POSTED ON Sunday, September 15, 2013| | Edit Post
ලාෆ් සමුහ ව්‍යාපාරයට වාණිජ බැංකු ක්ෂේත්‍රයට පිවිසීමට ඇති හැකියාව පිළිඹඳව මේදිනවල එහි ඉහල කළමනාකාරිත්වය සාකච්ජා කරමින් සිටියි.

දැනට මුල්‍ය වෙළඳපොලට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින කාගිල්ස් බැංකුවට බලපත්‍ර ලබාදුන් සැනින් එම කරුණ පදනම් කරගෙන ඔවුන්ටද බලපත්‍ර ලබදෙනමෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට ඔවුන් බලාපොරොත්තුවේ.

කෙසේ වෙතත් කාර්ගිල්ස් සඳහා බලපත්‍ර ලබාදීම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතී . මේ වන විට මෙමෙ ඉන්දීය හිමිකාරිත්වයක් සහිත කාර්ගිල්ස් ආයතනයට බැංකු පුළුල් කිරීම පමණක් නොව ඔවුන්ගේ සිල්ලර වෙළඳසැල්ද පුළුල් කිරීමද ගැටලුවක්ව පවතී.

රජයේ ප්‍රබලතම ප්‍රභූවරයෙක් පවසා සිටියේ මෙම සිල්ලර වෙළඳජාල ඒකාධිකාරය තුලින් සාමාන්‍ය සිල්ලර වෙළඳ ප්‍රජාව වෙත වෙළදාම අහිමි වන බවත් මෙනිසා ඔවුන්ගේ වර්ධනය සිමා කලයුතු බවත්ය.

මේ අනුව ගත්කල කාර්ගිල්ස් බැංකුව වෙත බලපත්‍ර ලබාදුන හොත් එය තුලින් සුළු හා මාධ්‍ය පරිමාණ අදායම් ලබන්නන් ඉලක්ක ගතකොට සේවා සපයන රාජ්‍ය සහ පුද්ගලික බැංකු වෙත දැඩි අභියෝගයක් එල්ල වේ.

තවද මේවන විටත ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මුල්‍ය ක්ෂේත්‍රයේ තිබිය යුතු ප්‍රමාණයටත් වඩා වැඩි මුල්‍ය ආයතන ප්‍රමාණයක් පවතින අතර මේ හේතුව මත මුල්‍ය ආයතන කෙසේ හෝ ලබා ඉපයීම සඳහා නීති විරෝධී වෙළඳ පොළ තරඟයට පිවිසීම මත සමස්ත මුල්‍ය ක්ෂේත්‍රයම අවධානමට ලක්ව පවතී.

මේ වැනි කරුණු හේතු කොටගෙන දැනටමත් CIFL, කෙන්රිච්, ද ෆිනෑන්ස්, සණස සංවර්ධන බැංකුව ආදිය මුල්‍ය ගැටළු ගණනාවකට මුහුණ දෙමින් සිටියි.

Read more: http://www.33000.lk/2013/09/laugfs-bank.html#ixzz2eyN7hxMH
Follow us: 33000lk on Facebook

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews