POSTED ON Wednesday, September 4, 2013| | Edit Post
DCD රසායනිකය අඩංගු බවට සැක කෙරෙව කිරිපිටි පැකට් මිලියක 200ක් වෙළද පොළට නිකුත් කර තිබුණත්, ඉන් ඉවත් කර තිබෙන්නේ කිරිපිටි පැකට් 252ක් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරන්නේ DCD නැමති විෂකාරකය අඩංගු බවට අයි.ටී.අයි ආයතනය ප‍්‍රකාශ කර සිටියදීත්, ඒ පිළිබදව කටයුතු නොකර, සෞඛ්‍ය අමාත්‍යංශය නිද්‍රාශීලීව කටයුතු කිරීමේ තරම මේ තුළින් පෙන්නුම් කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡවකදී මේ බව සදහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, DCD ප‍්‍රශ්නයේදී නිද්‍රාශීලීව කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යංශය ජූලි පළමුවැනිදා සිට වෙළද පොළට නිකුත් කළ කිරිපිටි වල DCD නොමැති බවට ප‍්‍රකාශ කරන්නට නම් පුළුල් ප‍්‍රචාරයක් ගෙනගිය බවයි.


රජයේම තාක්ෂණ ආයතනයක් DCD අඩංගු බවට තහවුරු කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබද තැකීමක් නොකර, කටයුතු කිරීම තුළින් සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබදව ජනතාව තුළ තිබූ විශ්වාසය පවා බි`ද වැටී තිබෙන බවද පාදෙනිය මහතා පවසා සිටියේය.

මෙවැනි ගැටලූවක් පැමිණි විට ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර අධිකාරිය වුවත් එහෙත් සාමාන්‍ය ජනතාව DCD වලට එරෙහිව අධිකරණ කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කළත්, මෙම පිරිස එවැනි කටයුත්තක්වත් සිදු කිරීමට කටයුතු නොකළ බවත් ඔහු සදහන් කළේය.

අඩුම තරමින් ගැටලූ ඇතිවූ පසු කිරිපිටි වර්ගය වෙළද පොළ තුළින් ඉවත් කිරීමේ කටයුත්තක්වත් නිවැරදි ආකාරයෙන් සිදු නොකිරීම නිසා මිලියන 200ක කිරිපිටි පැකට් වලින් වෙළද පොළ තුළින් ඉවත් කර තිබෙන්නේ පැකට් 252ක් පමණක් බවද සභාපතිවරයා කියා සිටියේය.

මේ නිසා ඉතිරි සියලූම කිරිපිටි පැකට් DCD සහිතව ජනතාව භාවිත කර තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.

කිරිපිටි සමග ජනතාවට විෂ කැවූ සමාගම දිනකට රටේ ජනතාවගේ රුපියල් මිලියන 131ක් ඩැහැගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/100541/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews