POSTED ON Friday, September 6, 2013| | Edit Post
ශ්‍රී ලංකාව චීනයේ දී විශාල සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව නිම කරයි. එය “Sri Lanka Shines In Beijing” යනුවෙන් නම් කොට තිබුණි. බීජිං හි පවත්වන ලද මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ප්‍රධාන ආයතන සහ සංවිධාන 45 ක් එක්වී සංවිධනය කර තිබුණි. ජනාධිපතිතුමාග් උපදෙස් යටතේ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව එය චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්ය්‍යංශය විසින් පවත්වන ලදී.

මේ යටතේ බීජිං හි චයිනා වර්ල්ඩ් හෝටලයේදී පවත්වන ලද ශ්‍රී ලංකා රාත්‍රියට මෙරට අනන්‍යතාව පිළිඹිබු කෙරෙන වර්ණවත් සංස්කෘතික සංදර්ශනයක් ඇතුලත්විය. චීනයේ දේශපාලනඥයින්,රජයේ නිලධාරීන්,සංචාරක අංශයේ ව්‍යාපාරිකයින් සහ මාධ්‍ය නියොජිතයින් ඇතුළු 500 ක් පමණ පිරිසක් ඊට ඇරයුම් ලැබ සිටියහ.

දෙවැනි දිනයේදි චීනයේ සංචාරක සහ වෙළඳ ව්‍යාපාරවල වෘත්තිකයෝ 300 කට වැඩි පිරිසක් ව්‍යාපාරික හමුවකට සහභාගිවූහ. එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක සහ චාරිකා කර්මාන්තවල නිරත ව්‍යාපාරිකයින්ට චීනයේ එම පිරිස් සමඟ අදාල ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවිය. චීනයේ චාරිකාකරුවන් වෙනුවෙන් මෙහිදී විශේෂ නිවාඩු ගතකිරිමේ පැකේජයක් හඳුන්වා දෙන ලද අතර හ්‍රී ලංකන් ගුවන් සේවය ඔවුන්ට විශේෂ ගාස්තු ක්‍රමයක් ලබා දුන්නේය.

ශ්‍රි ලංකා නැටුම් ගැයුම් වැයුම් සමගින් මෙරට නිෂ්පාදන සහ සේවා ප්‍රචලිත කිරීමක් ද මෙම වැඩසටහනට ඇතුලත්විය.ශ්‍රි ලංකාවේ නිල් මැණික් ඇතුළු මැණික් එහිදී ප්‍රදර්ශනය කෙරිණ. ප්‍රචාරණයට බස් රථ යෙදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනය චීනයේ ප්‍රචලිත කිරීමේ විශාල වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

දැනට ශ්‍රි ලංකාවට පැමිණෙන චීන සංචාරකයින් ගේ සංඛ්‍යාව වසරින් වසර 74% න් පමණ වැඩිවෙමින් තිබේ.2012 වසරේදී චීන ජාතිකයික් මිලියන 83 ක් ව්ව්ධ රටවල සංචාරවල යෙදී ඇත. එවැනි චීන සංචාරකයින් බහුල වශයෙන් ශ්‍රී ලංකාවද සිය සංචාරක ගමනාන්තයක් කර ගන්නා පිරිසක් බවට පත් කර ගැනීම මෙවැනි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වල අරමුණයි.

මෙම චීන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙහි නායකත්වය දැරුවේ ජ්‍යෙෂ්ඨ ඇමති ඒ.එච්.එම්.පවුසි මහතාය. නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා ද එම නියෝජිත පිරිසට ඇතුලත්විය. 







Sri Lanka held its first ever mega promotion in China as a joint effort of the public and private sector where 45 government and private sector institutions joined for the promotion campaign. The event was organised by the Sri Lanka Tourism Bureau and the Sri Lankan Embassy in Beijing held from August 30 to September 3.

As part of this mega promotion a Sri Lanka bus branding campaign too was inaugurated on August 30 at the same venue. Over 300 buses have been deployed to promote Sri Lanka among the Chinese public living and visiting Beijing, Shanghai, Chengdu and Guangzhou. Chinese tourist arrivals have seen a steady increase. A bus is seen playing on a Chinese route and a dance item at the Beijing promotion's Sri Lankan Night.

Anura S. Liyanage Target-news -Friday, 6th September 2013

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews