POSTED ON Wednesday, September 4, 2013| | Edit Post
මෙලමයින්, ඞී.සී.ඞී, නයිට්රේට්, සත්ත්ව තෙල් හා ෆාම් තෙල් වලට අමතරව පල්දෝරුවට යැවිය යුතු  “Permeate” ද ෆොන්ටෙරා කිරිපිටිවල ඇත

ෆොන්ටෙරා සමාගම මගින් නිපදවන පිටිකිරි ලොවේ අංක එකේ නැවුම් එලකිරි ලෙස වියළා සකසාගත් කිරිපිටි බවට මාධ්‍ය ඔස්සේ පවසා මුළු ලෝකයම අල්ලා ගත්තද අදවන විට ඔවුන් විසින් නිපදවන කිරිපිටි නොවන කිරිපිටි ගැන ලෝකයාට එලිදරව් වීමට පටන්ගෙන ඇත.

මෙතෙක් කල් අප විසින් පෙන්වාදුන් පරිදි ෆොන්ටෙරා සමාගම විසින් ඔවුන්ගේ කිරිපිටිවලට මෙලමයින්, ඞී.සී.ඞී., නයිට්රේට් හා වෙනත් තෙල් වර්ග මිශ‍්‍ර කරන බව අදවන විට ඔප්පු වී ඇත.  එමෙන්ම එය පිළිගැනීමට ද ෆොන්ටෙරා සමාගමට සිදුවී ඇත. මෙම ද්‍රව්‍ය වලට අමතරව Fonterra සමාගම මගින් මහා පරිමාණ වශයෙන් නිපදවන චීස් හා Whey Protein වල අපද්‍රව්‍යයක් වන Permeate ැ නැමැති කොටස ද වියළා මෙම කිරිපිටිවලට කලවම්කර ඇත.  ඒ ගැන නවසීලන්තයේ මාධ්‍ය මගින් ද මේ බව ප‍්‍රසිද්ධ කර ඇත.

මොනවද මේ අපි නොදන්නා  “Permeate”

Permeate යනු බටර් හා චීස් නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන දියරය Ultrafiltration නැමැති ක‍්‍රමවේදයට ලක්කර වේප්‍රෝටීන අයින් කරගත් පසු ඉතිරිවන දියරය වේ.  මෙහි සැලකිය යුතු Lactose ප‍්‍රමාණයක් හා චීස් හා වේප්‍රෝටීන ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේදී එක්වන වෙනත් ද්‍රව්‍යයද මුසු වූ ඉවතලන අපද්‍රව්‍යයක් වේ.  මෙය පල්දෝරු වෙත යැවිය යුතු අපද්‍රව්‍යයක් මිස කිරි ලෙස භාවිතා කළ යුතු ද්‍රව්‍යයක් නොවේ.  මෙම අපද්‍රව්‍ය කිරිවලට එකතු කිරීම සාධාරණීකරණය කරනුයේ වර්ෂය පුරාම කිරිවල ප්‍රෝටීන අගය (දියර කිරිවල) 3% ක් බවට තබාගැනීම සඳහා බවත් මෙම Permeate යනු කිරිවලම කොටසක් නිසා එය එකතු කිරීම ප‍්‍රශ්නයක් නොවන ලෙස  ෆොන්ටෙරා තර්ක ඉදිරිපත් කරයි.  නැවුම් කිරිවල ප්‍රෝටීන ප‍්‍රමාණය එළදෙනට පැටියා ලැබූ විගස හා කිරි මුරයේ කාලය තුළ වෙනස් වේ.  එය 2% සිට 3.5% දක්වා වුවද වෙනස් විය හැක.  නවසීලන්තය වැනි කිරි ආර්ථිකයක් ඇති රටවල හැරෙන්න නැවුම් කිරිවල ප්‍රෝටීන ප‍්‍රතිශතය සඳහා සම්මත අගයක් වෙනත් රටවල නියම කර නැත.  නවසීලන්ත රජයට මෙම සමාගම්වල බලපෑම මත කිරිවලට නොයෙක් ද්‍රව්‍ය මුසුකර ලාභ කිරි නිපදවීම සඳහා අවස්ථාව ලබාදීම උදෙසා මෙම 03% සම්මත අගය එම රට තුළ ක‍්‍රියාත්මක වනවා විය හැක.  කිරි වලට Permeate එක්කිරීමේ ක‍්‍රියාවලිය  ඕස්ටේ‍්‍රලියාව තුළද ඉතා ඉහළින් කරගෙන යනු ලබයි.   ඕස්ටේ‍්‍රලියාවේ සමහර සමාගම් මගින් බෙදා හරින  UHT සහ Pasteurized කිරිවල මෙම Permeate මුසුකොට ඇති ප‍්‍රමාණය 12% ක් පමණ ඉහළ අගයක පවතී.

මෙම Permeate 12% ක් වැනි ඉහළ අගයක් ඇති කිරි එම රටවල වෙළඳපොලට විකුණන්නේ ද එම රටවල දියුණු යයි කියන පරිභෝගිකයාද රවටමින්ය.  එමෙන්ම නවසීලන්තයේ හා  ඕස්ටේ‍්‍රලියාවේ මෙම කිරිවල Permeate අඩංගු බව එම කිරි අසුරණයන්හි සඳහන් කර නොමැත.  මෙම බහුජාතික සමාගම් තම රටවල ජනතාව රවටා මෙවැනි අපද්‍රව්‍ය කිරි මෙන් විකුණනවා නම් කිසිත් පිටතින් සොයාගත නොහැකි පිටිකිරි අප වැනි රටවලට විකිණීමේදී මොන තරම් අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් එක්කරනවා ඇත්දැයි සිතාගත හැකිද?

හුදු ලාභය සඳහා සමස්ථ ලෝකවාසී ජනතාවටම වස හා රොඩු කවන මෙම සමාගම්වලට දැන් දැන් නරක කාලය උදාවී ඇත.  එයට ප‍්‍රධාන වශයෙන් එම සමාගම්වල මව්රටවල ජනතාව මෙම සමාගම් විසින් සිදුකරන අපරාධ හෙලිදරව් කිරීමෙන් එම ජනතාව එයට එරෙහිව නැගී සිටීම මෙයට හේතු වී ඇත.

මේ පිළිබඳව Fonterra හා Goodman Fielder යන නවසීලන්ත සමාගම්වලට විරුද්ධව එම රටවල ජනතාව හඩ නගා ඇති අතර මෙම සමාගම් දෙකම මෙම Permeate  නැමැති අපද්‍රව්‍ය තම කිරිවලට මුසුකරන බව පිළිගෙන ඇත.  එහෙත් ඔවුන් විසින් එකතු කරන Permeate ප‍්‍රමාණය ප‍්‍රකාශ කිරීම ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.  තවත් ආකාරයකින් කියතොත් මෙයින් ගම්‍ය වනුයේ ඔවුන් විසින් මෙම පිටතින් එකතු කරන Permeate ප‍්‍රමාණය ප‍්‍රකාශ කළ නොහැකි තරම් ඉහළ අගයක් වන බවයි.   ඕස්ටේ‍්‍රලියාව තුළද මෙවැනි කිරි Generic Brand වශයෙන් ද ගොවිපලවල නිපදවා වෙළඳපොලට එන කිරි වර්ග Premium Brand වශයෙන් නම් කරන්නට ද එම රටවල පාරිභෝගිකයින් පෙළඹී ඇත්තේ මෙම කිරි නොවන කිරි වලින් කිරි වෙන්කර හඳුනා ගැනීමටය.  Fonterra වැනි විශාල වශයෙන් කිරි නිපදවන සමාගම් මේ සඳහා ලබාදෙන පැහැදිලි කිරීම වී ඇත්තේ Permeate යනු කිරිවලම කොටසක් බැවින් ඔවුන් වරදක් කර නොමැති බවය.  තවදුරටත් පැහැදිලි කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ සුපිරි වෙළඳසැල් ජාලා මගින් ඉල්ලන අධික වට්ටම් ලබාදීම සඳහා මිලෙන් වැඩි පිරිසිදු එළකිරි යොදාගත නොහැකි හෙයින් මෙවැනි දෙයකට ඔවුන් පෙළඹී ඇති බවය.

මේ සියල්ලෙන් ගම්‍ය වනුයේ Fonterra වැනි සමාගම් ලාභය හා වෙළඳපොල පැවැත්ම සඳහා මෙවැනි සාපරාධී ක‍්‍රියා කරන බව හා ඒ බව ඔවුන්ට අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුවී ඇති බවයි.  තම රටේ එළකිරිවලට මෙවැනි ද්‍රව්‍ය දමනවා නම් අප රටට එවන පිටිකිරි ගැන තව තවත් ජනතාව විශ්වාසය නොතැබිය යුතුය.  එම නිසා මෙම සමාගම් විසින් කුමක් සඳහන් කළද ඔවුන් විසින් විකුණන භාණ්ඩයක් ශ‍්‍රී ලාංකිකයින් වශයෙන් අප මිලදී නොගත යුතුය.  ඒ සඳහා සමස්ථ ජනතාව දැනුවත් කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය හා දේශපාලන අධිකාරිය නවසීලන්ත හා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර්වලට යට වී මෙම සමාගම් වෙනුවෙන් බොහෝ නිදහසට කාරණා අප ඉදිරියේ තැබීමට ඉඩ ඇත.

මව්වරුනි ! පියවරුනි !! දරුවනි දැරියනි !!!
මෙම සමාගම් ඔවුන්ගේ ලාභය සඳහා පිටතින් එක්කරන අපද්‍රව්‍ය අප මෙතෙක් දන්නා ද්‍රව්‍යයන් මෙන්ම නොදන්නා ද්‍රව්‍යයන් ද මෙම පිටිකිරිවල අනිවාර්යයෙන්ම ඉදිරියේදීද අඩංගුවනු ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

සත්ත්ව තෙල්, ෆාම් තෙල්, මෙලමයින්, ඞී.සී.ඞී, නයිට්රේට් සහ පර්මියේට් නැමැති අපද්‍රව්‍ය ඇති බවට අද වන විට ඔප්පු  වී ඇත.  එමෙන්ම අකමැත්තෙන් හෝ ඒවා ඇති බවට මෙම සමාගම්වලට පිළිගන්නටද සිදුවී ඇත.  සමස්ථ ලෝක ජනතාවටම ආදරය කරන ලෝකයේ කොතැනක හෝ සිටින ජනතාවක් හෙට දවසේ මෙම සමාගම් ලාභය උදෙසා කරන කපටිකම් දිනෙන් දින හෙලි කරනු ඇත.

ජනතාවනි ඔබ සැම අවදියෙන් සිටින්න.  සමස්ථ ශ‍්‍රී ලාංකික ජනතාවම මේ ගැන දැනුවත් කරන්න.  කිරි වෙනුවට වස නොබොන්න.  ඒ වෙනුවට දේශීයව නිපදවන, දියර කිරි හා කිරි පිටි භාවිතා කරන්න.

වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි
සභාපති, ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය

උපුටා ගෑනීම -    http://lankacnews.com/sinhala/main-news/100386/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews