POSTED ON Wednesday, September 4, 2013| | Edit Post
ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක"චිත්‍රපටය තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනාගනු ලැබීය.ඒ පසුගිය අගෝස්තු මස 23දා සිට 30දා තෙක් රුසියාවේ පැවැති 3 වැනි අන්තර්ජාතික සකාලීන් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස රුසියානු විචාරක සංසදයෙන් පිරිනැමෙන සම්මානයයි.

රුසියාව, ජපානය, දකුණු කොරියාව, 
තායිලන්තය, පිලිපීනය, චෙක් ජනරජය, කසකස්තානය, ජර්මනිය සහ ප්‍රංසය නියෝජනය කරමින් චිත්‍රපට නවයක් මේ උළෙලේදී තරගකාරී අංශය නියෝජනය කරන ලදී.

මේ සම්මානය "ඔබ නැතුව ඔබ එක්ක" දිනූ පස්වැනි අන්තර්ජාතික සම්මානයයි. 43 වැනි ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය එහි ප්‍රධාන නිළි අංජලී පාටිල් විසින් දිනා ගන්නා ලද අතර ප්‍රංශයේ වෙසුල් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි "රන් පාපැදිය" සම්මානය සමඟ නෙට්පැක් ජූරියෙන් හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනැමෙන නෙට්පැක් සම්මානයද "ඔබ නැතුව ඔබ එක්ක" දිනාගත් අතර, ඉතාලියේ මිලානෝවේ අප්‍රිකා, ආසියා, ලතින් ඇමෙරිකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සිග්නීස් ජූරියෙන් පිරිනැමෙන "සිග්නීස්" සම්මානය ද දිනා ගැනීමට "ඔබ නැතුව ඔබ එක්ක" සමත් විය.

තොරතුරු සැපයීම - Ramal kulathunga

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews