‍රිය ගායන ශිල්පියා....

✰ අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා. ඔහු පන්තියේ හැමදාමත් අන්තිමයා වුනේ. කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ධ විද්වතා
ඇල්බටට් අයින්ස්ටයින්....

✰ අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා. ඔහු ඔහුගේ ළමා කාලය ගතකලේ මහ මග. අනුන්ගේ කඩපිල් වල. තරුණ වියට පත්වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යන එන මිනිස්සු හිනැස්සුවා. ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න. එහෙත් ඔහු මියයද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හඬා වැටුනා. ඔහුගේ නම චාලි චැප්ලින්....

✰ තරුණ වියේදී එක් තරුනයෙක්ව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරපා දැමුවා. ඔහුගේ එකම හීනය වුනේ සිනමා උපාධියක් අරගන්න. ඔහු උත්සාය අත්හැරියේ නැහැ. තමා සිහිනයක්ව ප්‍රර්ථනා කරපු උපාධිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා. ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා....

✰ සැමියා අතහැර දැමූ වැන්දබු කාන්තාවක් තම එකම දරුවා ජීවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දිත් ඇය තීරණය කලා පොතක් ලියන්න. ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා. අහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා. මේ තමා ජේ.ආර්. රොව්ලින් සහ ඇයගේ මුල්ම නිර්මාණය "හැරී පොටර් " නවකතාවේ ඉතිහාසය....

✰ වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක් තරුණයෙක්ව තම සමාගමෙන් ඉවත් කර දැමුවා. "උඹට සින්දු කියන්න බෑ.. උඹට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අයිතිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් රථ රියදුරෙකු වුනු නිසා. එහෙත් තරුණයා එයින් සැලුනේ නෑ. ඔහු නැවත නැවතත් උත්සා කලා. ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා "එල්විස් ප්‍රෙස්ලි " නමින්....

✰ දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා. කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත්කම නිසා. කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සාදන්නෙකු ලෙසත් සේවය කලා. ඒ උපයා ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැඳී නීති උපාධියත් සමග දේශපාලනයට අවතීර්ණ වුනා. දහතුන් වතාවක් ඡන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත්වුණා. ඒ ඒබ්‍රහම් ලින්කන්....

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරැද්දක් නොවෙයි. එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්. ජීවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ. ජීවිතයේ වැටෙන හැම මොහොතෙම අපි තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා. තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කලා කියන හැඟීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න....


දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews