POSTED ON Wednesday, September 4, 2013| | Edit Post
ලංකාන්ඩුවෙන් අලුතින් අධිවේගි මාර්ගයක් හදල කොළඹ ඉඳලා කටුනායකට යන්න. මම පුද්ගලිකව හිතන විදියට හරිනම් ඕක තමයි කලින්ම හැදෙන්න ඔන එක්ස්ප්‍රස් හයි වේ එක. අපි හොඳ වෙලාවට දඩ ගහන්න කලියෙං ඒක ඇතුලට ගිහිං බලල ආව. දැන්නං ඇතුල්වෙන අයට දඩ ගහනවාය. ඒ නව අධිවේග මාර්ගයට ඇතුල්වුනොත් දඩය රුපියල් ලක්ෂයක්ය කියලා වෙබ් අඩවි නිවුස් වල තිබුනා. දැන් ලක්ෂයක් ඇති මිනිහෙක් ඇරෙන්න ඕකට කවුරුත් යන එකක් නැහැ.අපිනං පූරුවෙ පිනකට වගේ කලිං ගිහිං ආවා.


මොන දේටත් කලිංයෙන් අපි ෆුඩ් සිටියට ගොඩවෙලා කොකා කෝලා අරගෙන උන්නා. කොකා කෝලා කියන්නෙ ඇට දිරන බීමක්. බොන්නත් හොඳ නැහැලු. මම වැඩිය මනාපයක් නැති වුනත් ඉතිං. ඔන්න මං ඕවට ආස නැහැ. මට බැහැ කියලා පොඩි එකා වගේ කෑ ගහල පෙරලි කරන්න ගියෙ නැහැ. උන් යන විදියට යනවනං ඉතිං පොඩ්ඩක් ඕක බිව්ව කියල අවුලක් නැහැ නෙව. පස්සෙ අපි කලේ සීදුවෙ ටේස්ටි ජේ එකෙන් රුපියල් සීයට මැක්සා(රයිස් එකේ නම නොවේ) රයිස් ගත්ත එක. සීයට ගත්තා කිවෙ වංචා කරා කියන එක නෙමෙයි. ඒකෙ සෝක් රයිස් එකක් රුපියල් සීයකට දෙනවා. අපි එයින් දෙකකුත් ගත්තා. තව ඉතිං බයිට් ආදියත් අපි ෆුඩ්සිටි එකෙන්ම ගත්තා.
අපි මේ ඇතුල්වෙන්න යන්නෙ කටුනායක අධිවේගි මාර්ගයට කටුනායක පැත්තෙන්. ඒ පැත්තෙ මීගමු ප්‍රධාන පාරෙන් උඩට තියෙන තැනින් තමයි අපි ඉහලට ගියේ. 

මහ ජනතාව බයිසිකල් පුස් බයිසිකල් වලිනුත් ඇවිත්. අධිවේගි මාර්ගයට පුස් බයිස්කල් නිකං නොගැලපෙන ගතියක් තියෙනවා. ඒත් ඉතිං මේකෙ වැඩකරන සේවකයෝ හෙම පුස් බයිසිකල් වලින් යනවා එනවා. නැත්තං පයිං යන්න පුලුවන් දුරක්යැ තියෙන්නෙ. එක වැඩකරන තැනක ඉදලා තවත් වැඩකරන තැනකට ටිකක් දුරයි. ඉතිං බයිසිකල් වල යන එක එයාලට ලේසි ඇති. 

මේ මීගමු කලපුව. මේ පාර විවෘත කරපු දවසක කටුනායක යන ජනතාවට මීගමු කළපුවේ මනරම් දසුන් නරඹන්න අවස්ථාවක් ලැබෙනවා. මීගමු කලපුවේ ලක්ෂණ කොටසක් මේ අධිවේගි මාර්ගයට හසු වෙනවා. මීගමු කලපුවේ මාලු අල්ලන ඔරු ආදියත් පේන්න ඇති. ඒත් අපිට බලාගන්න බැරි වුනා. අපි ටිකක් ඈතට ගිහිල්ලම නවතින්න හිතා ගත්තා. 
යාලුවා මොකද්ද පාර්සලයක් පෙන්වනවා. මේ යාලුවො දෙන්නා තමයි අපේ ගමන සංවිධානය කලේ ගමන කිව්වට ලොකු බක්කක් නැහැ. බයිසිකල් තුනයි. මිනිස්සු හයයි හෝ පහයි. කෝම වුනත් සංවිධාන කටයුතු හොදට තිබුනා. අධිවේගි මාර්ග සයිට් එක නිර්මාණය වෙච්චි ලක්ෂන පරිසරය නිසා අපිට බලන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තිබුනා. 

පෙන්නුම් කරන විදියට මේක තවත් පිවිසුමක් වෙන්න ඇති. ඒ  මාර්ග සයිට් එකේ පිරිස සෙල්ලම් කරනවා. අහස කලුවෙලා තිබුනා. අපි බයවුනා වහී කියලා. නමුත් හොඳ වෙලාවට වැස්සෙ නැහැ. මෙතන බිල්ඩින් තුන හතරක් හදල තියෙන්නෙ මොකක් හරි නවාතැනක්ද දන්නත් නැහැ. 

මේ මාර්ගයේ බොහෝමයක් තැන් හදලා තියෙන්නෙ වගුරු බිම මීටර් කීපයක් යනතෙක් මුහුදු වැලි සහ වෙනත් පස් වලින් පුරවලා. මේ විදියෙ ලොකු යකඩ ඇත්තු ගොඩාියක් මෙ ්සයිට් එකේ වැඩකරන්න ඇති. ස්වාභාවික පරිසරයට යම්තාක් හානියක් වුනත් පාර හැදුවාම නම් කිරි ටොපිය වගේ ලක්ෂණයට තියෙයි කියලා මට හිතුනා. 

මුතුරාජවෙල කියන අභය බූමිය හරහා තමයි මේ අධිවේග මාර්ගේ කොටසක් වැටිල තියෙන්නෙ. මේ වෙල අබයභූමියක් වුනාට මොකද මේළඟම මාලු බාන අයියල වගේකුත් අපි දැක්කා. හැබෑට අභය භූමි වල දැල් ගහලා මාලු බාන්න හැකිද? 

මේ ඉන්නෙ මාලු බාන්න සෙට් වෙච්චි අයියලා වගයක්. මේ අය මාලු බාන්නෙ පරණ ලන්දේසි ඇලේ වෙන්න අති කියලා අපි එක්ක ගිය විද්වතුන් අදහස් දැක්වුවා. ඒ ලන්දේසි ඇල හැමිල්ටන් ඇලද නැත්තං වෙන එකක්ද කියලා දන්නෙ නැහැ. නමුත් ලන්දේසි කාරයො මහපාරවල් හදනවාට වඩා ඇලවල් හදන්න දක්සයෝ වුනා. උන් මහා මාර්ග හදනවාට වඩා ඇලවල් හදලා පාරු උඩින් යන්න ආස කරපු ජාතියක්. එක යාලුවෙක් කිව්වා මීගමු කලපුව මැදිනුත් ඇල තිබුනාලු ඉස්සර. ඒක නම් මට සැකයි. ඇලක් තිබුනාම කියමු. කෝමද යකෝ ඒකෙ යන අලුත් ඇමේචර් ඔරු කාරයා මේ ඇල තියෙන තැන කියලා හරියට දැනගන්නෙ.

මේ අධීවේගි මාර්ගෙ නම් දූවිල්ල අඩුයි මහා මාර්ගෙට වඩා. වත්තල ජා ඇල දිහා මහ එපා කරපු දූවිල්ලක් තියෙනවා සාමාන්‍ය පාරෙ කටුනායක යනකොට. ඒක ඒ සී වාහන වල යන අයට දැනෙන් නැහැ. නමුත් බස් වල බයික් වල යන අයට තේරෙනවා ඇති දූවිල්ල. ඒ කටුනායක කොළඹ පාර අයිනෙ ගස් අඩුයි. ජා ඇල ටවුමෙ තිබුන ගස් වගේකුත් කපලා තිබුනා මම දැක්කා. ජා ඇල පොලිසිය ගාව තිබුන තඩි මාර ගහක් ඒම සෝක් එකට පෙරලලා දාල තිබුනා. අපේ සමාර අය සංවර්ධනේ දකින්නෙ දුඹුරු පාටට. ඒ යක්කුන්ට ගහ කොලක් පේන්න බැහැ. මේ අධිවේගි පාරේ මේ විදියට මැද ලයින් එකේ ගහ කොළ වවල තිබුනා. ඒවා දිගටම තිබුනොත් ලක්ෂණට තියේවි. මාර ගස් සියඹලා ගස් තියෙන පාරක යනකොට තියෙන සනීපෙ නිකං තට්ටෙ ගාපු වාගේ දෙපැත්තෙ ගස් නැති පාරක යනකොට දැනෙන් නැහැ. කෝම වුනත් ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්න මේ විදියට හරි උත්සාහ කරපු එක ලොකු දෙයක්. 

සාමාන්‍යෙයෙන් වගුරු බිම් වගේ ජනශුන්‍ය පැතිවලින් තමයි ලයිට් වයර් ආදිය අදින්නෙ. විශාල ධාරිතාවක විදුලි රැහැන් වලින් මනුස්ස ජීවිත වලට යම් යම් හානි වෙනවාය කියලා විද්‍යාඥයන් අතර මතයක් තිබෙනවා. ඒ නිසා වයර් ටිකක් කැලෑවට වගුරට වෙන්න තමයි අදින්නෙ. දැන් අලුත් අධිවේගි මාර්ගෙත් මේ මිනිස්සු අඩු පලාතකින්ම ගහලයි තියෙන්නෙ. මේ ලයින් දෙක සමාන්තරව යනවා සමහර තැන්වලදි. ඒක ලක්ෂණ භූමි දර්ශනයක්. 

මේ වගේ තැනක වාඩිවෙලා නිදාගෙන පෙරලි පෙරලි පොටෝගන්න ආයි කවදා ලැබෙයිද? ඒ නිසා අපි ඇතිපදම් පින්තූර ගත්තා. අපි ගියේ ටිකක් හැන්දෑ වෙලාවක නිසා වාහන සහ සයිට් වල කස්ටිය වැඩිය නැහැ. ඒ නිසා අපිට පිංතූර සෝක් එකට ගන්න අවස්ථාව ලැබුනා. 

අපි අරං ගිහිපු බත් මුල් දෙකත් බයික් උඩ තියාගෙන ලිහාගෙන කාල බරපතල සංවාද වාද විවාද දෙක තුනකුත් කරල. අර කෝක් බෝතලෙත් බීල සතුටින් ගෙවල් වලට ආව. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපිට එන ගමන් පොලිස් මාමලා හමු වෙලා දඩ කොලයකුත් දුන්නා. වරද වුනේ පේමන්ට් එක උඩින් බයික් එක ගෙනියපු එක. ඒ පොලිස් මාමල දුප්පතාගේ දුක දන්න අය වෙච්චි නිසා හොදයි. නැත්තං ඉතිං... අහෝ ඛේදයකි..කූඩුවේ රැයකි. 
සික් ඒක එහෙම වුනානං තව පෝස්ට් එකක්.. සෙට් වෙනවා. ග්‍රෑන්පාස් පොලිසියේ රැයක්.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews