POSTED ON Wednesday, September 18, 2013| | Edit Post
 මෙම මස 14 දින සිට 22 වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් ඉතා වටිනා සුවිශේෂි මෘදුකාංගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තූවේ සිසුන් පිරිසක් නිර්මාණය කර තිබේ. 

ඩයලොග් සමාගම සහ ශි‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මේ සදහා සහයෝගය ලබා දේ. 

Book Seeker නමින් හදුන්වන මෙම මෘදුකාංගය නිර්මාණය කළ සිසුන් කණ්ඩායමේ සාමාජිකයෙකූ වන සුබෝධ චාල්ස් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්. Facebook page -  Bookseeker

මෙම මෘදුකාංගය කි‍්‍රයාකාරීත්වය කෙටියෙන් කිවිවොත්?
යමිකිසි කෙනෙකූට කොළඔ අන්තර්ජාතික පොත් ප‍්‍රදර්ශනයේදී සොයා ගැනීමට අවශ්‍ය පොතක නමක් SMS එකක් ලෙස තමන්ගේ ඩයලොග් දුරකතනයෙන් අප වෙත යොමු කළ විටල එම පොත පොත් ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇති පොත් ප‍්‍රකාශකයන්ගේ නමි ඔවුන් සිටින ප‍්‍රදර්ශන කූටි අංක සහ එම කූටි පිහිටා ඇති ස්ථාන නිවැරදියම එම පුද්ගලයාට SMS පණිවුඩයකින් ලබා දීමයි මෙමඟින් සිදුවන්නේ. මෙමඟින් පොත් ප‍්‍රදර්ශනයට යාමට පෙර නිවසේ සිට වුවත් අපේ මෘදුකාංගය භාවිතා කොට තමන්ට අවශ්‍ය පොත් පිළිබදව විස්තර සොයාගත හැකියි.

කොහොමද ඔබ ඇතූඵ කණ්ඩායමට මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමට අදහස පහළ වුනේ?
පසුගිය අවුරුදු වලදී පොත් ප‍්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ගිය අපට සිදුවන අවශ්‍ය පොත් සොයාගැනීමට ප‍්‍රදර්ශන කූටියෙන් කූටියට ගොස් එම පොත් ඇත්දැයි සොයා බැලීමට ප‍්‍රදර්ශනයට තබා ඇති කූටි සංඛ්‍යාවල එය නැරඹීමට එන අතිමහත් ජන සංඛ්‍යායව වැනි සාධක එකතූ වුනාම පොතක් මිලදී ගැනීමට හැකි නිවැරදි ස්ථානය සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බව අපට වැටහුනා. ඒ නිසා එම ගැටලුව මග හරවා ගැනීමට විසදුමත් ලෙයසි මෙම Mobile application එක නිර්මාණය කරන්න හිතුවේ.

කෙසේද මෙම සේවාව මහජනතාව ලබා ගන්නේ?
මුලින්ම කෙටි පණිවිඩයක් මගින් මෙම සේවාවට Register විය යුතූයි ඒ සදහා reg හිස්තැනක් isk ටයිප් කරල 77115 කෙටි පණිවුඩයක් යොමු කරන්න (reg isk)

පොතක් සොයන්න අවශ්‍ය වුනාම isk හිස්තැනක් පොතේ නම ටයිප් කරල 77115ට SMS කරන්න. උදාහරණයක් විදිහය හිතන්න කෙනෙකූට මඩොල් දුව පොත හොයන්න අවශ්‍ය වුනා කියලා. එතකොට කරන්න ඕනේ reg කියල ටයිප් කරල 77115ට SMS කරන එක විතරයි. register වීම පළමුවෙනි වතාවක් පමණයි කරන්න ඕනේ. ඊට පස්සේ Book Fair එක පුරාවටම අපේ සේවාව ලබා ගන්න පුලුවන්. ඩයලාග් ආයතනයේ ideamark Platform එක මේ සදහා භාවිතා කරනවා.

ඔබේ මෙම Mobile Application එකේ අනෙකූත් විශේෂත්වයන් මොනවද?
ඔබට අවශ්‍ය පොතේ නම නිවැරදිවම අක්ෂර වින්‍යාසය (spellings) නොමැතිව අප වෙත එවිවත් අපේ මෘදුකාංගය විසින් එවැනි දෝෂ නිවරදි කරනු ලබනවා. එම නිසා ඔබට අවශ්‍ය පොතේ නම නිවැරදිවම දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඔබ සොයන පොත පොත් ප‍්‍රදර්ශනයේ නොමැති නම් හෝ ඔබ විසින් එවා ඇති පොතේ නමෙහි වැරදි විශාල වශයෙන් පවතී නම් අප ඔබ වෙත කෙටි පණිවිඩයකින් යෝජනා කරනවා එම පොතට ආසන්න නම් සහිත පොත් කිහිපයක නාමයන්. වැනි සුවිශේෂිතා රැක් මෙම සේවාව මගින් ඔබට අත් විදීමට පුළුවන්. 

කවදා සිටද ඔබගේ මෙම සේවාව ජනතාවට විවෘත වන්නේ?
අප මම මෘදුකාංගය එළි දක්වා තිබෙන්නේ පසුගිය බදාදා සිටයි (සැප්තැම්බර් 11). එනම් නිසා පොත් ප‍්‍රදර්ශනය ආරමිභ වීමටත් පෙර සිටයි. මෙම ලිපිය කියවන සැමගෙන් අපි ඉල්ලා සිටිනවා සාහිත්‍යකාමී සියලු දෙනා වෙත මෙම පණිවුඩය රැගන යන ලෙසත්.

ඔබට මේ වෙනුවෙන් උදවි උපකාර කළ අය කවුද?
අපේ විද්‍යූත් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ ආචාර්ය මණ්ඩලය මහාචාර්ය දිලීකා ඩයස් මැතිනිය, ඩයලොග් ආයතනය, ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයනගේ සංගමය සහ අපේ මිතූරන් රුසක් මේ සදහා උදවි කළා. ඔවුන්ට අපේ ස්තූතිය හිමි වෙනවා.

උදා වු සාහිත්‍ය මාසයේ පොතින් පතින් ඔබගේ මනදොළ පුරවාගැනීමට කොළඔ අන්තර්ජාතික පොත් ප‍්‍රදර්ශනව වෙත පිය නගන ඔබට මෙම Book Seeker මෘදුකාංගය සැබැවින්ම ප‍්‍රයෝජනවත් වනු ඇති බව අපේ හැගීමයි.

පොතේ නම                                 යැවිය යුතූ  SMS පණිවිඩය
මඩොල් දුව                                      Isk Madol Doowa
යුගාන්තය                                        Isk yuganthaya
The Monk Who Sold His Ferari         Isk The Monk Who Sold his Ferari
The Alchemist                                Isk The Alcheist
මිනිත්තූ එකලහේ කතාව                     Isk miniththi ekalohe kathawa

උපුටා ගෑනීම -  Read more: http://www.33000.lk/2013/09/book-seeker.html#ixzz2fEuBB200 
Follow us: 33000lk on Facebook

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews