POSTED ON Friday, September 6, 2013| | Edit Post
 පොල් ලෙලි යොදා ගනිමින් පරිසර හිතකාමී නිමි භාණ්ඩ නිෂ්පාදනය කරමින් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් 30ක සාඩම්බර අපනයනකරුවෙකු බවට පත්වු රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම නිරික්‍ෂණය කිරීම සඳහා ශ‍්‍රි ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ සිසොන් මහත්මිය පසුගිය 2013 සැප්තැම්බර් 03 වනදා එම සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වුණා.


පැය 04 ක පමණ කාලයක් ශ‍්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිවරිය මෙවැනි කර්මාන්ත ශාලාවක් නිර්මාණය කළ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. පොල් ලෙලි යොදා ගනිමින් රියෝකොකෝ ආයතනය නිෂ්පාදනය කරන නිමි භාණ්ඩ අමෙරිකා එක්සත් ජනපදයේ හරිතාගාර සුපිරි වෙලෙඳ සැල්, පැල තවාන, මුහුදු ඛාදනය වැලැක්වීමේ සහ පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘති සඳහා අපනයනය කරනු ලබයි. සංචාරය සඳහා පැමිණි තානාපතිනිවරිය කර්මාන්ත ශාලා පුරා ඇවිද එහි නිෂ්පාදන වන ආකාරය පිලිබඳ එහි සේවකයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වු අතර රියෝකොකෝ ආයතනයේ අලූතින් ඉදි කරන නව ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීමට එතුමිය අතින් සිදු විය.


නිරික්‍ෂණය අවසානයේ මාධ්‍ය ඇමතු තානාපතිනිය කියා සිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන් ටෙක්සාස් ප‍්‍රාන්තයේ රියොකොකෝ නිෂ්පාදන ඉතා විශාල ප‍්‍රමාණයක් භාවිතා කරන බවත් එම නිෂ්පාදනය සිදු වන ආකාරය දැක ගැනීම පිළීබඳ තමන් සතුටු වන බවත්ය. හරිතාගාර ආචරණයට නිසි පිළිතුරක් ලබා දීමට රියොකොකෝ ආයතනය සහ නිෂ්පාදනයන් සමත්ව ඇති බවත් මෙම දැවැන්ත ක‍්‍රියාවලිය පසු පස සිටින ශ‍්‍රී ලංකීක තරුණ ව්‍යාපාරිකයා පිළිබඳව තමන් මහත්සේ සතුටුවන බවත් ද අවධාරණය කර සිටියා. මේ අතර තානාපතිනිය අතින් රියෝකොකෝ සමාගමේ නව වෙබ් අධවිය වන www.riococo.com ද එළිදැක්විය

Riococo 42රියෝකොකෝ ලංකා (පුද්) සමාගම ගැන

රියෝකොකෝ ලංකා (පුද්) සමාගම පොල්ලෙලි යොදා ගෙන නිෂ්පාදනය කරන අගය එකතු කළ නිමි භාණ්ඩ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් 30 කට අපනයනය කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ අර්වින් නගරයේ පිහිටි සී හින්ස්ලින්ක් ජාත්‍යන්තර සමාගම සහ අනුබද්ධිතව පරිසර හිතකාමී රසායන ද්‍රව්‍ය වලින් තොර ප‍්‍රමිතියෙන් යුතු භාණ්ඩ අපනයනය කරයි. අමෙරිකා එක්සත් ජනපදය කැනඩාව, මෙක්සිකෝව,ජපානය, එංගලන්තය වැනි රටවල් වල හරිතාගාර තුළ එලවළු වැවීම සඳහා යොදා ගන්නා ප‍්‍රධානතම වැවීමේ මාධ්‍ය රියෝකොකෝ සන්නාමය සහිත නිමි භාණ්ඩ වේ.


තරුණ අතිවිශිෂ්ඨ කාර්ය සාධන ව්‍යවසායකයා රියෝකොකෝ සමාගමේ සභාපති සුසන්ත සිසිල්වන්ද්‍ර මහතා 2007 වසරේදී සම්මානයෙන් පුදන ලදී.

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ පැවැත්වු මෙම සම්මාන උලෙලේදී අවු35 ට අඩු ව්‍යයවසායකාට එම සම්මානය ලද පුදනු ලැබු ප‍්‍රථම අස්ථාව මෙය විය.

ජාත්‍යන්තර ව්‍යාපාරිකයා 2011 ඩලස්, ටෙක්සාස් ඩලස් නුවර

ආසියා අමෙරිකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන ලද ව්‍යවසායකයන් ඇඟයීමේ සම්මාන උලෙලෙදී වයස අවුඃ40 ට අඩු ව්‍යාපාරිකයන් අනතුරින් ජාත්‍යන්තර ව්‍යාපාරිකයා සම්මානයෙන් පිදුම් ලබන ලදී. ඩලස් නගාධිපති ගරු මයික් රවුලින්ස් මහතා විසින් මෙම සම්මානය පුදන ලද අතර මෙය ශ‍්‍රි ලංකීය සම්භවයක් සහිත ව්‍යයවසායකයන් වෙත පුදන ලැබු ප‍්‍රථම අවස්ථාවයි.

ටෙක්සාස් විශිෂ්ඨතම ව්‍යවසායකයා ඩලස් නුවර, ටෙක්සාස් ප‍්‍රාන්තය - 2012

ටෙක්සාස් ආණ්ඩුකාර රික් පෙරි මහතා විසින් අප සමාගමේ සභාපති සුසන්ත සිසිල්චන්ද්‍ර මහතාට විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් සඳහා පිරිනමන ආණ්ඩුකාරවරයාගේ සම්මානයෙන් පුදන ලදී. මෙය ටෙක්සාස් ප‍්‍රාන්තයේ වසරකට තෝරාගත් විශිෂ්ඨකම ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් පිරිනමන ව්‍යවසායක සම්මානයකි.

ඩලස් ව්‍යාපාරික සඟරාවේ ව්‍යවසායක සම්මානය -2013

අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලතම ව්‍යවසායකයන් සඳහා වු ව්‍යාපාර සඟරාව විසින් වාර්ෂීකව පවත්වන සම්මාන උලෙලෙදී අමෙරිකාවේ ප‍්‍රධාන ජාතිය නොවන ව්‍යවසායකයින් සඳහා දෙන විශිෂ්ඨතම තරුණ ව්‍යවසායක සම්මානය සුසන්ත සිසිල්චන්ද්‍ර මහතාට පිරිනමන ලදී. අමෙරිකාවේ සුපිරි ව්‍යාපාර වල නියැලි සිටින ව්‍යවසායකයින් අතරින් තෝරා ගත් ව්‍යවසායකයින් පිරිසකට මෙම සම්මානය පුදන ලද අතර ශ‍්‍රී ලාංකීක සම්භාවක් සහිත ව්‍යවසායකයෙකුට හිමි වු ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

Facebook page - Riococo Coir Substrate







 උපුටා ගෑනීම -   - http://lakpuvath.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews