POSTED ON Sunday, September 15, 2013| | Edit Post
ඔබත් නව නිපැයුම්කරුවෙක් නම් මේ ඔබට ආදර්ශයට ගතහැකි චරිත කිහිපයකි...
ලෝකයේ ඇතැම් වැදගත් නව නිපැයුම් බිහිකළ මිනිසුන් මියගොස් තිබෙන්නේ ද එම නව නිපැයුම් හේතුවෙන් ම ය. පහත දැක්වෙන්නේ එවැනි දස දෙනෙක් පිළිබඳ විස්තරයකි.

1. හෙන්රි ස්මෝලින්ක්සි 1973 වසරේදී මියගියේ තමන් විසින් ම සොයාගත් මිසාර් නමැති පියාඹන මෝටර් රථය හේතුවෙනි. පියාසැරියක් අතරතුරදී එම මෝටර් රථ ගුවන්යානයේ දකුණු තටුව ගැළවී ගිය අතර, එය කඩාවැටීමෙන් ඔහු මිය ගියේ ය.

2. 16 වැනි සියවසේ විසූ හෙන්රි වින්ස්ටැන්ලි, ඉංගී‍්‍රසි ජාතික ඉංජිනේරුවකු සහ සිත්තරකු විය. එසේ ම ඔහු එඩීස්ටෝන් ප්‍රදීපාගාරයේ ද නිර්මාතෘවරයා ය. 1703 වසරේ මහා කුණාටුව හමන විට එයින් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ ඔහු, එය කඩාවැටී-එයට ම යටවී මළේ ය.

3. 19 වැනි සියවසේ විසූ ඔටෝ ලිලියන්තාල් ග්ලයිඩරය සොයාගත් නව නිපැයුම්කරුවා ය. වරක් පියාසැරියක් අතරතුරදී ඔහුගේ ග්ලයිඩරය හිටිහැටියේ නතර විය. ප්‍රතිඵලය වූයේ අඩි 50ක් ඉහළ අහසේ සිට බිම වැටීම නිසා සුෂුම්නාව බිඳී ඔහු මිය යාමයි.

4. අමෙරිකානු ජාතික විලියම් බුලොක්, රොටරි මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීම මගින් 19 වැනි සියවසේ මුද්‍රණ කර්මාන්තය විප්ලවයකට ලක් කළේ ය. ඔහු මිය ගියේ, මුද්‍රණ යන්ත්‍රයට පාදය හසුවී-එය නරක් වී ගැන්ගි‍්‍රන තත්ත්වයට පත්වීම නිසා ය.

5. ඇලෙක්සැන්දර් බොද්ගානොව් රුධිර පාරවිලයනය සොයාගත් මහා රුසියානු විද්‍යාඥයා ය. වයස අවුරුදු 45දී ඔහු මිය ගියේ විෂබීජ සහිත රුධිර සාම්පලයක් ඔහුට ලබාදීම නිසා ය.

6. විද්‍යාඥ හෝරස් හන්ලේ වයස අවුරුදු 40දී හෙවත් 1863 දී මිය ගියේ, තමන් ම සොයාගත් සබ්මැරීනයේ නැඟී පුහුණු අභ්‍යාසයක් සිදුකරන අතර, එය ගිලී යාම නිසා ය.

7. තෝමස් මිග්ඩ්ලේ, ආබාධිත රෝගීන් ව සයනයෙන් ඔසවා තබන ආධාරක තාක්ෂණය සොයාගත්තේ ය. ඔහු මිය ගියේ එහිම තිබූ රැහැන්වල පැටලී ගෙළ සිරවීම නිසා ය.

8. ලී සී, ක්‍රිස්තු පූර්ව 280 සිට 208 දක්වා චීනයේ කොටසක් පාලනය කළ ප්‍රාදේශීය අධිරාජ්‍යයෙකි. ඔහු, සතුරන් ව පස් ආකාරයකින් වේදනාවට පත් කර මරා දැමිය හැකි වධ බන්ධන උපකරණයක් සොයාගත්තේ ය. පසුකාලීන ව රාජ්‍ය ද්‍රෝහී චෝදනාව මත ඔහුට හිමි වූ දඬුවම, පණ පිටින් සිටියදී ඔහුම සොයාගත් වධක ක්‍රම මගින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පහක් කපා ඉවත් කිරීමයි.

9. ෆ‍්‍රාන්ස් රෙයිෂෙල්ට් පැරෂුටය සොයාගත්තේ ය. 1912 දී ඔහු මිය ගියේ පරීක්ෂණයක් සඳහා අයිෆල් කුලුනෙන් බිමට පනින විට පැරෂුටය දිග නොහැරීම නිසා ය.

10. 1867-1934 සමයේ විසූ මාරි කියුරි රේඩියම් සහ පෝලෝනියම් මූලද්‍රව්‍ය සොයාගැනීම නිසා ලෝක සම්භාවනාවට පත් වූ පෝලන්ත ජාතික විද්‍යාඥවරියකි. පසුකලෙක සොයාගත්තේ ඇගේ මරණයට හේතුව, විකිරණශීලී මූලද්‍රව්‍ය සමඟ අනාරක්ෂිතව දිගුකලක් වැඩකිරීම නිසා ඇගේ ශරීරය විකිරණවලට �ූවන් බවයි.

 ඇසුරිනි
හංසිකා ජිනාදරී

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews